71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ 19න් පහළ ඒකල ශූරයා සිනෙත් – ශූරිය රනිත්මා

GS U19 Ranithma Liyanage (LBN)

 



 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක ඒකල තරග අංශය ජය ගැනීමට සිනෙත් මන්තුක රූපතුංග සමත් වූ අතර,  එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශයේ ජය රනිත්මා ලියනගේට හිමි විය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරයේ, වෙළෙඳ සේවා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ සහ ඩී.එස්.සේනානායක ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක ඒකල අවසන් මහා තරගයේදී සිනෙත් මන්තුක ලකුණු 22-20ක් සහ 24-22ක් ලෙස සෙනුක් සෝමරත්න පරාජයට පත් කළ අතර, බාලිකා ඒකල අවසන් මහා තරගයේදී රනිත්මා ලියනගේ ලකුණු 21-13ක් සහ 21-6ක් ලෙස ප්‍රවීණා විජේසුන්දර පරාජය කළාය.

අවුරුදු 19න් පහළ  බාලක ඒකල තරගය දිනූ සිනෙත් මන්තුක එම වයස් කාණ්ඩයේ බාලක යුගල තරග අංශය ජය ගැනීමට ද සමත් වූයේ සාජිඩ් මජීඩ් සමඟ එක්ව ලකුණු 21-17ක්, 22-24ක් සහ 21-17ක් ලෙස අචින්ත ඉමේෂ සහ පසිඳු  පරාජය කරමිනි. එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරග අංශය ජය ගනු ලැබුවේ ලකුණු 16-21ක්, 21-14ක් සහ 21-17ක් ලෙස ඉනූෂි අමන්දි සහ ප්‍රවීණා විජේසුන්දර පරාජයට පත් කළ දසිත්මා ලිතුලි සහ සිතුකි ඕනදී විසිනි.

ලකුණු 21-11ක්, 11-21ක් සහ 21-11ක් ලෙස හිරුක සහන්මිත් පරාජය කළ රෙෂාන් හරිත් අවුරුදු 17න් පහළ බාලක ඒකල තරග අංශයේ ජය හිමි කර ගත් අතර, ලකුණු 21-18ක් සහ 21-19ක් ලෙස රනුමි මානගේ පරාජය කළ දිලිනි අම්බලන්ගොඩගේ එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශය ජය ගත්තාය. රිතිර අබේගුණවර්ධන සහ තෙනුල් රසාංජන ලකුණු 19-21ක්, 21-13ක් සහ 21-17ක් ලෙස පරාජය කරමින් එම වයස් කාණ්ඩයේ බාලක යුගල තරග අංශය ගැනීමට සනුද ආරියසිංහ සහ තිසත් රන්තුක සමත් වූ අතර, ලකුණු 21-17ක් සහ 21-12ක් ලෙස තිසේජා හේරත් සහ රනුමි සුහාස්නි පරාජය කළ දිලිනි අම්බලන්ගොඩගේ සහ සඳති දෙව්මිණි එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරග අංශයේ හිමිකර ගත්හ.

අවුරුදු 15න් පහළ බාලක ඒකල තරග අංශය සෙනුත් සෙත්මිත ජය ගනු ලැබුවේ ලකුණු

21-8ක් සහ 21-17ක් ලෙස කෙනෙත් අරුක්ගොඩ පරාජය කරමිනි. ලකුණු 21-15ක් සහ 21-12ක් ලෙස බුද්ධි ශෙනාල් සහ දිනෙව් විමලරත්න පරාජය කරමින් එම වයස් කාණ්ඩයේ බාලක යුගල තරග අංශය ජය ගැනීමට කෙනෙත් අරුක්ගොඩ සහ සෙනුත් සෙත්මිත සමත් වූහ. නෙත්මි අමායා සමඟ තරග වැදුණු විශ්වනී වන්නිආරච්චි ලකුණු 21-19ක් සහ 21-12ක් ලෙස අවුරුදු 15න් පහළ බාලිකා ඒකල තරග අංශය ජයගත් අතර, එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරග අංශයේ ජය හිමිකරගනු ලැබුවේ ලකුණු

11-21ක්, 21-19ක් සහ 21-16ක් ලෙස සඳරුවි ජයලත් සහ රලිඳි උමගලිය පරාජය කළ ඉසුරි භාග්‍යා අත්තනායක සහ සිතුමි මිනාරා ද සිල්වා විසිනි.

අවුරුදු 13න් පහළ බාලක ඒකල තරග අංශයේ ජය හිමි වූයේ ලකුණු 15-7ක් සහ 15-5ක් ලෙස යස්මිත් ගනේපොල පරාජය කළ තමිඳු ප්‍රනාන්දුටය. ලකුණු 15-5ක් සහ 15-5ක් වශයෙන් යෙනුලි ලියනගේ පරාජය කළ සසඳි ගුරුගේ එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශය ජයගත්තාය. අනුක කඩහෙට්ටිගේ සහ ප්‍රිටිෂ් යසස ලකුණු 15-11ක් සහ 15-3කින් පරාජය කරමින් එම වයස් කාණ්ඩයේ බාලක යුගල තරග අංශය ජය ගැනීමට තමිඳු ප්‍රනාන්දු සහ සෙනුද නෙතිල සමත් වූ අතර, එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරග අංශය ජය ගැනීමට සසඳි ගුරුගේ සහ මනුලි වරාවිටගේ සමත් වූයේ ලකුණු 15-7ක්, 12-15ක් සහ 15-10ක් ලෙස යෙනුලි ලියනගේ සහ තිසුරි ශාක්‍යා පරාජය කරමිනි.

ප්‍රසාද් වීරසිංහ ලකුණු 15-7ක් සහ 15-13ක් ලෙස පරාජය කරමින් අවුරුදු 11න් පහළ බාලක ඒකල තරග අංශය ජය ගැනීමට හංසක රෂ්මින්ද සමත් වූ අතර, ලකුණු 15-5ක් සහ 15-4ක් ලෙස විත්සදී කෞෂල්‍යා පරාජය කළ සනුමි මෙත්නාරා එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශය ජයගත්තාය. එම වයස් කාණ්ඩයේ බාලක යුගල තරගය ජය ගනු ලැබුවේ ලකුණු 17-15ක් සහ 21-19ක් ලෙස හිරුත් ප්‍රනාන්දු සහ දනුල කුමාර පරාජයට පත් කළ හිරුෂාන් ජයවර්ධන සහ නවිතු විසිනි. ලකුණු 6-15ක්, 15-13ක් සහ

15-12ක් ලෙස රිසිඳි ආකිත්‍යා සහ ෆාතිමා ඉෂාක් පරාජය කළ රෙෂිනි ප්‍රසංසා සහ විත්සදී කෞෂල්‍යා එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරග අංශය ජය ගත්හ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව