71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

3198571267259725711

 



 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මෙහෙයවීමෙන් දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. මෙම ශූරතාවලිය දෙසැම්බර් මස 4 වැනිදා සිට 10 දින දක්වා බැඩ්මින්ටන් ආයතනයේ සහ වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ පැවැත්වෙනු ඇත.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාග පිරිනැමෙන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වීම සඳහා සිය අයැදුම්පත්  https://www.tournamentsoftware.com/tournament/12E87736-E02E-47ED-8E16-CA3AD3A76E18 ජාතික ශූරතාවලියේ නිල වෙබ් අඩවිය ඔස්සේ යොමු කළ හැකිය. ‘ඔන්ලයින්‘ ක්‍රමවේදයට අනුව අයැදුම්පත් යොමු කිරීමේදී යම්කිසි තාක්ෂණික ගැටලුවක් මතු වන්නේ නම් 0740121846 දුරකතන අංකය මගින් හිමාෂා චාතුර්යා මෙනෙවිය අමතන මෙන් බැඩ්මින්ටන් ආයතනය නිවේදනය කරයි. වෙනත් ගැටලු සම්බන්ධව උපදෙස් ගැනීම සඳහා 0740121846 දුරකතන අංකය ඔස්සේ අකිල හෙට්ටිආරච්චි මහතා අමතන ලෙසත් වැඩිදුරටත් දන්වා සිටී. අයැදුම්පත් බාර ගැනීම නොවැම්බර් මස 24 වැනිදා රාත්‍රී 11.59ට අවසන් වේ.

71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අවුරුදු 11  සිට අවුරුදු 19 දක්වා කනිෂ්ඨ තරග අංශය, අවුරුදු 30ට වැඩි සහ අවුරුදු 70ට වැඩි වශයෙන් ජ්‍යෙෂ්ඨ තරග අංශය සහ කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් විවෘත තරග අංශය ඇතුළත් වේ.

තරගාවලියේ සමාරම්භක උත්සවය දෙසැම්බර් මස 4 වැනිදා පැවැත්වෙන අතර, එදින සිට දෙසැම්බර් 7 දක්වා  මූලික වටයේ තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත. අවසන් 16 දෙනාගේ තරග වටය සහ අර්ධ අවසන් පූර්ව වටය දෙසැම්බර් 8 වැනිදා පැවැත්වෙන අතර, අවසන් පූර්ව වටයේ තරග දෙසැම්බර් 9 වැනිදා පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරග සහ සමාප්ති උත්සවය දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ

සියලු තරග ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිල වෙබ් අඩවිය ඔස්සේ සජීවිව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව