2022 Microsoft Imagine Cup ලෝක ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවේ සිසුන් දිනා ගනී

Team Nana Shilpa (LBN Fill)

 



 

 

 

පසුගියදා පැවති 20 වැනි Microsoft Imagine Cup ලෝක ශූරතා තරඟාවලියේදී රටවල් 160ක් නියෝජනය කරමින් තරඟ වැදුණු දස දහස් ගණනක් තරඟකරුවන් අතුරින් හොඳම තරඟකරුවන් තිදෙනා අතරට පැමිණීමට Nana Shilpa කණ්ඩායම සමත් විය‘ 

Microsoft Imagine Cup 2022 ලෝක තරඟාවලියේ අනුශූරතාව හිමිකරගත් Nana Shilpa කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපදයේ රෙඩ්මවුන්ඩ්හි Microsoft Campus ඉදිරිපස

ඇමරිකා එක්සත් ජනපදයසියැටල්a ” වොෂිටන් ජනපදයේ සියැටල්හි පැවතs 2022 Microsoft Imagine Cup ලෝක ශූරතා තරඟාවලියේ අවසන් තරඟයේදී V Bionic සහ Team Melodic කණ්ඩායම් සමඟ දැඩි තරඟයකින් පසු Nana Shilpa කණ්ඩායම එහි අනුශූරතාවය හිමි කරගත් බව Microsoft විසින් පසුගියදා නිවේදනය කරන ලදීS’ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ Nana Shilpa කණ්ඩායම මෙහිදී  ඇමරිකානු ඩොලර් 10000ක ත්‍යාගයක් දිනා ගැනීමට සමත් වූයේ ශ්‍රී ලාංකේය නවෝත්පාදන තරඟාවලියේ හොඳම නව විසඳුම් තුනෙන් එකක් ලෙසද පිළිගැනීමට ලක් කරමිනිs’

Microsoft Imagine Cup තරගාවලිය නිර්මාණය කිරීමේ අරමුණ වන්නේ ගෝලීය වශයෙන් පවතින සමාජ පාරිසරික සහ සෞඛ්‍ය අංශ හි පවතින අභියෝගයන් හට සාර්ථකව මුහුණ දීමට තම පරිකල්පනය සහ තාක්ෂණයට ඇති ඇල්ම උපයෝගී කරමින්  නව්‍ය විසඳුම් නිර්මාණය කිරීමට සිසුන් දිරිමත් කිරීමයි

“තම කුසලතාවන් එළි දැක්වීම සඳහා වූ කදිම අවස්තාවක් ලෙස අපගෙa Imagine Cup තරඟාවලිය හැදින්වීමට පුළුවන් වසර 20ක කලක පටන් ගෝලීය අභියෝග විසඳීමට තාක්ෂණය යොදා ගන්නා ආකාරය සිසුන් අප හට සාර්ථකව පෙන්වා දී ඇත'”˜ Microsoft ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩේලා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය.

2022 Microsoft Imagine Cup සඳහා ලියාපදිංචි වූ 160ක අධික රටවල් සංඛ්‍යාවක දස දහසකට වැඩි තරඟකරුවන් අතුරින් කණ්ඩායම 2022 Imagine Cup තරගාවලියේ  අවසන් ජයග්‍රාහකයින් තිදෙනා අතරට පත් වීමට වරම් හිමිවිය. තරඟයේ අවසන් අදියර පැවති ඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටල් බලා පිටත් වූ ඔවුන් එහිදී මිනිත්තු 3ක ඉදිරිපත් කිරීමක් සහ ප්‍රශ්නෝත්තර සැසියක් හරහා විනිශ්චය මණ්ඩලය වෙත ඔවුන්ගේ තාක්ෂණික නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව උදා කරගත්හ ‘

කියවීම ” ලිවීම සහ ගණිතමය ගැටළු විසදීමේ අපහසුතා නිරාකරණය කිරීම සඳහා උපකාරී වීමට සිංහල භාෂාව උපයෝගී කර නිර්මාණය කරන ලද Nana Shilpa ඇප් යෙදුමලමෙම තරඟාවලිය සඳහා මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙa ^SLIIT& කල්පනී අබේසිංහ, චමිල් දිලුක්ෂ, මහේෂනී මාකලන්ද හා ප්‍රභාත් ශාලිත යන සිසු සිසුවියන්ගෙන් සුසැදි කණ්ඩායම ඉදිරිපත් විය ‘ ලොව පුරා සිටින දරුවන්ගේ පහසුව වෙනුවෙන් විවිධ භාෂා සහ සංස්කෘතීන් සඳහා Nana Shilpa ඇප් යෙදුම උපකාර වන බව ඔවුහු මෙහිදී නිවේදනය කර සිටියහ ‘

ඉගෙනීමේ අක්‍රමිකතා යනු තොරතුරු සන්නිවේදනයේ ගැටලුවක් වන අතර එමඟින් පුද්ගලයෙකුට හැකියාවන් වැඩි දියුණු කිරීමටත්a” එය ඵලදායී ලෙස භාවිතා කිරීමත් වළක්වයිs’ එහි ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයෙකුගේ  වයස සහ බුද්ධිය සහ අධ්‍යයන කුසලතා හි ඇතිවන විෂමතාව ආබාදයක් ලෙස දිස්වේග ඇතැම් දරුවන් පෙර පාසල් අවධියේ පටන් මෙම ආබාධ නිසාවෙන් පීඩාවට පත් වේ’

“අපි ජීවත් වන්නේ තාක්ෂණය තුලින්  විවිධ ගැටලුවලට විසඳුම් ලබා දිය හැකි ලෝකයකයිs’ Nana Shilpa නිර්මාණය කිරීම මගින් දේශීය භාෂා භාවිතයෙන් ඉගෙනීමේ ආබාධ සඳහා විසඳුම් ලබා දීම බලාපොරොත්තු වෙනවා’ ජංගම උපාංගයක ආධාරයෙන් උසස් Machine Learning සහ computer vision algorithms භාවිතයෙන් එය ක්‍රියාවට නංවයිs’ දරුවෙකු ඉගෙනීමේ ආබාධයක් හඳුනාගනු ලැබුවහොත්” යෙදුම එම තත්ත්වය අවම කිරීම සඳහා විශේෂ ක්‍රියාකාරකම් සපයයි”˜ Nana Shilpa කණ්ඩායමේ කල්පනී තම අදහස් දැක්විය’

2022 මාර්තු 24 වන දින සියැටල්හිදී පැවති 2022 Microsoft Imagine Cup ලෝක තරඟාවලියේදී විනිශ්චය මණ්ඩලය වෙත Nana Shilpa කණ්ඩායම ඉදිරිපත් කිරීම් සිදු කළ අයුරු

ඉගෙනීමේ ආබාධ සහිත දරුවන්ගෙන් එකතු කරන ලද දත්ත ලක්ෂ්‍ය දහස් ගණනක් භාවිතා කරමින් මෙම ඇප් යෙදුමෙහි AI ආකෘති සකසා ඇති අතර ඉගෙනීමේ ආබාධ හඳුනාගැනීමේ වෘත්තීය මට්ටමේ පරීක්ෂණ ක්‍රියාවලි සඳහා ඩොලර් 400 ත් 2″ 000 ත් අතර මුදලක් වැය විය හැකිය’ එහෙත් Nana Silpa ඩොලර් 60 ක් වැනි අඩු මුදලකට සැපයීමට අප බලාපොරොත්තු වෙනවා’ අපගේ අරමුණ වන්නේ ලෝකයේ සෑම දරුවෙකුටම එක හා සමානව කියවීමට සහ ලිවීමට උපකාර කිරීමයි” යනුවෙන් කල්පනී වැඩි දුරටත් අදහස් දැක්විය ‘

මෙවර තරඟාවලියේ ශූරතාව සෞදි අරාබියේ සහ ජරිමනියේ Team V Bionic කණ්ඩායම විසින් දිනාගන්නා ලදී’

Microsoft හි ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ කළමනාකාර හර්ෂ රන්දෙණි මහතා මෙහිදී අදහස් දක්වමින් zzMicrosoft Imagine Cup තරඟාවලිය ලෝකය තුළ යම් වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සිසුන්ට අභියෝගයක් ලබා දෙන අතරම සමාන අදහස් ඇති තරුණ නවෝත්පාදකයින් සමඟ සම්බන්ධ වීමට මෙන්ම ඉගෙනීමට අවස්ථාව සළසා දෙනවා’ මෙහිදී දිගු කාලීන බලපෑමක් ඇති කිරීමේ හැකියාව සහිත ශ්‍රී ලංකාවේ සිසුන් විසින් ඔවුන්ගේ අද්විතීය නිර්මාණයන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කිරීම පිළිබඳව අපගේ සුභ පැතුම් එක් කිරීමට කැමතියිsZZ යනුවෙන් පවසා සිටින ලදී

ලෝක තරඟාවලියේ විශේෂ අවස්ථා නරඹන්න මෙතැනින් ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර https://www.imaginecup.com/. වෙත පිවිසෙන්න’

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව