50 වැනි Fadna අරුණැල්ල සාර්ථකව අවසන් වේ

FADNA (LBN)

සෑම දෙනෙකුටම ගුණාත්මක සෞඛ්‍යය සේවයක් සහ ක්‍රියාකාරී නිරෝගී දිවියක් සඳහා අවශ්‍ය දැනුම සඳහා ප්‍රවේශය ලැබිය යුතු බව තම සමාජයීය වගකීම බවට පත් කර ගෙන සිටින  Fadna සමාගම එම වගකීම යථාර්තයක් බවට පත් කරමින් සිය 50 වැනි Fadna අරුණැල්ල සෞඛ්‍යය කඳවුර පසුගියදා පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේදී පැවැත්විය. Fadna අරුණැල්ල සෞඛ්‍යය කඳවුර සෞඛ්‍යය සේවා, සෞඛ්‍යය පරීක්ෂණ මෙන්ම වෛද්‍ය උපදේශන නොමිලේ සපයමින් දවස පුරා පවත්වන ලදී.

දේශීය සන්නාම අතර දශක දෙකකට ආසන්න කාලයක් පුරා ජාතියේ යහපැවැත්මට දායක වූ Fadna තම සමාජයීය වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට බැඳී සිටින කීර්තිමත් ශ්‍රී ලාංකික සන්නාමයකි. 2011දී ඇරැඹූ Fadna අරුණැල්ල මගින් මේ වන විට දිවයිනේ ගම් දනව් රැසක් ආවරණය වන පරිදි සෞඛ්‍යය කඳවුරු 50ක් සාර්ථකව පවත්වා ඇත. Fadna අරුණැල්ල හරහා ශ්‍රී ලාංකික සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අවස්ථාව ලැබීම ගැන තමන් ආඩම්බර වන බව Fadna නිර්මාතෘ චමේන්ද්‍ර සෝමතුංග මහතා 50 වන Fadna අරුණැල්ල වැඩසටහනේදී පැවසීය. Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර සඳහා ඩර්ඩන්ස් රෝහල සම අනුග්‍රහය දැක්වූ අතර දෙව්රම් වෙහෙර බොදු මග සංවිධානය එහි සංවිධාන කටයුතුවලට සම්බන්ධ විය. Fadna තම සමාජයීය වගකීම ප්‍රමුඛ කර ගනිමින් ඉදිරියේදීද මෙවන් සෞඛ්‍යය කඳවුරු පැවැත්වීම තුළින් සමාජයීය යහපැවැත්ම අඛණ්ඩව පවත්වා ගෙන යාමට සැළැසුම් කරයි. එහි ව්‍යාප්තිය සහ සේවා පුළුල් කිරීම තුළින් සෞඛ්‍යසම්පන්න සහ ජවසම්පන්න ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම Fadna සමාගමේ අරමුණයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව