38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය

best boys school st.sebastian's college moratuwa (LBN)

 



 

 

ශූරයා ඩී.එස්. සේනානායක විදුහලේ සවිනක වීරසේකර

ශූරිය ගේට්වේ ජාත්‍යන්තර විදුහලේ රශ්මි මුදලිගේ

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පාසල් බැඩ්මින්ටන් සංගමය සමඟ එක්ව මෙහෙයවනු ලැබූ 38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක සහ බාලිකා ද්විත්ව ශූරතා දිනා ගැනීමට ඩී.එස්.සේනානායක විදුහලේ සවිනක වීරසේකර සහ ගේට්වේ ජාත්‍යන්තර විදුහලේ රශ්මි මුදලිගේ සමත් වූහ. 70 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියට සමගාමිව සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත් වූ කනිෂ්ඨ ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-11ක් සහ 21-11ක් ලෙස රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ ජේසන් හෝමර් පරාජය කළ  සවිනක වීරසේකර එම වයස් කාණ්ඩයේ බාලක යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ජේසන් හෝමර් සමඟ එක්ව ලකුණු 21.18ක් සහ 21-16ක් ලෙස රාජකීය විදුහලේ ආශින්ස හේරත් සහ විදූෂ සුමනදාස පරාජය කරමිනි.

19න් පහළ බාලිකා ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 16-21ක්, 21-14ක් සහ 21-14ක් ලෙස ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහලේ ඕනදී සිතුකි පරාජය කළ රශ්මි මුදලිගේ එම වයස් කාණ්ඩයේ මිශ්‍ර යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ පුලින වෙල්ලාලගේ සමග එක්ව ලකුණු 17-21ක්, 21-19ක් සහ 21-19ක් ලෙස  සාන්ත සෙබස්තියන් විදුහලේ ශෙනුක් සමරරත්න සහ සිතුකි ඕනදී පරාජය කරමිනි. එම  වයස් කාණ්ඩයේ බාලිකා යුගල අවසන් මහා තරගයේදී ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-15ක් සහ 21-18ක් ලෙස රශ්මි සහ ගේට්වේ ජාත්‍යන්තර විදුහලේ නටාෂා ගුණසේකර පරාජය කළ ගාල්ල සංඝමිත්තා විදුහලේ තිසුනි ලියනාරච්චි සහ එම විදුහලේම ලවන්දි උමගලියගේ විසිනි.

අවුරුදු 19න් පහළ මිශ්‍ර  යුගල ශූරතාව දිනූ පුලින වෙල්ලාලගේ අවුරුදු 17න් පහළ බාලක ඒකල ශූරතාව සහ ශෙනුක් සමරරත්න සමඟ එක්ව එම වයස් කාණ්ඩයේ බාලක යුගල ශුරතාව දිනා ගැනීමට ද සමත් වූ අතර, ජාතික බැඩ්මින්ටන් ශූරිය බවට පත් වූ බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහලේ රනිත්මා ලියනගේ අවුරුදු 17න් පහළ බාලිකා ඒකල ශුරතාව දිනා ගැනීම විශේෂත්වයකි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා සහ එම ආයතනයේ නිලධාරීන් ද, හිටපු බැඩ්මින්ටන් ශූර පෑම් චන්ද්‍රසේන මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

තරග ප්‍රතිඵල

11න් පහළ බාලක ඒකල

ශූරතාව – ප්‍රිතීෂ් අබේගුණවර්ධන (රිච්මන්ඩ්), අනුශූරතාව – නෙසඳු හපුකොටුව (ධර්මරාජ)

11න් පහළ බාලිකා ඒකල

ශූරතාව – ගජලි පද්මබණ්ඩාර (සාන්ත අන්තෝනි බාලිකා කටුගස්තොට), අනුශුරතාව – සනුමි මෙත්සර ( මියුසියස්)

13න් පහළ බාලක ඒකල
ශූරතාව
– හසඳු ප්‍රනාන්දු (සාන්ත සෙබස්තියන් මොරටුව), අනුශූරතාව – අමාවන් අමරසිංහ (පානදුර ලයිසියම්)

13න් පහළ බාලිකා ඒකල

ශූරතාව – ෆාතිමා අමානි (හිල් කන්ට්‍රි බාලිකා මහනුවර), අනුශූරතාව – තෙනුකි ද සිල්වා (සිරිධම්ම විද්‍යාලය)

13න් පහළ බාලක යුගල

ශුරතාව – දුවිඳු එදිරිසිංහ/ සත්සර පුබුදු (සාන්ත සෙබස්තියන් මොරටුව), අනුශූරතාව – තෙනුජ ගලහිටියාව/ සතිෂ් අවිශ්ක ( සාන්ත අන්තෝනි කටුගස්තොට)

13න් පහළ බාලිකා යුගල

ශුරතාව – ෆාතිමා අමානි/ නෙත්සර යෙනුරි (හිල් කන්ට්‍රි බාලිකා/ සුජාතා බාලිකා නුගේගොඩ), අනුශූරතාව – ඉනුකි බණ්ඩාර/දිව්‍යධරනි දයාරත්න ( මියුසියස්/ වත්තල ලයිසියම්)

15න් පහළ බාලක ඒකල

ශූරතාව – තේජන හේරත් (සාන්ත අන්තෝනි කටුගස්තොට), අනුශූරතාව – සෙනුත් සෙත්මිණ ( ආනන්ද විදුහල)

15න් පහළ බාලිකා ඒකල

ශූරතාව – විශ්වානී වන්නිආරච්චි ( ගෙට්වේ ජාත්‍යන්තර), අනුශූරතාව – ලක්ෂණා සජීවකුමාර් (වත්තල ලයිසියම්)

15න් පහළ බාලක යුගල

ශුරතාව – ජනීෂ ද සිල්වා/ මිහිල ජයවීර (සාන්ත ජෝශප්/ වත්තල ලයිසියම්), අනුශුරතාව – ආකාෂ් ශාමල්/ තේජන හේරත් (සාන්ත අන්තෝනි කටුගස්තොට)

15න් පහළ බාලිකා යුගල

ශූරතාව – සනුති ගුරුසිංහ/ පවනි ඉලේපෙරුම (සංඝමිත්තා ගාල්ල), අනුශුරතාව – දිහිනි මෙන්ඩිස්/ ලක්ෂණා සජීවකුමාර් (සවුත්ලන්ඩ් ගාල්ල/ වත්තල ලයිසියම්)

17න් පහළ බාලක ඒකල

ශූරතාව – පුලින වෙල්ලාලගේ (සාන්ත සෙබස්තියන් මොරටුව), අනුශූරතාව – තිළිණ රාජකරුණා (සාන්ත සෙබස්තියන් මොරටුව)

17න් පහළ බාලිකා ඒකල

ශූරතාව – රනිත්මා ලියනගේ (බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා), අනුශුරතාව – රනුමි මානගේ (මියුසියස්)

17න් පහළ බාලක යුගල

ශුරතාව – පුලින වෙල්ලාලගේ/ ශෙනුක් සමරරත්න ( සාන්ත සෙබස්තියන් මොරටුව), අනුශුරතාව – සංජුල හඳපාන්ගොඩ/ තිළිණ රාජකරුණා (සාන්ත සෙබස්තියන් මොරටුව)

17න් පහළ බාලිකා යුගල

ශුරතාව – එල්.ඒ.දිනේත්‍යා/ දෙව්මි උබේසිරිවර්ධන ( සුජාතා බාලිකා මාතර), අනුශුරතාව – දිලිනි අම්බලන්ගොඩගේ/ එච්.ජී. සඳති ( අනුලා විදුහල / සුජාතා විද්‍යාලය මාතර)

19න් පහළ බාලක ඒකල

ශුරතාව – සවිනක විරසේකර (ඩී.එස්.සේනානායක), අනුශුරතාව – ජේසන් හෝමර් (රෝයල් ඉන්ස්ටිටියුට්)

19න් පහළ බාලිකා ඒකල

ශුරතාව – රශ්මි මුදලිගේ (ගේට්වේ), අනුශුරතාව – ඕනදී සෙතුකි (සවුත්ලන්ඩ් ගාල්ල)

19න් පහළ බාලක යුගල

ශුරතාව – ජේසන් හෝමර්/සවිනක වීරසේකර (රෝයල් ඉන්ස්ටිටියුට්/ ඩීඑස්.සේනානායක), අනුශූරතාව – ආශින්ස හේරත්/ විදූෂ සුමනදාස (රාජකීය)

19න් පහළ බාලිකා යුගල

ශූරතාව – තිසුනි ලියනාරච්චි/ ලවන්දි උමගලියගේ (සංඝමිත්තා ගාල්ල), අනුශූරතාව – නටාෂා ගුණසේකර/ රශ්මි මුදලිගේ (ගේට්වේ)

19න් පහළ මිශ්‍ර යුගල

ශුරතාව – පුලින වෙල්ලාලගේ/රශ්මි මුදලිගේ (සාන්ත සෙබස්තියන් මොරටුව/ ගේට්වේ), අනුශුරතාව – ශෙනුක් සමරරත්න/ සිතුකි ඕනදී (සාන්ත සෙබස්තියන් මොරටුව/ සුජාතා විද්‍යාලය මාතර)

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + twenty =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව