
ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවේදවලට අනුව නිදහස් පරිසරයක් තුළ අධ්‍යාපනය විධිමත්ව සපයන මහනුවර රීජන්සි නේවාසික පාසල BWIO 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී රීජන්සි පාසල් ජාලයේ නිර්මාතෘ සුජීව සම්පත් ලේකම්ගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී Global Consortium of Science and Technology විසින් සංවිධානය කරන ලද Business Icon Awards සම්මනා උළෙලේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පුරෝගාමියා ලෙසද රීජන්සි නේවාසික පාසල සම්මානයට පාත්‍ර විය. එසේම ජාතික ව්‍යවසායක විශිෂ්ඨතා 2024 ජනාධිපති සම්මාන උළෙලේදීද සුජීව සම්පත් ලේකම්ගේ මහතා ජාතික ව්‍යවසායක විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ ඔස්සේ ජාත්‍යන්තරය ජය ගැනීමට සිසුන්ට අවස්ථාව සළසන කඩිනම් අධ්‍යාපන ක්‍රමවේද රීජන්සි පාසල් ජාලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. අඩු වයසෙන් සාමාන්‍ය පෙළ සඳහා ළමුන් සූදානම් කරන රීජන්සි නේවාසික පාසල උසස් පෙළ සඳහා ගත කරන්නේ වසරක කාලයකි. එමගින් ඉතා අඩු වයස් මට්ටමකදී විශ්ව විද්‍යාල අධ්‍යාපනයට මෙන්ම විවිධ වෘත්තීය ක්ෂේත්‍රවලට පිවිසීමට සිසුන්ට අවස්ථාව ලැබේ. සිසුන්ගේ පෞරුෂය වර්ධනය කිරීම කෙරෙහිද රීජන්සි නේවාසික පාසල විශේෂ අවධානයක් නිරන්තරයෙන් යොමු කරයි. රීජන්සි පාසල් ජාලයේ ශාකාවක් කුරුණෑගල නගරයේද පිහිටා තිබේ. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීම් කරන අතර විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා විද්‍යා, ගණිත, වාණිජ, කලා, තාක්ෂණවේදය වැනි ඕනෑම විෂය ධාරාවක් ඔස්සේ රීජන්සි නේවාසික පාසලේ සිසුන්ට පෙනී සිටිය හැකිය.