54 වන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අතිසාර්ථක ලෙස අවසන් වෙයි

Junior John Tarbet - Boys (LBN)

මෙවර තරගාවලියට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 5,500 ඉක්මවයි

54 වන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2025 නොවැම්බර් 03 වන දින ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී අතිසාර්ථක අන්දමින් අවසන් විය. දිවයින පුරා පාසල් රැසක කනිෂ්ඨ අංශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,500 කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වූහ.

 



 

ශ්‍රී ලංකා පාසල් මලල  ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය බලගන්වන ලද්දේ, CBL Foods International (පුද්) සමාගමේ ප්‍රමුඛතම සන්නාමය මෙන්ම ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් සන්නාමය වන රිට්ස්බරි විසිනි. වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලිය මගින් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වැඩිදියුණු කරමින් සමස්තයක් ලෙස රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු වේ.

2025 නොවැම්බර් 01 දින සිට නොවැම්බර් 03 දින දක්වා පැවැත්වුණු මෙම තරගාවලියට කෙටි දුර දිවීම, සහය දිවීම, බාධක දිවීම, දුර පැනීම සහ හෙල්ල විසි කිරීම ඇතුළු තරග ඉසව් රාශියක් ඇතුළත් වූ අතර, එම ඉසව්වලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වූහ. තරගාවලියේ බාලක අංශයේ සමස්ත ශූරතාව මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය වෙත හිමි වූ අතර, බාලිකා අංශයේ සමස්ත ශූරතාවය දිනාගන්නා ලද්දේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසිනි.

තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත්වීමට බකමූණ මහසෙන් ජාතික පාසලේ එම්. ජී. ඩී. ඩබ්ලිව්. ගමගේ සමත් වූ අතර, අතර විශිෂ්ටතම ක්‍රීඩිකාව වූයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ එන්. ආර්. ඒකනායකයි.

“වසර 13 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා මලල  ක්‍රීඩා සංගමය සමග අත්වැල් බැඳගනිමින් අප ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දී තිබෙනවා. මේ වටිනා මෙහෙවර ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට හැකි වීම අපට මහත් සතුටක්. රට පුරා පාසල් 900 කට අධික සංඛ්‍යාවක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සහභාගී වෙනවා. මෙය රටේ යෞවන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හා කුසලතා මෙන්ම විනය හා අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව මැනැවින් පරීක්ෂාවට ලක්වන තරගාවලියක්. මෙවැනි අනුග්‍රාහකත්වයන් ඔස්සේ විශිෂ්ට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම රටට වැඩදායී පුරවැසියන් දායාද කිරීම සඳහා අත්වැලක් වීමට හැකි වීම අපට සමත් සතුටක්.” CBL Foods International (පුද්) සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුක්ෂ බැස්ටියන්ස් මහතා පැවසීය.

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල  ක්‍රීඩා තරගාවලිය පමණක් නොව, රටේ විවිධ ක්‍රීඩා ක්ෂේත්‍රවල තරගාවලි රැසකට මෙබඳු අනුග්‍රාහක දායකත්වයන් ලබාදීමට රිට්ස්බරි දීර්ඝ කාලයක පටන් කටයුතු කර තිබේ. මේ නිසා රටේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය බලගන්වන නියමුවෙකු ලෙස සුවිශාල කීර්තියක් දිනාගැනීමට රිට්ස්බරි සමත් වී ඇත

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව