2025 දියමන්ති දින සැමරුම සහ නව පැරගන් එකතුවක් එළිදැක්වීම සමඟ රාජා ජුවලර්ස් දීප්තිමත්ව බැබළේ

Image 02 (LBN)

මෙරට ස්වර්ණාභරණ කලාවේ අසමසම සන්නාමය වන රාජා ජුවලර්ස් විසින් සිය  වාර්ෂික ප්‍රවර්ධන දින දර්ශනයේ අද්විතීය අවස්ථාවක් සනිටුහන් කරමින් 2025 දියමන්ති දින සැමරුම සාර්ථකව නිම කරන ලදී.

සදාතනික ආකර්ෂණය සහ ඉහළ විචිත්‍රත්වය සමඟ පැරගන් දියමන්ති එකතුව මෑතකදී  නැවත එළිදැක්වුණු අතර එය මෙවර දියමන්ති දින සැමරුමට සුවිශේෂී චමත්කාරයක් එක් කරමින් අමතක නොවන අත්දැකීමක් තිළිණ   කළේය. මෙවර මෙම වැඩසටහන “ඔබ දියමන්තියක්” යන තේමාව ඔස්සේ සංවිධානය කර තිබූ අතර එය රාජා ජුවලර්ස් විසින් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ශක්තිය, නව්‍යත්වය  සහ දීප්තිය ඉස්මතු කිරීම සඳහාම නිර්මාණය කරන ලද නව ස්වර්ණාභරණ  මෝස්තර සමඟ මැනවින් ගැළපුණි.
 



 

ක්‍රීඩාවේ දස්කම් පෑ ශක්තිමත් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ  ජයග්‍රහණ හඳුනාගනිමින් තරුෂි කරුණාරත්න සහ නෙත්මි අහිංසා වැනි ජාතික වශයෙන් ඉහළ කීර්තියක් අත්කර ගත් කාන්තා ප්‍රතිරූප වෙනුවෙන් රාජා ජුවලර්ස් සිය උපහාර පිරිනමන ලදී.මෙලෙස අඛණ්ඩව දේශීය විශිෂ්ටයන් සඳහා ඉහළ ඇඟයුමක් ලබා දීමට රාජා ජුවලර්ස් කටයුතු කර ඇත. අභ්‍යන්තර සුන්දරත්වය, සාර්ථකත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇඟයීම සඳහා වඩාත් නිර්මාණශීලී කතා ශෛලිය භාවිතා කරමින් මෙම වසරේදී දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාරය පාරිභෝගික ජනතාවගේ සිත් සංවේදි කරමින් සිත් දිනා ගැනීමට සමත් විය.

අගෝස්තු 14 සිට අගෝස්තු 17 දක්වා දින හතරක් පුරාවට පැවැති මෙම  ප්‍රවර්ධන වැඩසටහන සමඟ මාර්ගත වේදිකාවන් ඔස්සේ සහ ප්‍රදර්ශනාගාර හරහා පාරිභෝගිකයන් රැසක් එක් වී සිටියහ.මෙහිදී පාරිභෝගිකයන් වෙත විශේෂ දීමනා රාශියක් පිරිනැමිණි. නව පැරගන් දියමන්ති එකතුව සහ ඇතැම් දියමන්ති ආභරණ සඳහා 50%ක් දක්වා වට්ටමක් මෙන්ම තෝරාගත් ආභරණ සඳහා එකක් මිලදී ගත් විට තවත් ආභරණයක් නොමිලේ පිරිනැමීම වැනි සුවිශේෂී ප්‍රතිලාභ රැසක් මෙහිදී ලබා ගත හැකි විය.මීට අමතරව  දියමන්ති ආභරණ සඳහා හොඳම වෙළෙඳපල  අනුපාත මෙන්ම තෝරාගත් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 0% වාරික විකල්ප ද  පාරිභෝගිකයන් වෙනුවෙන් පිරිනමන ලදී.

රාජා ජුවලර්ස් විසින් දිනා ගෙන ඇති ඉහළ කීර්තිනාමය අලෙවිය ඉහළ නැංවීමෙන්, නැවත එළිදක්වන ලද  පැරගන් දියමන්ති පිළිබඳ දැනුවත්භාවය පුළුල් කිරීමෙන් සහ සුඛෝපභෝගීත්වය සැමරීම ඔස්සේ තවදුරටත් ඉහළ නැංවූ අතර  ඵලදායී ලෙස  අරමුණු සාක්ෂාත් කර ගැනීමට එය ඉවහල් විය. රාජා ජුවලර්ස් විසින් සිය ව්‍යාපාරයේ සෑම අංශයක් සඳහාම ශිල්පීය හැකියාවන්, උරුමය සහ අභිලාෂයන් එක් කරමින් මෙරට ස්වර්ණාභරණ කර්මාන්තය වෙත මනා නායකත්වයක් ලබා දෙන බව මෙම වැඩසටහන ඔස්සේ පැහදිලි වේ.

දියමන්ති දින සැමරුම නිමා වූව ද ඒ ඔස්සේ  දැල්වූ දීප්තිය නොවෙනස්ව පවතිනු ඇත.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව