71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ අවසන් තරග ඉරිදා (10) ක්‍රීඩා ඇමැති ප්‍රධානත්වයෙන්

IMG-20231208-WA0047 (LBN)

 



 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත අංශයේ අවසන් මහා තරග ලබන ඉරිදා (10)  ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වෙළෙඳසේවා බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට වැඩි ප්‍රමාණයක් එක්වී සිටින මෙවර තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරයේ, වෙළෙඳ සේවා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ සහ ඩී.එස්.සේනානායක ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, මූලික වටයේ තරග ඊයේ නිමාවට පත් විය. අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග සෙනසුරාදා (9) පැවැත්වීමට නියමිතය.

අවුරුදු 11  සිට අවුරුදු 19 දක්වා කනිෂ්ඨ තරග අංශය, අවුරුදු 30ට වැඩි සහ අවුරුදු 70ට වැඩි වශයෙන් ජ්‍යෙෂ්ඨ තරග අංශය සහ කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් විවෘත තරග අංශය ඇතුළත් ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ සිකුරාදා (8) පැවැති අවුරුදු 19න් පහළ බාලිකා ඒකල තරගය ජයගැනීමට රනිත්මා ලියනගේ සමත් වූ අතර, බාලක ඒකල තරගයේ ජය සිනෙත් මන්තුකට හිමි විය. එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරගයේ ජය හිමි වූයේ දසිත්මා ජයතිලකට සහ සිතුකි ඔනාදිට ය. මේ අතර එදිනම පැවැති අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩයේ බාලක ඒකල තරගය ජය ගැනීමට රෙෂාන් හරිත් සමත් වූ අතර, කාන්තා බාලිකා ඒකල තරගය දිලිනි අම්බලන්ගොඩගේ දිනා ගත්තාය. එම වයස් කාණ්ඩයේ බාලක යුගල තරගයේ ජය සනුද ආරියසිංහට සහ තිසත් රන්තුකට හිමි වූ අතර, දිලිනි අම්බලන්ගොඩගේ සහ සඳති දෙව්මිණි බාලිකා යුගල තරගය ජය ගත්හ.

අවුරුදු 15න් පහළ බාලක ඒකල තරගය ජය ගැනීමට සෙනුත් පෙරේරා සමත් වූ අතර, බාලක යුගල තරගයේ ජය කෙනෙත් අරුක්ගොඩ සහ සෙනුත් පෙරේරාට හිමි විය.

අවුරුදු 13න් පහළ බාලක ඒකල තරගය ජය ගැනීමට තමිඳු ප්‍රනාන්දු සමත් වූ අතර, බාලිකා ඒකල තරගයේ ජය සසඳි ගුරුගේ දිනා ගත්තාය. එම වයස් කාණ්ඩයේ බාලක යුගල තරගයේ ජය තමිඳු ප්‍රනාන්දු සහ සෙනුද නෙතිල දිනා ගත් අතර, බාලිකා යුගල තරගයේ ජය සසඳි ගුරුගේ සහ මනුලි වරාවිටගේට හිමි විය.

අවුරුදු 11න් පහළ වයස් කාණ්ඩයේ තරග අංශයේ බාලක ඒකල තරගය ජයගැනීමට හංසක රෂිමින්ද සමත් වූ අතර, බාලිකා ඒකල තරගයේ ජය විත්සදී කෞෂල්‍යාට හිමි විය. එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරගය ජය ගැනීමට රිසිඳි අකිත්‍යා සහ ෆාතිමා ඉෂ්මා සමත් වූහ.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 16 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව