2019 NASCO සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ අලෙවි වෘත්තිකයින්ට සම්මාන 05 ක්

NASCO 2019

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM විසින් සංවිධානය කළ 2019 NASCO – National Sales Congress සම්මාන ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ ප‍්‍රමුඛතම අලෙවි වෘත්තිකයින්ට පස් දෙනෙකු රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක්, ලෝකඩ සම්මානයක් සහ කුසලතා සම්මානයක් දිනාගනිමින් වාර්ෂිකව පැවැත්වෙන මෙම ගෞරවණීය සම්මාන ප‍්‍රදානයේදී සමාගම සතු අලෙවි හැකියාව නැවත වරක් ප‍්‍රදර්ශනය කළේය.

මේ අනුව, ජීවිත රක්ෂණ අංශයේ අලෙවි විධායක කාණ්ඩය යටතේ රන් සම්මානය තෙල්දෙණියේ එම්.ජී.එස්. වේරපිටිය මහතා දිනාගත් අතර සහකාර කළමණාකාර අංශය යටතේ අනිකුත් අලෙවි සහාය කාණ්ඩයේ රන් සම්මානය ශ්‍යාමලා දෙල්වල මහත්මිය විසින් දිනා ගන්නා ලදී. මෙම සම්මාන කාණ්ඩය ගිය වසරේදී මෙම තරඟාවලියට ඇතුළත් කළ අතර එය සියළුම කර්මාන්ත අංශ ආවරණය කරයි.

මේ අතර, ජීවිත රක්ෂණ අංශයේ විධායක කාණ්ඩය යටතේ රිදී සම්මානය කේ.ඞී.එල්.එන්. ඉනෝකා මහත්මිය දිනාගත් අතර ජීවිත රක්ෂණ අංශයේ ‘ටෙරිටරි මැනේජර්’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය කළුතර කේ.ඞී.එම්. නිශාන්ත මහතා දිනාගත්තේය.

ජීවිත රක්ෂණ අංශයේ ‘ෆ‍්‍රන්ට් ලයිනර්’ කාණ්ඩය යටතේ කුසලතා සම්මානය හොරණ ජේ.එම්.සී. බණ්ඩාර මහත්මිය විසින් දිනා ගන්නා ලදී.

මෙම සම්මාන පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘දශක තුනකට වඩා වැඩි කාලයක් බහුතර ජනතාවකගේ විශ්වාසය දිනාගත් සන්නාමයක් සමඟ සාර්ථකත්වයට පත්වීමට සෙලින්කෝ ලයිෆ් සිය අලෙවි වෘත්තිකයින්ට අවස්ථාව ලබාදී තිබෙනවා. නමුත්, වෙළඳපොළේ පවතින දැඩි තරඟකාරීත්වය හමුවේ පුද්ගල සාර්ථකත්වයට වෘත්තීයභාවය, ධෛර්ය සහ කැපවීම ඉතාමත් වැදගත් වෙනවා. සමාගමේ ප‍්‍රධාන වටිනාකම් ප‍්‍රදර්ශනය කළ අපගේ ජයග‍්‍රාහකයින්ට අපි සුභ පතනවා.’

සෙලින්කෝ ලයිෆ් සමාගම 2011 වසරේ සිට NASCO සම්මාන ප‍්‍රදානෝත්සවය සඳහා සහභාගී වන අතර කොළඹ, අම්බලන්තොට, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, හොරණ, කළුතර, කුරුණෑගල, මාතර, මොරටුව, මීගමුව, නිට්ටඹුව සහ තෙල්දෙණිය යන ප‍්‍රදේශ නියෝජනය කරමින් සියළුම අංශ සඳහා ජයග‍්‍රාහකයින් බිහිකර තිබේ. සමාගම විසින් 2015 සහ 2016 වසර වලදී වසරේ විශිෂ්ටතම කාන්තා අලෙවි නියෝජිතවරිය යන සම්මානද දිනා ගන්නා ලදී.

NASCO සම්මාන ලාභීන්ට සෙලින්කෝ ලයිෆ් සමාගම තුළ ඉහළ පිළිගැනීමක් තිබෙන අතර සමාගමේ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ඔවුන්ව විශේෂ ඇගයීමටද ලක් කරයි.

විකුණුම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය අගයමින් මෙරට වෘත්තිකයින් දිරිගැන්වීම වෙනුවෙන් පවත්වන ප‍්‍රමුඛතම සම්මාන ප‍්‍රදානයක් ලෙස සැලකෙන මෙහිදී විකුණුම් විශිෂ්ටත්වය හඳුනා ගනිමින් විවිධවූ අංශවල විකුණුම් වෘත්තිකයින්ව ඇගයීමට ලක් කරමින් ඔවුන්ට ඉහළම ජයග‍්‍රහණ ලබාගැනීම සඳහා දිරියක් ලබාදෙයි. ශීඝ‍්‍රයෙන් අලෙවිවන පාරිභෝගික භාණ්ඩ (FMCG)” , මූල්‍ය නිෂ්පාදන සහ සේවා, රක්ෂණ, ආයතනික අලෙවිය, විදුලි සංදේශ, ප‍්‍රවාහන සහ සංචාරක, විලාසිතා සහ රෙදිිපිළි, කල්පවත්නා පාරිභෝගික භාණ්ඩ, මධ්‍යසාර මෙන්ම දුම්කොළ, කර්මාන්ත, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණය, මාධ්‍ය සහ නවීන සිල්ලර වෙළඳාම වැනි අංශ නියෝජනය කරන හොඳම ‘ෆ‍්‍රන්ට් ලයිනර්’, ‘සේල්ස් එක්සෙකටිව්’ සහ ‘ටෙරිටරි මැනේජර්’ යන අංශ සඳහා NASCO විසින් රන්, රිදී හා ලෝකඩ සම්මාන පිරිනමයි.

මෙරට ජීවිත රක්ෂණ ක්‍ෂේත‍්‍රයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 250 ක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි. මෙහි සේවය කරන අලෙවි කණ්ඩායම 4000 කට අධිකවේ.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 31 තුළ වසර 15 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සම්මාන ලැබූ සෙලින්කෝ ලයිෆ් මේ වසරේදී ICCSL විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලයිස්තුවට ඇතුළත් කර තිබේ. එසේම, 2018 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම පස්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සහ ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 13 වසරක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සමාගම සම්මානයට පාත‍්‍රකර තිබේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව