2023 ශ්‍රී ලංකා ප්‍රෝටීන් දිනය සමරමින් “Right To Protein” විසින් ප්‍රෝටීන්-ඕ-මීටරය හඳුන්වා දෙයි

Image (1) (1)

 



 

 

ශ්‍රී ලංකාව ලොව බොහෝ රටවල් සමඟ එක්ව ප්‍රෝටීන් දිනය (පෙබරවාරි 27) සමරන අතරවාරයේ, මහජන සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් වන ‘right to protein’ විසින් ප්‍රෝටීන්-ඕ-මීටරය නමින් ප්‍රෝටීන් කැල්කියුලේටරයක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.

‘Right To Protein’ වෙත පිවිසීමෙන් මෙරට පුරවැසියන්ට ප්‍රෝටීන්-ඕ-මීටරය මෙවලම වෙත ප්‍රවේශ විය හැකිය. පුරවැසියන්ට ඔවුන්ගේ දෛනික ප්‍රෝටීන අවශ්‍යතා පදනම් කර ගත් දේහ පැතිකඩ, ජීවන රටාව යනාදි පුද්ගල තොරතුරු ගණනය කිරීමට සහ දවසේ විවිධ වේලාවන් හි දී පාරිභෝජනය කළ ආහාර පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු බෙදා හැරීමට ප්‍රෝටීන්-ඕ-මීටරය උපකාර වේ.  දේශීය ආහාරවල අඩංගු ප්‍රෝටීන් අන්තර්ගතය ප්‍රෝටීන්-ඕ-මීටරය මගින් තක්සේරු  කළ හැකිය.  පුද්ගලයෙකුගේ ආහාර වේලෙහි ඇති ප්‍රෝටීන් පරතරයන් පෙන්වා දීම,  ප්‍රෝටීන් ඉලක්ක පිළිබඳව සියලු පුරවැසියන්ගේ දැනුවත් භාවය ඇති කිරීම සහ සෑම ආහාර වේලකම ප්‍රෝටීන් හතරෙන් එකක් පරිභෝජනය කිරීමට මතක් කිරීමක් ලෙස ක්‍රියා කිරීම මෙම මෙවලමෙහි අරමුණයි.

ප්‍රෝටීන් අපගේ සමස්ත යහපැවැත්ම සඳහා  අත්‍යවශ්‍ය සාර්ව පෝෂකයක්  වන අතර, ප්‍රෝටීන් ඌනතාවය, බොහෝ සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට හේතු වේප්‍රෝටීන් ආහාර සහ ඒවායේ ප්‍රතිලාභ, පුරවැසින් අතර  දිගු කාලීන හැසිරීම්  වෙනස්කම් ඇති කිරීමට ඒවාට ඇති හැකියාව පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම කාලීන අවශ්‍යතාවක් බව ශ්‍රී ලංකාවේ විශේෂඥයන්ගේ යෝජනාවයි. ‘ප්‍රෝටීන් දිනය’ සහ ‘ප්‍රෝටීන්-ඕ-මීටරය’  මෙම අරමුණ මෙහෙය වීම  සඳහා දායක වන්නේ ස්වයං දැනුවත් භාවය හා හැසිරීම් රටාව වෙනස් කිරීමට සහය වෙමිනි.

‘සැමට ප්‍රෝටීන් සඳහා පහසු ප්‍රවේශය’ යන තේමාව යටතේ 2023 වසරේ ප්‍රෝටීන් දිනය  සමරනු ලබයි. මෙහි ඉලක්කය වන්නේ ප්‍රෝටීන් ආහාරවල ප්‍රවේශතාව පිළිබඳ අවධානය යොමු කිරීම සහ වඩා හොඳ පෝෂණයක් හා සෞඛ්‍යයක්  සඳහා ප්‍රෝටීන්වල ඇති වැදගත්කම පිළිබඳව වැඩි තොරතුරු දැන ගැනීමට පුරවැසියන් දිරිමත් කිරීමයි. සමාන අදහස් ඇති පුද්ගලයන්, සන්නාම, සංවිධාන, විශේෂඥයින්, සංගම් සහ තවත් බොහෝ දේවල සහාය ඇතිව සමාජ මාධ්‍ය මගින් මෙහෙයවන මහජන දැනුවත් කිරීම ඇතුළු, රටේ විවිධ වේදිකාවල ප්‍රෝටීන් පිළිබඳ පෝෂණ අධ්‍යාපන වැඩසටහන් මෙහෙයවීමට මෙම දිනය උපකාරී වනු ඇත.

#ProteinDay සැමරීමට සහ වඩාත් පෝෂණීය සුරක්ෂිත ලෝකයක් කරා පියවරක් තබන්නට මෙම වැඩසටහන හා සම්බන්ධ වන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව