2023 වසරේ දී TEDxColombo නව මුහුණුවරකින්!

Speakers at TEDxColombo 2018 (LBN)

 



 

 

TEDxColombo මගින් සිදුකරනු ලබන සිය අරමුණු සමාජගත කරමින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මාලාවේ 10 වන අදියර ක්‍රියාත්මක කිරීමට සැරසෙමින් තම ප්‍රේක්ෂකයින් වෙත ආකර්ෂණීය ලෙස ළඟා විය හැකි කථිකයන් හඳුනා ගැනීම වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් සංවිධානය කර තිබේ. මෙම ස්වාධීන වැඩසටහන සඳහා දේශීය වශයෙන් පැවැත්වෙන දේශන සහ සුවිශේෂී TED Talk වීඩියෝ පට ද ඇතුළත් ය.

2009 වසරේ දී ආරම්භ කෙරුණු TEDx යනු TED වැනි අත්දැකීම් බෙදා ගැනීම සඳහා ජනතාව ඒකරාශී කිරීම වෙනුවෙන් දේශීය ව සංවිධානය කෙරෙන වැඩසටහනකි.  TEDx සිදුවීම්වලින් හොඳ ම සිදුවීම් සහිත ඇතැම් වීඩියෝ පට TED.com හි අන්තර්ගත වන අතර, ඒවා ලොව පුරා ප්‍රේක්ෂකයින් මිලියන ගණනකගේ අවධානයටද ලක්ව තිබේ.

මෙවර TEDxColombo වැඩසටහනේ තේමාව ගොඩනැගී ඇත්තේ අදහස්, අභියෝග, අත්දැකීම් සහ ආස්වාද යන මූලික සංකල්ප මූලික කරගනිමිනි. ”ඔබගේ විශ්වාසය පවතින්නේ කොතැනද?  සැබවින්ම අපගේ අනාගතය පදනම් වන්නේ අප අතීතයේ කළ දේ මත ද?,  එසේත් නැතිනම් වර්තමානයේ අප සිදුකරන ක්‍රියාකාරකම් තුලින් අප ව විනිශ්චයට ලක්වේද?  ඔබගේ අදහස අනුව කාලයක්  පුරා සිදු කරනු ලබන ක්‍රියාකාරකම් අවසානයේ කෙසේ හෝ අපගේ සාමූහික අනාගතයට සම්බන්ධ වන බව දැන සිටියේ නම්, කුමක් කළ යුතු ද?  එවිට ප්‍රතිපලය කුමක්වනු ඇත්ද? ”  ඔබ එලෙස නිවැරදි මාර්ගයට පිවිසුණු විට ඔබ විශ්වාස කල, ඔබ තුළ මෙන් ම සමාජය තුළ හරවත් වෙනස්කම් ඇති කිරීමට සමත් වූ සංකල්ප ආදිය පිළිබඳ ව මෙම වැඩසටහනේ දී තවදුරටත් අවධානය යොමු වේ.

‘TEDx,  ඕනෑ ම ප්‍රදේශයක, ඕනෑ ම වයස් කාණ්ඩයක සහ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම අයදුම්පත් පිළිගන්නා අතර, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා තුන සඳහා ම අයදුම්පත් භාර ගන්නා බව පවසන TEDx සම සංවිධායක කෝෂාල් ක්‍රිෂ්ණකුමාර් මහතා වැඩිදුරටත් පවසන්නේ, සමාජය තුල බෙදාහරිය හැකි වටිනා අදහස් ඇති ඕනෑ ම කෙනෙකුගේ හඬට සවන් දීමට TEDEx සූදානම් බවයි.

එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

TEDxColombo සඳහා අයදුම් කිරීමට කැමති පුද්ගලයින්ට මෙන් ම එලෙස මේ වෙත යොමු කිරීමට සුදුසුකම් සහිත යම් කෙනෙකු වේ නම්, www.TEDxColombo.org වෙබ් අඩවිය වෙත පිවිස, අදාළ තොරතුරු, දේශකයින්ගේ ඇමතුම් ලේඛනය වෙත ඉදිරිපත් කළ හැකිය. කථිකයින්ගේ අයදුම්පත් හා නාමයෝජනා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2023 පෙබරවාරි 27 වන අතර, TEDxColombo භාරකාර කමිටුව 2023 ජුනි මාසයේ දී කථිකයන්ගේ අයදුම්පත් සමාලෝචනය කිරීමෙන් අනතුරුව පැවැත්වීමට නියමිත පෞද්ගලික සම්මුඛ සාකච්ඡාවලින් අනතුරු ව අදාළ දේශකයින් තෝරාගැනීම සිදුවේ.

2016 වසරේ TEDxColombo ඇමතූ  ශනුකි ද අල්විස් වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ,  “TEDxColombo මගේ ජීවිතයේ  ගමන් මග බොහෝ දුරට වෙනස් කිරීමට සමත් වුණා. අද මම මා ගැන ම විශ්වාසයෙන් කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙලා. ඒ වගේ ම  ශ්‍රී ලංකාව තුළ වගේ ම විදේශ රටවලත් පිළිගැනීමට ලක් වූ පෞරුෂයක් බවට පත් වීමට මට හැකි වී තිබෙනවා. මම TEDx හි ආදි කථිකයෙක් බව පැවසීම මා තුළ වගේ ම මට සහය දීමට ඉදිරිපත් වූ ජනතාව තුළත් වෙනසක් ඇති කිරීමට සමත් වෙලා තිබෙනවා. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියල මම ඔබ සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටිනවා.” යනුවෙනි.

මේ පිළිබඳ ව උනන්දුවක් දක්වන්නන්ට පසුගිය TEDxColombo වැඩසටහන්වල දී ඉදිරිපත් වූ දේශන නැරඹීමට, TEDxColombo සමඟ ස්වේච්ඡාවෙන් සම්බන්ධ වීමට මෙන්ම මෙම වැඩසටහන් මාලාව සඳහා අනුග්‍රහය ලබාදීමට හෝ මෙවර වැඩසටහනට සහභාගි වීමට හෝ ඒ සඳහා තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් ද ඉහත සඳහන් වෙබ් අඩවියට පිවිසිය හැකි ය. කථිකයින් සඳහා වන නිවේදන දැන ගැනීම, ප්‍රවේශ පත්‍රවල මිල දැන ගැනීම සහ මාර්ගගත ව ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීම ඇතුළු වැඩිදුර තොරතුරු සඳහා වෙබ් අඩවියේ ඇති පුවත් / දැන්වීම් පත්‍රිකාවෙහි ලියාපදිංචි විය හැකි ය.

TEDxColombo සංවිධානය කෙරෙන්නේ TED අත්දැකීම් පිළිබඳ ව අර්ථවත් සංවාද හා අදහස් තුළින් සමාජය දැනුවත් කිරීම සඳහා කැප වී සිටින ප්‍රජා උපදේශකයින්ගේ ස්වේච්ඡා කණ්ඩායමක් විසිනි.

TEDxColombo පිළිබඳ වැඩි විස්තර සඳහා ඔබට www.tedxcolombo.org වෙබ් අඩවිය වෙත පිවිසිය හැකිය.

TED පිළිබඳව

TED යනු ප්‍රමුඛ පෙළේ චින්තකයින් හා ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන කෙටි දේශන හරහා අදහස් හා මතවාද සමාජගත කිරීම වෙනුවෙන් කැපවූ ලාභ අරමුණුකර නොගත් සංවිධානයකි. මෙම දේශන බොහොමයක් TED සම්මන්ත්‍රණ,  TED වැඩසටහන් මෙන්ම ලොව පුරා ස්වාධීන ව සංවිධානය කෙරෙන TEDx වැඩසටහන් දහස් ගණනක් මගින් සමාජගත කිරීම සිදු කරයි. මෙම දේශනවල වීඩියෝ පට TED.com සහ වෙනත් ක්‍රමවේද ඔස්සේ නොමිලේ ලබා ගත හැකිය. එම දේශනවල ශ්‍රව්‍ය අනුවාද TED Talks වෙත යොමු කෙරෙන අතර, ඒවා සියලු ම පොඩ්කාස්ට් සේවාවන් ඔස්සේ ලබා ගත හැකි ය.

TED.com හරහා නව TED Talk වීඩියෝ දිනපතා පළ වේ.  TEDx, ලොව පුරා දේශීය, ස්වයං-සංවිධානාත්මක TED වැඩසටහන් පැවැත්වීම සඳහා පුද්ගලයින් සහ කණ්ඩායම් දහස් ගණනකට නීත්‍යනුකූල අවසරය ලබා දෙයි. එලෙසම TED Fellows වැඩසටහන, කැපී පෙනෙන ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම්වල බලපෑම ගෝලීයව ව්‍යාප්ත කිරීම සඳහා ලොව පුරා සිටින නවෝත්පාදකයින් තෝරා ගන්නා වැඩසටහනකි. මේ සඳහා මිලියන සංඛ්‍යාත ජීවිතවලට බලපෑම් කිරීමේ හැකියාව සහිත, Audacious ව්‍යාපෘතිය මගින් අරමුදල් සපයයි. TED පරිවර්තකයන් විසින් ගෝලීය වශයෙන් මෙම සංකල්ප ජනගත කළ හැකිවන පරිදි TED කතා සඳහා උපසිරැසි ලබා දෙන අතර, TED විසින් TED@Work හරහා සේවා ස්ථාන පිළිබඳ ඉගෙනීම වෙනුවෙන් TED Talks ප්‍රතිනිර්මාණය කරන වැඩසටහනක් ද පිරිනමයි. එමෙන් ම TED,  ක්‍රිස් ඇන්ඩර්සන්, ඇඩම් ග්‍රාන්ට්, සලීම් රෙෂම්වාලා, ෆාර් ෆ්ලන්ග් ආදී පුද්ගලයින් සමඟ සිදු කරන ලද TED සම්මුඛ සාකච්ඡා ඇතුළු වැඩසටහන් සහිත පුස්තකාලයකින් ද සමන්විත ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව