72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අනුග්‍රාහකත්ව පිරි නැමේ

IMG-20241122-WA0027

දෙසැම්බර් මස 1 වැනිදා සිට කොළඹ කේන්ද්‍ර කරමින් ක්‍රීඩාගාර 3ක පැවැත්වීමට නියමිත 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් අනුග්‍රාහකයන්ගේ දායකත්වය තීරණාත්මක භූමිකාවක් ඉටු කරනු ඇතැයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපලේකම් සහ තරගාවලි කමිටු ලේකම් ජාලිය ජයසේකර මහතා ප්‍රකාශ කළේය. මෙවර ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙමින් Mobil,  McFoil,  GAC,  3M,  ProSport Hub සහ Li-Ning ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සමඟ අත්වැල් බැඳගත්හ.
 



 
‘ඕනෑම ක්‍රීඩා ඉසව්වක සාර්ථකත්වය උදෙසා අනුග්‍රාහකයන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරනවා. මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධානතම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත් වූ සියලුම අනුග්‍රාහකයන්ට අපි ස්තූතිය පුද කරනවා.‘ 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලිය පිළිබඳ කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ජාලිය ජයසේකර මහතා  එසේ සඳහන් කළේය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ තාක්ෂණ කමිටු සභාපති රොෂාන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ තරගාවලි කමිටු සභාපති දිනේෂ් ජයවර්ධන මහත්වරු ද එම මාධ්‍ය හමුවට එක්වූහ.

මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය වෙළෙඳසේවා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය, ඔටර්ස් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරය කේන්ද්‍ර කරමින් දින 8ක් පුරා පැවැත්වෙන අතර, වාර්තාගත ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1,300කට ආසන්න පිරිසක් තරගාවලියට එක්වී සිටිති. ඒ අතුරින් 850කට වැඩි යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සංඛ්‍යාවක් පාසල් නියෝජනය කරමින් තරග වදිති.

මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ සමස්ත ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාග බෙදා දීමට කටයුතු යොදා ඇති අතර, මීට අමතරව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට, අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කෙරේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව