15 වැනි Intex in Sri Lanka ප්‍රදර්ශනය

IntexSL (11) (LBN)

ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට ගෝලීය මූලාශ්‍රයක් සඳහා කදිම ප්‍රවේශයක්

දකුණු ආසියාවේ ප්‍රමුඛතම රෙදිපිළි මූලාශ්‍ර සමූහය සිය 10 වැනි ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් කර්මාන්තයට අතිවිශාල ස්වභාවික රෙදිපිළි, සැරසිලි, උපාංග, ඩයි වර්ග, රසායනික ද්‍රව්‍ය සහ මෘදුකාංග විසඳුම් මූලාශ්‍ර සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව උදාවන රටවල් 15කින් සැපයුම්කරුවන් 200කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත එම මහ පරිමාණයේ මූලාශ්‍ර සහ වෙළෙඳ ප්‍රදර්ශනය අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු අවස්ථාවකි.

 




 

මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන Intex South Asia ප්‍රදර්ශනය වසර 2025 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 8ක ඇඟළුම් අපනයන ඉලක්කය සපුරා ගැනීමට එම ක්ෂේත්‍රයට සහාය වීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ශාලා 4ක් පුරා සිය ප්‍රදර්ශනය ව්‍යාප්ත කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට සිය නිෂ්පාදන වපසරිය පුළුල් කරගැනීමට, ජාත්‍යන්තර සැපයුම්කරුවන් සහ අන්තර් කලාපීය සබඳතා ශක්තිමත් කොට නිෂ්පාදන හවුල්කාරිත්වය තුළින් අපනයනය ශක්තිමත් කිරීමට මෙම ප්‍රදර්ශනය කදිම පිටුවහලක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ Intex South Asia සඳහා ඉන්දියාව, තායිලන්තය, තායිවානය, පාකිස්තානය සහ කොරියාව හා ජපානය වැනි රටවල රෙදිපිළි ප්‍රදර්ශන කුටි ද ඉදි කිරීමට කටයුතු යොදා තිබේ.

මෙවර ප්‍රදර්ශනයේදී පළමුවරට InMac ඇඟළුම් යන්ත්‍රසූත්‍ර සහ තාක්ෂණික කුටියක් ද 2024 Intex ශ්‍රී ලංකා සමඟ ස්ථාපිත කර ඇති අතර, මැහුම් පිළිබඳ උසස් තාක්ෂණයේ සිට එම්බ්‍රොයිඩරි ඩිජිටල් විලාසිතා තාක්ෂණය දක්වා විසඳුම් සපයනු ලබන InMac, රටවල් 10කට වැඩි ප්‍රමාණයක නිෂ්පාදන හා සේවා නියෝජිතයන් සමඟ ශ්‍රී ලාංකික සහ ඉන්දීය සමාගම්වල සහභාගිත්වය සටහන් කරනු ඇත.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) අනුමැතිය ලැබූ Intex සහ InMac දෙඅංශයම ඇඟළුම් නිෂ්පාදනයේ සෑම අදියරක් සඳහාම පුළුල් මූලාශ්‍ර විසඳුම් ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ සාධනීය ප්‍රගතිය සඳහා ඇති හැකියාව විවර කරගැනීමට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අප හා එක්වන්න !

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව