72 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියට අයැදුම්පත් කැඳවයි

Badminton

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරන 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට  8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරයේදී මෙන්ම වෙළෙඳ සේවා සහ ඔටර්ස් ක්‍රීඩා සමාජයේ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරවල පැවැත්වීමට නියමිත ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම මේ වන විට සිදුවන අතර, අයැදුම්පත් බාරගැනීම මෙම මස 19 වැනිදා  නිමාවට පත්වනු ඇත.
 



 
විවෘත, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ හා පළඟ ශූරතා වශයෙන් කාණ්ඩ 4කින් සමන්විත ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ කනිෂ්ඨ තරග අංශයට අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ අවුරුදු 19න් පහළ තරග ඉසව් ඇතුළත් වන අතර, අවුරුදු 30න් ඉහළ සිට 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ, 55න් ඉහළ, 60න් ඉහළ, 65න් ඉහළ, 70න් ඉහළ සහ අවුරුදු 100 හා 110 ඒකාබද්ධ වයස් කාණ්ඩය දක්වා ජ්‍යෙෂ්ඨ තරග ඉසව් පැවැත්වේ. කාන්තා හා පිරිමි ඒකල, යුගල හා මිශ්‍ර යුගල ඉසව් විවෘත තරග අංශයට ඇතුළත් වන අතර, කනිෂ්ඨ තරග ඉසව්වට බාලක බාලිකා ඒකල හා යුගල තරග ඉසව් ඇතුළත්ය. කාන්තා හා පිරිමි ඒකල, යුගල හා මිශ්‍ර යුගල තරග ඉසව් ජ්‍යෙෂ්ඨ තරග අංශයට ඇතුළත් වන අතර, විවෘත තරග අංශයේ අවසන් පූර්ව වටයේ පරාජිතයන් අතර පවත්වන පළඟ ශූරතා තරග අංශයට කාන්තා හා පිරිමි ඒකල තරග ඇතුළත්ය.

මෙවර ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ සමස්ත ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලියන 2ක මුදල් ත්‍යාගය පිරි නැමීමට බැඩ්මින්ටන් ආයතනය කටයුතු යොදා ඇති අතර, ඉන් 60% ක මුදල් ප්‍රමාණයක් විවෘත තරග අංශයේ තරග ඉසව් 5 සඳහා වෙන් කර තිබේ. කනිෂ්ඨ තරග අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර, මීට අමතරව සියලු ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීමට නියමිතය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව