70 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය

IMG-20230122-WA0025 (LBN)

 



 

 

අඛණ්ඩව දෙවැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරතාව බුවනෙක ගුණතිලක දිනා ගනී

රනිත්මා ලියනගේ පළමුවරට ජාතික බැඩ්මින්ටන් ශූරිය වෙයි

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ 70 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ විවෘත අංශයේ ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට බුවනෙක ගුණතිලක සමත්වූ අතර, රනිත්මා ලියනගේ සහ කාවින්දි සිරිමාන්නගේ ද්විත්ව ශූරතා දිනා ගත්හ. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූ මෙවර ශුරතාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-18ක් සහ 21-16ක් ලෙස විරේන් නෙත්තසිංහ පරාජයට පත් කරමින් අඛණ්ඩව දෙවැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශුරයා ලෙස අභිෂේක ලැබූ බුවනෙක අනතුරුව සචින් ඩයස් සමඟ එක්ව විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 21-16ක් සහ 21-11ක් ලෙස දුමිඳු අබේවික්‍රම සහ ආශින්ස හේරත් පරාජය කරමිනි. ඉන් නොනැවතී කාවින්දි සිරිමාන්නගේ සමඟ එක්ව ලකුණු 21-13ක් සහ 21-15ක් ලෙස බුත්මි ගලගමගේ සහ තුලිත් පල්ලියගුරු පරාජයට පත් කරමින් විවෘත මිශ්‍ර යුගල ශුරතාව දිනා ගත්තේය.

විවෘත කාන්තා අවසන් මහා තරගයේදී මධූෂිකා බේරුවලගේ ලකුණු 21-8ක් සහ 21-16ක් ලෙස පරාජය කරමින් පළමුවරට ජාතික බැඩ්මින්ටන් ශුරිය බවට පත් වූ රනිත්මා ලියනගේ, කාවින්දි සිරිමාන්නගේ සමඟ එක්ව ලකුණු 21-9ක් සහ 21-14ක් ලෙස බුත්මි ගලගමගේ සහ මධූෂිකා බේරුවලගේ පරාජය කරමින් සිය ද්විත්ව ශුරතාව සම්පූර්ණ කළාය.

කාවින්දි සිරිමාන්නගේ ද්විත්ව ශූරතාවට හිමිකම් කීවේ බුවනෙක ගුණතිලක සමඟ එක්ව විවෘත මිශ්‍ර යුගල ශුරතාව සහ රනිත්මා ලියනගේ සමඟ එක්ව විවෘත කාන්තා යුගල ශුරතා දිනා ගනිමින් ද්විත්ව ශුරතාවට හිමිකම් කීවාය.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැති අතර, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් ද, පෑම් චන්ද්‍රසේන මහතා ඇතුළු හිටපු ක්‍රීඩකයන් රැසක් ද මේ අවස්ථාවට එක් වූහ.

ප්‍රතිඵල

30න් ඉහළ පිරිමි ඒකල

ශූරතාව – සුපුන් පියරත්න, අනුශූරතාව – විරේන් නෙත්තසිංහ

30න් ඉහළ කාන්තා ඒකල

ශුරතාව – නදීෂා ගයාත්‍රි, අනුශූරතාව – රුවිනි රත්නසිරි

30න් ඉහළ පිරිමි යුගල

ශූරතාව – හසිත චානක/කේ.ඒ.ජී.ඒ.කේ. පෙරේරා, අනුශූරතාව -චමීර බණ්ඩාර/චරිත් හරිඳු

30න් ඉහළ මිශ්‍ර යුගල

ශූරතාව – රොෂාන් කුමාර/රුවිනි රත්නසිරි, අනුශුරතාව – දුලන කළුආරච්චි/සඳමාලි සේනානායක

35න් ඉහළ පිරිමි ඒකල

ශූරතාව – රොෂාන් කුමාර, අනුශූරතාව – චරිත් හරිඳු

35න් ඉහළ පිරිමි යුගල

ශුරතාව – රොෂාන් කුමාර/අනුෂ්ක ලක්ෂාන්, අනුශූරතාව – සුමුදු කුමාරසිංහ/ප්‍රසාද් පෙරේරා

40න් ඉහළ පිරිමි ඒකල

ශුරතාව – හේමන්ත කොඩිතුවක්කු, අනුශූරතාව – නලින් වීරකෝන්

40න් ඉහළ පිරිමි යුගල

ශූරතාව – කේ.පී. රන්දික පීරිස්/ඉරන්ද සමරනායක, අනුශූරතාව -රජිත ගුරුගේ/සුමුදු සිල්වා

45න් ඉහළ පිරිමි ඒකල

ශුරතාව – සුභාෂ් ජානක, අනුශූරතාව – සී.ඒ.ඩී. සමන්ත

45න් ඉහළ කාන්තා ඒකල

ශුරතාව – ප්‍රියංකා අබේරත්න, අනුශූරතාව – අනූෂා ගමගේ

45න් ඉහළ පිරිමි යුගල

ශූරතාව – ක්ලැරන්ස් හෝමර්/දුමින්ද ජයකොඩි, අනුශූරතාව – කාංචන ඒකනායක/ධම්මික වනිගසේකර

45න් ඉහළ කාන්තා යුගල

ශූරතාව – විපුලි අබේසේකර/රංජිනී සෙනෙවිරත්න, අනුශූරතාව – තුෂාරි බ්‍රාහ්මණගේ/එනෝකා ශ්‍රියානි

45න් ඉහළ මිශ්‍ර යුගල

ශූරතාව – ජනත් ප්‍රනාන්දු/රේනු චන්ද්‍රිකා, අනුශූරතාව – සේනක අත්නායක/එනෝකා ශ්‍රියානි

50න් ඉහළ පිරිමි ඒකල

ශූරතාව – නිහාල් අමරසේන, අනුශූරතාව – උපේන්ද්‍ර ජයවර්ධන

50න් ඉහළ කාන්තා ඒකල

ශූරතාව – විපුලි අබේසේකර, අනුශූරතාව – එනෝකා ශ්‍රියානි

50න් ඉහළ පිරිමි යුගල

ශූරතාව – නිහාල් අමරසේන/උපේන්ද්‍ර ජයවර්ධන, අනුශූරතාව – කමල් ගම්ලත්/නිරෝෂන් විජේකෝන්

55න් ඉහළ පිරිමි ඒකල

ශූරතාව – නිරෝෂන් විජේකෝන්, අනුශූරතාව – අරුණ ක්‍රිෂාන්ත

55න් ඉහළ පිරිමි යුගල

ශූරතාව – අරුණ ක්‍රිෂාන්ත/ලසන්ත, අනුශූරතාව – රෝහිත ප්‍රනාන්දු/ සේනක වික්‍රමසිංහ

60න් ඉහළ පිරිමි යුගල

ශූරතාව – ලුවී කරුණාරත්න/මොහාන් විජේසිංහ, අනුශූරතාව – ක්ලැරන්ස් සිල්වා/අබේකෝන් බණ්ඩාර

65න් ඉහළ පිරිමි ඒකල

ශුරතාව – ගාමිණී ජයවර්ධන, අනුශූරතාව – සුනිල් ජයසිරි

ආබාධිත පිරිමි ඒකල

ශුරතාව – සංජීව පෙරේරා, අනුශුරතාව – ඩෙන්සිල් ප්‍රනාන්දු

පළඟ කාන්තා ඒකල

ශූරතාව – අනුත්මි සූරියබණ්ඩාර, අනුශූරතාව – සඳමාලි සේනානායක

පළඟ පිරිමි ඒකල

ශූරතාව – විරාන් පෙරේරා, අනුශූරතාව – අකිල ප්‍රනාන්දු

විවෘත කාන්තා යුගල

ශූරතාව – කාවින්දි සිරිමාන්නගේ/රනිත්මා ලියනගේ, අනුශූරතාව – මධූෂිකා බේරුවලගේ/බුත්මි ගලගමගේ

විවෘත පිරිමි යුගල

ශූරතාව – සචින් ඩයස්/ බුවනෙක ගුණතිලක, අනුශූරතාව – දුමිඳු අබේවික්‍රම/අශිංස හේරත්

විවෘත කාන්තා ඒකල

ශූරතාව – රනිත්මා ලියනගේ, අනුශුරතාව – මධූෂිකා බේරුවලගේ

විවෘත පිරිමි ඒකල

ශූරතාව – බුවනෙක ගුණතිලක, අනුශූරතාව – විරේන් නෙත්තසිංහ

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 12 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව