71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය දෙසැම්බර් 4 දා සිට

9Y1A6498 (LBN)

 



 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය  මෙහෙයවනු ලබන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය  දෙසැම්බර් මස 4 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වේ. Mobil,  McFoil, 3M, Rovin Ads Creative  Services  (pvt) Limited  සහ Li Ning  අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

දහසකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ සියලු තරග බැඩ්මින්ටන් ආයතන ක්‍රීඩාගාරයේ, වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩාගාරයේ සහ ඩී.එස්.සේනානායක විදුහල් බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අද (28) වන විට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් පදනම් කරමින් තරග පෙළ ගැස්ම සකස් කිරීමට නියමිත අතර,  30 වැනිදා පෙරවරු 11.00ට කොළඹ 7, කේම්බ්‍රිජ් ටෙරස් හි අංක 2 ස්ථානයේදී තරග පෙළගැස්ම සිදු කිරීමට නියමිතය.

තරගාවලියේ  සමාරම්භක උත්සවය දෙසැම්බර් මස 4 වැනිදා පැවැත්වෙන අතර, මූලික තරග වටය ද එදින ආරම්භ කෙරේ. අනතුරුව 5 වැනිදා සිට 7 වැනිදා දක්වා මූලික තරග වටය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටය සහ අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙසැම්බර් මස 8 වැනිදා පැවැත්වෙන අතර, දෙසැම්බර් මස 9 වැනිදා අර්ධ අවසන් පුර්ව වටය සහ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙනු ඇත.දෙසැම්බර් මස 10 වැනිදා අවසන් තරග පැවැත්වීමට සහ ත්‍යාග ප්‍රදානෝත්සවය  සිදු කිරීමට නියමිතව ඇත.

වයස අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය දක්වා කනිෂ්ඨ අංශයේ තරග පැවැත්වෙන අතර, අවුරුදු 30ට වැඩි වයස් කාණ්ඩයේ සිට අවුරුදු 70ට වැඩි වයස් කාණ්ඩය දක්වා ජ්‍යෙෂ්ඨ අංශයට ඇතුළත්ය. කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග විවෘත අංශයට ඇතුළත්ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව