1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව ඇරඹෙයි

pexels-cottonbro-6034776

 




 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී සිදු විය.

මෙම දුරකථන සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. දිවයිනේ ඕනාම ස්ථානයක සිට ගාස්තු රහිතව 1938 අංකය ඔස්සේ කාන්තාවන්ට සිදුවන අතවර, හිරිහර ආදී අකටයුතුකම් ක්ශනිකව දනුම් දීමේ අවස්ථාව හිමිවෙනවා. මෙම වැඩසටහනට සමගාමිව 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාවේ ජාතික දත්ත පද්ධතිය එළිදැක්වීම, ජාතික කාන්ත කමිටු නව සාමාජිකයින් සදහා පත්වීම් ලිපි ප්‍රධානය, වනිතා විභව කාන්ත කමිටු ප්‍රකාශනය එළිදැක්වීම සිදුවිය.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, ජේශ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා, ජාතික කාන්තා කමිටු සභාපතිනි ශිරන්ති බ්‍රියටිස් දිශානායක මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව