2024 තිරසර ඇසුරුම්කරණය සඳහා වන ආසියානු සමුළුව චක්‍රීය ආර්ථිකයක අවශ්‍යතාවය ඉස්මතු කරයි

Smithers-Day2-Morning-056 (LBN)

තිරසර ඇසුරුම්කරණය සඳහා වන ආසියානු සමුළුව 2024 (Sustainability in Packaging Asia 2024) ජුනි මස 04 දා සිට 06 වැනිදා දක්වා සිංගප්පූරුවේදී සාර්ථකව පැවැත්විණි. ඉතාමත් උසස් මට්ටමෙන් පැවති මෙම සමුළුවේදී ඇසුරුම් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සන්නාම හිමිකරුවන් විසින් සිය නවීනතම තිරසර වූ ඇසුරුම්කරණ විසඳුම් ඉදිරිපත් කළේය. ඒ මගින් සන්නාම ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ නියැලෙන වෘත්තිකයන්ට සහයෝගීතා සිද්ධි අධ්‍යයනයන්, ප්‍රමුඛ පෙළේ සාකච්ඡා, නව ප්‍රවණතා සහ ඇසුරුම් වෙළඳපොළ තුළ තිරසර වූ නැගී එන වර්ධනයන් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.

 


 

පරීක්ෂණ, උපදේශන, තොරතුරු සහ අදාළ සේවාවන් සපයනු ලබන බහුජාතික සැපයුම්කරුවෙකු වන Smithers සමාගම විසින් මෙම සමුළුව සංවිධානය කරන ලදී. මෙම සමුළුව ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටලුවලට විසඳුම් සෙවීමේ සහ සමස්තයක් ලෙස ඇසුරුම්කරණයේ තිරසර බව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ආසියානු සහ දකුණු පැසිෆික් කලාපීය රටවල් විසින් වාර්ෂිකව පවත්වනු ලබන වටිනා සමුළුවකි.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 400ක් ඇතුළුව ශ්‍රී ලංකාවේ දෛනිකව එකතුවන වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7,500 ප්‍රමාණයක් වන අතර, ඉන් වෙන් කර ගනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය 5% සිට 20% අතර ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා යොදා ගනී.  මෑතක සිට ශ්‍රී ලංකාව නාගරික ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුවකට මුහුණ දී සිටින අතර ඉන්දියන් සාගරයේ ප්‍රබල පරිසර දූෂකයෙකු ලෙසට ද චෝදනා එල්ල වී ඇත.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Kiwi Strategy Consultants Sri Lanka හි ප්‍රධාන උපදේශක කිත්සිරි විජේසුන්දර මහතා සහභාගී විය. ඔහු විසින් මෙම සමුළුව අමතා ඇසුරුම්කරණ කර්මාන්තයේ වටිනාකම්, අභියෝග,ජයග්‍රහණ සහ පාරිභෝගික පරිහරණයෙන් පසු ඇසුරුම් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙමින් දේශනයක් පැවැත්විය. එහිදී ඒ මහතා ‘ශ්‍රී ලංකාවේ පුළුල් කරන ලද නිෂ්පාදන වගකීම (Extended Producer Responsibility – EPR) වැඩිදියුණු කිරීම සහ දේශීය කර්මාන්ත වෙත ඉන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද’ යන තේමාව පිළිබඳව අදහස් දැක්විය.

EPR යනු, සන්නාම හිමිකරුවන් තම භාණ්ඩ නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයින්ගේ පරිභෝජනයෙන් පසු අවසාන වශයෙන් එහි ඇසුරුම් අපද්‍රව්‍ය ලෙස ඉවතලෑමෙන් අනතුරුවද ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම තෙක් වගකිව යුතු ප්‍රතිපත්ති ඇතුළත් උපාය මාර්ගයකි. වගකීම් සහිත නිෂ්පාදනවල ඇසුරුම් ක්‍රම සහතික කිරීමේ සිට මෙම උපායමාර්ගය හරහා භාණ්ඩ භාවිතයෙන් පසු නිසි ලෙස එකතු කිරීම හා බැහැර කිරීම සක්‍රීය කරමින්, අපද්‍රව්‍ය අවම කිරීම සහ පොදුවේ පාරිසරික බලපෑම අවම කිරීම දිරිගැන්වීම සඳහා අඛන්ඩව එය දායක වන බව මෙම සමුළුවෙදී ඒ මහතා අවධාරණය කළේය.

ඇසුරුම්කරණ ක්‍රියාවලිය තුළදී සන්නාම හිමිකරුවන්ගේ වගකීම්, ගුණාත්මකභාවයන්, ඇසුරුම් ප්‍රතිචක්‍රීකරණය සඳහා යෝග්‍ය වීම සහ ඉවතලන ප්ලාසිටික් ඇසුරුම් අපද්‍රව්‍ය වෙන් කර ප්‍රතිචක්‍රීකරණයට යොදා ගැනීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව ඔහු පැමිණ සිටි අනෙකුත් සන්නාම හිමිකරුවන්ගේ අවධානයට යොමු කළේය. විජේසුන්දර මහතා ප්‍රමුඛ පෙළේ FMCG අලෙවිකරණ, අපනයන සහ ජාත්‍යන්තර අලෙවිකරණ සමාගම් කිහිපයක ප්‍රධානියා ද වේ. සිය මෙහෙවර යටතේ චක්‍රීය ආර්ථික මූලධර්ම පිළිබඳව දේශීය ඇසුරුම්කරණ ප්‍රජාව දැනුවත් කරනු ලබයි. මේ වන විට ඔහු පුළුල් කරන ලද නිෂ්පාදන වගකීම් (EPR) පිළිබඳව කර්මාන්ත උපාය මාර්ග ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය සමඟ එක්ව කටයුතු කරයි.

ඔහුගේ ඉදිරිපත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ‘පුළුල් කරන ලද නිෂ්පාදක වගකීම්’ (Extended Producer Responsibility – EPR) රාමුව සංවර්ධනය කිරීම සහ දේශීය කර්මාන්ත සඳහා එහි ඇති සාධනීය බලපෑම පිළිබඳව විමසීමට ලක් කළේය. චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය පිළිබඳව ඉස්මතු කරමින් ඔහුගේ ප්‍රකාශනය හරහා ශ්‍රී ලංකාවේ ඇසුරුම් ද්‍රව්‍ය සම්බන්ධයෙන් EPR රෙගුලාසිවල විකාශනය, නීති රාමු ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ පටිපාටියට පාර්ශවකරුවන්ගේ මැදිහත්වීම, නියාමන කටයුතු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද ඔහු සාකච්ජාවට යොමු කළේය. ශ්‍රී ලංකාවේ ඇසුරුම්කරණ  කර්මාන්තයේ සන්නාම හිමිකරුවන්, ගෝලීය වෙළඳපොළ තරගකාරීත්වයට මුහුණ දීම සඳහා සිය ඇසුරුම්කරණ විසඳුම්වල තිරසරභාවය එක් කිරීමට, පාරිභෝගික අවශ්‍යතාවයන් පිළිබඳව මනා අවබෝධයකින් සිටිය යුතුය.

ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත සඳහා වන EPR හි බලපෑම පිළිබඳ තොරතුරු හුවමාරු කර ගනිමින්, අපද්‍රව්‍ය උත්පාදනය අවම කිරීම සහ සම්පත් කාර්යක්ෂමතාවය වැඩි කිරීම ඇතුළු වඩාත් සාධනීය චක්‍රීය ආර්ථික මූලධර්ම ඇතුළත් කිරීම සඳහා දේශීය කර්මාන්ත දිරිමත් කළ යුතු බව සිය ඉදිරිපත් කිරීම හරහා ඒ මහතා  වැඩිදුරටත් සඳහන් කළේය.

රජය, කර්මාන්ත සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර දිගුකාලීන සහයෝගීතාවයක් ඇතිව පරිසරයට ප්‍රතිලාභ හිමි වන චක්‍රීය ආර්ථිකයක් සාර්ථක අයුරින් ක්‍රියාත්මක කිරීමට සහතික වීම ඉතා වැදගත් වේ.

මෙම වසරේ පැවති සමුළුවේදී තවත් බොහෝ ප්‍රවීණයන් විසින් චක්‍රීය ආර්ථිකය සහ කාබන් විමෝචනය, තිරසර ඇසුරුම්වල තාක්ෂණික දියුණුව, සිද්ධි අධ්‍යයන සහ වටිනාකම් දාමය හරහා ඉහළ භාවිතයන් අනුගමනය කිරීම, ඇසුරුම් සඳහා උසස් ප්‍රතිචක්‍රීකරණය වැනි වැදගත් මාතෘකා පිළිබඳ තම පර්යේෂණ හා අදහස් හුවමාරු කරගනු ලැබිණි. සමුළුවට සහභාගී වූ සන්නාම හිමිකරුවන් Coca-cola, Mars Wrigley, WestRock, Haleon, Friesland Campina, UPM Specialty papers, Metsa Group, Borouge, BOBST, CCC Label, Henkel, Mitsui Chemicals, DOW Chemicals, SCG Chemicals, Fonterra සහ Danone ඇතුළු ආසියා පැසිෆික් කලාපයේ ක්‍රියාකාරී ප්‍රමුඛ පෙළේ සන්නාම නියෝජනය කළේය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ සන්ධානය (Alliance to End Plastic Waste), වාණිජමය වශයෙන් කෙරෙන වන වගා සඳහා සහතික ලබා දෙන PEFC සහ තිරසර සහතික සපයන ISCC යන ආයතන ද මෙම සමුළුවේදී ඉදිරිපත් කිරීම් සිදු කළේය.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව