‘5D සංකල්පය’ සිය නිල වෙබ් අඩවිය දියත් කරයි

Photo Caption_5D Web Launch

ගෝලීය වශයෙන් පිළිගත් ‘5D සංකල්පය’ සඳහා වූ නිල වෙබ් අඩවිය, 5D සංකල්පය ලොවට හදුන්වා දුන් දේශාන් අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 30 වන දින දියත් කරන ලදී. 2015 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරමින් පැවති 5D සංකල්පය නිල වශයෙන් ලොව පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු ආරම්භ කරයි.

5D සංකල්පය සදහා වූ වෙබ් අඩවිය, මෙම සංකල්පය පිළිබදව උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශවයක් වෙත අවබෝධය, දැනුම හා අත්දැකීම් බෙදා ගැනීම සදහා නිර්මාණය කර තිබේ. මේ නවතම මුලපිරීම ඔස්සේ, 5D සංකල්පය පිළිබද අවබෝධයක් ලබාගැනීමට, වඩාත් උචිත කළමනාකරණ පද්ධතිය තෝරාගැනීමට මෙම වෙබ්අඩවිය හරහා පහසුවෙන් ප්‍රවේශ විය හැක.

 




 

5D සංකල්පයේ නිර්මාතෘ දේශාන් අමරසිංහ පවසා සිටියේ “5D සංකල්පයේ සියල්ල ආරම්භ වූයේ අරමුණකින්, ඒ අරමුණ වෙනුවෙන් කැපවීමේ හා අධිෂ්ඨානයේ එක් ප්‍රතිඵලයක් ලෙස මෙම නිල වෙබ් අඩවිය දියත් කිරීමේ අවස්ථාව දක්වන්න පුළුවන්”

5D සංකල්පය මූලිකවම අංග පහක් මත ගොඩනගා ඇත. ඔබට සිහිනයක් ඇති බව වටහා ගැනීම, යුතුකම් ඉටු කිරීම, විනය, කැපවීම සහ අධිෂ්ඨානය මෙම 5D සංකල්පයේ දී ඉදිරිපත් කරයි. ඒ ඔස්සේ යමින් පුද්ගල සංවර්ධනයට, ආයතනික / ව්‍යාපාරික, අධ්‍යාපන හා ක්‍රීඩා කළමනාකරණයට, සිය ඉලක්ක වෙත සාර්ථකව ලගා වීමේ මග පෙන්වා දීම 5D සංකල්පය තුළින් සිදු කරයි.

5D සංකල්පය එහි විශේෂිත කළමනාකරණ පද්ධති හතරක් ඉදිරිපත් කරයි. ඒ එක් එක් කළමනාකරණ පද්ධතියක්ම විවිධ ක්ෂේත්‍රවල අද්විතීය අභියෝගවලට මුහුණ දීම සඳහා සකස් කර ඇත. පළමුවැන්න නම්, ව්‍යාපාර ආදර්ශ කළමනාකරණ පද්ධතිය යි. තිරසාර වර්ධනයක් සඳහා ව්‍යාපාරික උපාය මාර්ග ප්‍රශස්ත කිරීමට එහි දී මගපෙන්වයි. දෙවැන්න, මානව ආදර්ශ කළමනාකරණ පද්ධතිය; පුද්ගලික සහ වෘත්තීය සංවර්ධනය වැඩි දියුණු කර ගැනීමට සැලසුම් ඉදිරිපත් කරයි. තෙවැන්න, ක්‍රීඩා ආදර්ශ කළමනාකරණ පද්ධතිය; විනයගරුක සහ ඉලක්කගත ප්‍රවේශයක් හරහා ඕනෑම ක්‍රීඩා කුසලතා සාධනය ඉහළ නැංවීමට සැලසුම් කරයි. සිව්වැන්න, ශිෂ්‍ය ආදර්ශ කළමනාකරණ පද්ධතිය; අධ්‍යයන සහ පුද්ගලික විශිෂ්ටත්වය කරා සිසුන් මෙහෙයවයි.

ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශීයව ද 5D සංකල්පය පුද්ගලානුබද්ධව, ආයතන මට්ටමින්, පාසල් මට්ටමින් හා විශ්ව විද්‍යාල තුළ මෙන්ම විවිධ සංවිධාන සදහා ද උපදේශන සැසි දියත් කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම ශ්‍රී ලංකාවේ පිහිටි නිල කාර්යාලය මගින් සිදු කරනු ලබයි.

ඔබ ව්‍යාපාරික නායකයෙක්, ක්‍රීඩක ක්‍රීඩිකාවක්, ශිෂ්‍යයෙක් හෝ පුද්ගලික වර්ධනයක් සඳහා වෙහෙසෙන අයෙක් වුවත්, 5D සංකල්පය ඔබට ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාර වන මෙවලම් සහ තීක්ෂ්ණ බුද්ධිය සපයයි.

www.5dconceptglobal.com මෙම සබැදිය හරහා වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඇත. වැඩිදුර තොරතුරු සදහා ….. ඊමේල් ලිපිනය හරහා සම්බන්ධ විය හැක.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව