2025 ආසියානු බොක්සිං තරගාවලිය අතිසාර්ථක ලෙස නිමාව දකී: PEO SPORTS හරහා ලොව පුරා තරගාවලිය නැරඹූ ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාව මිලියන 27 ඉක්මවයි

Image 04 (LBN)

SLT-MOBITEL, PEO SPORTS සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් බලගන්වන ලද ආසියානු බොක්සිං සම්මේලනයේ ආසියානු 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වූ මෙම තරගාවලිය 2025 මැයි 12 සිට 23 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, ඊට රටවල් 24 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික පිරිසක් සහභාගී වූහ.

 



 

ශ්‍රී ලංකා බොක්සින් සංගමය, බොක්සිං සම්මේලනය සහ ජාත්‍යන්තර බොක්සිං සංගමය එක්ව සංවිධානය කරන ලද මෙම තරගාවලියේ නිල සන්නිවේදන සේවා සම්පාදක ලෙස SLT-MOBITEL FTTH Broadband සහ PEO-SPORTS/PEOTV කටයුතු කළේය. මේ ආකාරයට ආසියානු බොක්සිං තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වුණේ වසර 57 කට පසුවය.

අවසන් තරගය දැකබලා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් ක්‍රීඩාංගණය වෙත ඇදී ආහ. දින 12 ක් පුරා පැවති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 33 දෙනෙක් සහභාගී වූහ.

තරගාවලියේ සෑම තරගයක්ම PEO SPORTS 1 (HD – චැනල් අංක 323, SD – චැනල් අංක 150) හරහා True HD ප්‍රමිතියෙන් යුතුව සජීවීව විකාශය කරන ලදී. එය රට පුරා වෙසෙන ක්‍රීඩා ලෝලීන්ට තරගාවලියේ උණුසුම් අවස්ථා සියල්ල සජීවීව දැකබලා ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් විය. PEO MOBILE App හරහාද තරග සජීවීව විකාශය කරන ලද අතර, PEO SPORTS Facebook පිටුව YouTube නාලිකාව හරහා සජීවීව තරග නැරඹීමට ලොව පුරා වෙසෙන ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා විය. සජීවී විකාශය සඳහා නැරඹුම් වාර මිලියන 27 කට වඩා වාර්තා වූ අතර, තරගාවලිය පැවති කාලය තුළ ප්‍රේක්ෂකයන් මිලියන 25 ක් අතරට ගොස් තිබුණි.

“මෙබඳු දැවැන්ත ගෝලීය තරගාවලියක් සාර්ථක ලෙස කළමනාකරණය කරගැනීමට හැකි වීම PEOTV ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. එමගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විකාශන කටයුතු සිදුකිරීමට අපට ඇති හැකියාව මැනැවින් තහවුරු වුණා. මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා නන් අයුරින් දායක වූ සියලුම දෙනාට අපගේ ස්තූතිය හිමි වනවා.” SLT-MOBITEL PEOTV ප්‍රධාන නිලධාරී රුචිර වීරකෝන් මහතා පැවසීය.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවට මෙන්ම PEOTV සේවාවට අතිශය වැදගත් සන්ධිස්ථානයක් බවට පත් වූ තරගාවලියකි. SLT-MOBITEL හි අධිවේගී ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා තාක්ෂණයෙන් බලගැන්වෙමින් තරගාවලිය ආවරණය කිරීමට මෙන්ම සහ සම්පූර්ණ වීඩියෝ නිෂ්පාදනය සිදුකිරීමට PEO SPORTS සමත් විය.

තරගාවලියේ විශේෂ අවස්ථා:

  • කසාක්ස්ථානය වෙනුවෙන් තරග වදිමින් තරගාවලිය පුරාම විශිෂ්ට දක්ෂතා දැක්වූ එලීනා තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩිකාව බවට පත් වූවාය. තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත් වූයේ කිර්ගීස්ථානයේ මිර්සකීර්ය.
  • කසාක්ස්ථාන කණ්ඩායම තරගාවලියේ විශිෂ්ටතම කාන්තා බොක්සිං කණ්ඩායම බවට පත් වූ අතර, තරගාවලියේ විශිෂ්ටතම පිරිමි කණ්ඩායම ලෙස නම්කෙරුණේ කිර්ගිස්ථාන පිරිමි කණ්ඩායමයි.

තරගාවලියේ කැපීපෙනෙන අවස්ථාවක් වූයේ ශ්‍රී ලංකාවේ මොහොමඩ් යස්මින් උසයිත්, වයස අවුරුදු 22 න් පහළ පිරිමි කිලෝග්‍රෑම් 75 කාණ්ඩයේ රිදී පදක්කමක් ලබා ගැනීමය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 23 ක් හිමි විය.

Home  Facebook

 
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව