2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සියැට් කැළණි ද්විත්ව සම්මානයෙන් පිදුම් ලබයි

NBEA 2024

මෙරට නිෂ්පාදන අංශය තුළ සාර්ථකත්වයේ ප්‍රමුඛත ම නිදසුනක් බව නැවතත් තහවුරු කරමින් සියැට් කැළණි සමාගම පසුගිය දා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) මගින් 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළේලේදී, කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් ම සපුරාලන නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගම, ‘නිෂ්පාදන අංශය – වෙනත්’ කාණ්ඩයේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය (NBEA) දිනා ගත් අතර ‘දේශීය වෙළඳපල ප්‍රවේශයේ විශිෂ්ටත්වය’ සඳහා වන නිර්ණායක සම්මානය ද දිනා ගන්නා ලදී. මෙමගින් ඇගයීමට ලක් වූයේ මෙම සම්මාන සඳහා සලකා බලන ලද කාලපරිච්ඡේදය තුළදී මෙරට පැවති අභියෝගාත්මක තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේ දී සියැට් කැළණි සමාගම අත්කරගත් සාර්ථකත්වයි.

 



 

මෙහිදී සැළකිය යුතු කරුණක් වන්නේ ව්‍යාපාර විශිෂ්ටත්වය සඳහා NBEA සම්මාන දිනාගනිමින් NCCSL වෙතින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් සම්මානයට පාත්‍ර වූ පස්වැනි අවස්ථාව මෙය වීමයි.

මෙම අභිනව සම්මාන මගින් ඇගයීමට ලක් වූයේ, ව්‍යාපාරවලට මෙන්ම කර්මාන්ත අංශයට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක දී සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම දියත් කළ වෙනස් ම වූ සුවිශේෂී ක්‍රියාපිළිවෙතයි. එනම් වෙනත් බොහෝ සමාගම් පිරිවැය කපා හැරීම සහ වෙළඳපල කොටස් රඳවා තබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරද්දී සියැට් කැළණි විසින් තම ධාරිතාව වැඩි කරමින් නිෂ්පාදන වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ තිරසාර මුලපිරීම් වෙනුවෙන් ආයෝජනය කරමින් නව නිෂ්පාදන හඳුන්වා දීමයි.

මෙම ප්‍රවේශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ, රවී ඩඩ්ලානි මහතා පැහැදිලි කළේ, මෙයට සාධක දෙකක් බලපෑ බවයි. එම එක් සාධකයක් වන්නේ විදේශ විනිමය සංරක්ෂණය කිරීමට රජය ගත් ප්‍රයත්නයේ ප්‍රතිථලයක් ලෙස ඇතැම් ටයර් කාණ්ඩ හා ප්‍රමාණ පරාසයන් ආනයනය සීමා කිරීම නිසාවෙන් නිර්මාණය වූ ව්‍යාපාර අවස්ථාවයි. අනෙක් සාධකය වූයේ ටයර් හිඟයක් හේතුවෙන් මෙරට ආර්ථික වැඩකටයුතු වලට හා පොදු ප්‍රවාහනයට බලපෑමක් නොවන බවට වගබලා ගනිමින් වෙළඳපල අවශ්‍යතාවය සපුරාලීම තම යුතුකම බව සමාගම විශ්වාස කිරීමයි.

“මෙම සුවිශේෂී ක්‍රියාපිළිවෙතෙහි ප්‍රතිඵලයක් ලෙස, මෙරට ආර්ථික පසුබෑම හේතුවෙන් වෙළඳපල ප්‍රමාණය හැකිළුණු කාලපරිච්ඡේදයක් භාවිතා කරමින්, සියැට් කැළණි පෙරමුණු කිහිපයකින් තම අපේක්ෂාවන් ඉහළ නැංවීමට කටයුතු කළේය. ඒ වඩා හොඳ නිෂ්පාදන ලබා දීම හා නිෂ්පාදන ක්‍රියාවලි වැඩි දියුණු කිරීම මගින් ඉදිරියේදී ඇතිවන ආර්ථික වර්ධනය සඳහා සමාගම සූදානම් කිරීමයි,” යනුවෙන් ඔහු පැවසීය.

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන සඳහා සලකා බලන ලද කාලපරිච්ඡේදය තුළදී සියැට් කැළණි සමාගමේ විශේෂ අවස්ථා අතර ආයෝජන මාලාවක් ද දක්නට ලැබිණි. එම ආයෝජන අතර, මගී මොටර් රථ රේඩියල් (PCRs) නිෂ්පාදනය වර්ධනය කිරීම හරහා සියැට් කැළණි සමාගම රේඩියල් ටයර් 172,000 කින් නිෂ්පාදනය වැඩි කිරීම, ජාත්‍යන්තර මොටර් රථ කාර්යසාධක බලකායෙන් (IATF) IATF 16949:2016 සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ දේශියව නිෂ්පාදනය කරන ලද එකම ටයර් සන්නාමය බවට පත්වීම, දේශිය ව එකලස් කළ වාහන සඳහා ටයර් සැපයීම වෙනුවෙන් මහින්ද්‍රා, ලංකා අශෝක් ලේලන්ඩ්, ඩීමෝ සහ යුනයිටඩ් මෝටර්ස් සමඟ නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OEM) ගිවිසුම් අත්සන් කිරීම, මෙන් ම කර්මාන්තශාලාවේ වහලය මත සවිකළ සූර්ය බලාගාරයක් සඳහා රුපියල් මිලියන 476 ක් ආයෝජනය කිරීම ද ඇතුලත් විය.

ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සියැට් කැළණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැළණි සමාගම සිය නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර ආනයනික ටයර් මත යැපීම අඩුකරමින් විදේශ විනිමය සුරැකීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව