2022 ප්‍රීමා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත ශූරතාලිය සාර්ථකව අවසන් වෙයි

IMG_0820 (LBN)

 



 

 

2022 ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවේ ඒකාබද්ධ වයස් කාණ්ඩයේ බාලිකා අංශයේ රන් පදක්කම කායා දළුවත්ත විසින් දිනා ගනු ලැබූ අතර, ඇය තරඟාවලියේ  මුල සිට අවසානය දක්වා ම පෙරමුණ ගැනීමට සමත් වූවා ය. එහි රිදී පදක්කම ෂෙරින් මිත්‍ර බාලසූරිය හිමිකර ගත් අතර,   දේවින්කා කනගීස්වරන් එහි ලෝකඩ පදක්කම දිනා ගත්තාය. සුපිරි දක්ෂතාවක් පෙන් වූ 14 හැවිරිදි කායා දළුවත්ත මෙවර ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් තරඟාවලිය ආලෝකමත් කිරීමට සහ ලංකා ධජය ඉහළට ඔසවා තැබීමට සමත් වූ අතර, ආනාගතයේ අති දක්ෂ ගොල්ෆ් ක්‍රීඩිකාවක් ලෙස දුර ගමනක් යාමේ සියලු ධනාත්මක ලකුණු පෙන්නුම් කළාය.

මෙවර තරඟාවලියේ බාලක ශූරතාව සඳහා තරඟ කළ  ධනුෂාන් පළමු වටයේ පෙරමුණ ගත් අතර, ඔහු වත්මන් ශූර යානික් කුමාර සහ RCGC ක්‍රීඩා සමාජයේ ශූරයා වන නිරේක් තේජ්වානිගේ ප්‍රබල අභියෝගයට මුහුණ දුන්නේය.  2022 කනිෂ්ඨ බාලක ශූරතාවලියේ  ලකුණු 222ක් වාර්තා කළ යානික් තෙවන ස්ථානය දිනාගත්තේය. දෙවන ස්ථනය දිනා ගත් නිරේක් ලබා ගත් ලකුණු 220 ට පිළිතුරු වශයෙන් ධනුෂාන් ලකුණු 215 ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

දක්ෂ ක්‍රීඩකයෙකු වන රෙෂාන් අල්ගම අවසන් වටයේ දී ලකුණු 24 කින් තේජස් අභිබවා යමින්, රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, රතීස් කාන්ත් ජේකබ් නෝර්ටන් පරදවමින් 3 වැනි ස්ථානයටත්, අනුරාධපුරයේ ආදිත්‍ය වීරසිංහ  4 වැනි ස්ථානයටත් පත් විය.

ලෝකඩ අංශයේ ප්‍රථම ස්ථානය කයිට්ලින් නෝර්ටන් දිනාගත් අතර එහි දෙවන ස්ථානය සකීබ් සුහාර් දිනා ගත්තාය. එම අංශයේ තුන් වන ස්ථානයට පත් වූයේ අනුරාධපුර විද්‍යාපීඨයේ අංජු මෙත්සරා ක්‍රීඩිකාවයි.

අති දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන  රේවාන් අමරසිංහ ද තඹ අංශයේ මුල සිට අවසානය දක්වා පෙරමුණ ගත් අතර, ඔහු එම අංශයේ ශූරයා ලෙස කිරුළු පැළඳුවේ වට 3ක් (කුහර 9ක්) තුළ පහර 11ක් සමඟ ලකුණු 120ක් ලබා ගනිමිනි. එම අංශයේ දෙවැනි ස්ථානය ලකුණු 131 ක් ලබා ගනිමින් යුවන් රතීස් කාන්ත් දිනා ගත් අතර,  ඩැනික් දළුවත්ත ලකුණු 142ක් ලබා ගනිමින් තුන්වන ස්ථානය දිනා ගත්තේ ය.

සමස්තයක් ලෙස ගත් කල, මෙවර ගොල්ෆ් තරඟාවලිය ඉතා ඉහළ මට්ටමක පැවති අතර, රන් අංශයේ  බාලක සහ බාලිකා ජයග්‍රාහකයන් 3 දෙනා සහ රිදී පදක්කම දිනා ගත් රෙෂාන් අල්ගම අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා ඉදිරියෙන් සිටියහ. කෙසේ වෙතත්, අනුරාධපුර ඇකඩමියේ කනිෂ්ඨ ක්‍රීඩකයින් සාපේක්ෂව කෙටි කාලයක් තුළ ඉහළ ප්‍රගතියක් ලබා ඇති බව ඔවුන් දැක් වූ දක්ෂතාවලින් අනාවරණය විය.  ආනන්ද විද්‍යාලයේ සිසුන් තරඟකාරී ගොල්ෆ් ක්‍රීඩාවට පිවිසීම මෙන් ම  තඹ අංශයේ වයස අවුරුදු 9 සහ ඊට අඩු වයස් කාණ්ඩ ඔස්සේ තරඟ කළ දරුවන් සිය පළමු තරඟාවලියේ දී ම විශිෂ්ට දස්කම් දැක්වීම ගෝල්ෆ් ක්‍රීඩාවේ අනාගතය සුබදායක බව පසක් කළේ ය.

2010 වසරේ සිට 2022 ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන ප්‍රීමා සන්රයිස් බ්‍රෙඩ් විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගන්වමින් සිත් ඇදගන්නා සුළු ත්‍යාග ප්‍රදානය කිරීම කැපී පෙනුණි. මෙවර තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාය.

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති මයිකල් මාගල මහතා  කනිෂ්ඨ ගොල්ෆ් විවෘත ශූරතාවලිය සඳහා  අඛණ්ඩ සහයෝගය ලබා දීම වෙනුවෙන් ප්‍රිමා සන්රයිස් බ්‍රෙඩ් වෙත සිය කෘතඥතාව පළ කළේය. ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා,  දරුවන්ට ගොල්ෆ් ක්‍රීඩා කිරීමට සහාය වීම පිළිබඳ ව සියලු ම දෙමාපියන්ට ස්තූතිය පුද කළේය.  එහි දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී  ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දීම ප්‍රධාන ඉලක්කය විය යුතු බවයි.  ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩාවේ ප්‍රමිතිය විශිෂ්ට බවත්, නවක කනිෂ්ඨ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉතා ඉහළ තලයක පවතින බවත් පැවසූ ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් සභාපතිනි නිලූ ජයතිලක මෙනවිය, විශේෂයෙන් අනුරාධපුරයේ සහ ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට ඉදිරිපත් වූ අනුග්‍රාහකයින් රැසක් ඇගයීමට ලක් කළාය.  වසර 10කට අධික කාලයක් ශ්‍රී ලංකා ගොල්ෆ් විවෘත කනිෂ්ඨ ශූරතාවලියේ  අනුග්‍රාහකයා ලෙස කටයුතු කළ, ප්‍රීමා සන්රයිස් බ්‍රෙඩ් නියෝජනය කරමින් ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ සජිත් ගුණරත්න මහතා ප්‍රධාන සම්මාන ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත ශූරතාව 2022 අවසන් ප්‍රතිඵල

අනුග්‍රාහක : ප්‍රීමා සන්රයිස් බ්‍රෙඩ්

රන් අංශය බාලක – කනිෂ්ඨ ශූරතාව – කේ.ධනුෂාන් 215

පළමු අනුශූරතාව – නිරේක් තේජ්වානි 220

දෙවැනි අනුශූරතාව – යානික් කුමාර 222

3 වන අනුශූරතාව – ජී.ජී.  සංකනාත් හෙසර 246

රන් අංශයේ බාලිකා – කනිෂ්ඨ ශූරිය – කායා දළුවත්ත – 209

පළමු අනුශූරතාව – ෂෙරින් මිත්‍ර බාලසූරිය 237

2වන අනුශූරතාව – ධෙවින්කා කනගීස්වරන්  241

3 වන අනුශූරතාව – දනුෂි වනසිංහ 280

රිදී අංශයේ බාලක බාලිකා ඒකාබද්ධ – ශූර රිදී අංශය රෙෂාන් අල්ගම 206

 

1වන අනුශූරතාව –   තේජස් රතිස් කාන්ත් 230

2 වන අනුශූරතාව – එච්.ඩී.  ආදිත්‍ය වීරසිංහ (අ’පුර) – 231

3 වන අනුශූරයා – ජේකබ් නෝටන් 239

ලෝකඩ අංශයේ බාලක සහ බාලිකා ඒකාබද්ධ – ජයග්‍රාහකයා – කයිට්ලින් නෝටන්  273

පළමු අනුශූරතාව – සකීබ් සුහාර් 276

2 වන අනුශූරතාව – එල්.ජී.  අනුජ මෙත්සර 278

තෙවැනි අනුශූරතාව – යෙහන්සා සේනානායක 283

තඹ අංශය බාලක බාලිකා ඒකාබද්ධ – ජයග්‍රාහකයා – රේවාන් අමරසිංහ 120

දෙවන ස්ථානය – යුවන් රතිස් කාන්ත් 131

තෙවැනි ස්ථානය – ඩැනික් දලිවත්ත 142

4 වන ස්ථානය – මිහිනෙලි හේරත් 198

පස්වන ස්ථානය – රිචඩ් මාගල 203

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + seventeen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව