71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ඇරැඹේ

Rohan De Silva SLB President (LBN)

 



 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය අද බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ විය. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දහසකට වැඩි සංඛ්‍යාවක් තරග වදින මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 10 වැනිදා දක්වා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරයේ, වෙළෙඳ සේවා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ සහ ඩී.එස්.සේනානායක ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් තෑගි පිරිනැමෙන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ මූලික වටයේ තරග ඊයේ සමාරම්භක උත්සවයෙන් පසු ආරම්භ වූ අතර, අවසන් 16 දෙනාගේ තරග වටය දෙසැම්බර් මස 8 වැනිදා පැවැත්වේ. දෙසැම්බර් මස 9 වැනිදා අර්ධ අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන අතර, අවසන් මහා තරග සහ සමාප්ත උත්සවය දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතය.

71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අවුරුදු 11  සිට අවුරුදු 19 දක්වා කනිෂ්ඨ තරග අංශය, අවුරුදු 30ට වැඩි සහ අවුරුදු 70ට වැඩි වශයෙන් ජ්‍යෙෂ්ඨ තරග අංශය සහ කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් විවෘත තරග අංශය ඇතුළත් වේ. සියලු තරග ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිල වෙබ් අඩවිය ඔස්සේ සජීවිව විකාශය කෙරේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 − 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව