14 වැනි මෙඩිකෙයා 2025 ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වෙයි

FB_IMG_1740892552851

මහජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍යාරක්ෂණයේ නවතම ප්‍රගතිය, වෛද්‍ය තාක්ෂණය, සුබසාධනය සහ වෛද්‍ය ප්‍රතිකාර සංචාර සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය වන ‘මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025‘ ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව නිමාවට පත් විය. මෙවර 14 වැනි වරට පැවැති මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025 දේශීය සහ විදේශීය ප්‍රදර්ශකයන්ගේ කුටි 150කට අධික සංඛ්‍යාවකින් සමන්විත වූ අතර, දේශීය සහ විදේශීය සෞඛ්‍ය විශේෂඥවරුන් එකම වහලක් යට එක්රැස් කරමින් Aitken Spence Conventions & Exhibitions සමඟ ඒකාබද්ධව Asia Wellness Forum විසින් සංවිධාන කරනු ලැබීය.

 



 
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා ආරම්භ වූ මෙඩිකෙයා 2025 ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් වෛද්‍ය සත්‍යන්ජාල් පාණ්ඩේ, ඉන්දීය සේවා සහ අපනයන ප්‍රවර්ධන කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අභේ සිං ඇතුළු දූත පිරිස සහ සෙසු අනුග්‍රාහක භවතුන් හා පාර්ශ්වකරුවන් එක්වූහ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් පුද්ගලයන් වෙනුවෙන් ජීවිත කාලයේ එක් වරක් පමණක් පිරිනැමෙන Medicare Lifetime Awards සම්මාන ප්‍රදානය ද සමාරම්භක උත්සවය අතරතුර සිදු කෙරිණි. එහිදි ප්‍රධාන ආරාධිත සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පිළිගනිමින් මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනයේ සමසභාපති වෛද්‍ය අමල් හර්ෂ මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබීය.

මෙම තුන්දින සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ සෙසු ආරාධිතයන් ලෙස වෛද්‍ය මංජුල කරුණාරත්න  ( සමූහ ප්‍රධාන විධායක නිලධාරී- ආසිරි රෝහල), මහාචාර්ය ලාල් ජී. චන්ද්‍රසේන (විධායක අධ්‍යක්ෂ සහ සාමාන්‍යධිකාරි – නවලෝක රෝහල), වෛද්‍ය යූ.කේ.එම්. ඉස්මායිල් (සභාපති/ප්‍රධාන විධායක නිලධාරි- ලොයිඩ්ස් හෙල්ත්කෙයාර්), වෛද්‍ය කේ. ත්‍යාගරාජා ඉරෙයිවන් (ප්‍රධාන විධායක නිලධාරි- මෙල්ස්ටා රෝහල රාගම), වෛද්‍ය සුසන්ත මල්ලව ආරච්චි (සභාපති- ලෝක පශු විද්‍යා සංගමය ශ්‍රී ලංකා), වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ (ප්‍රධාන විධායක නිලධාරි/ සමනිර්මාතෘ -සෞඛ්‍ය විද්‍යා ජාත්‍යන්තර ආයතනය), මහාචාර්ය ඩබ්.ඒ.හෙලරුවන් පසන් කුමාර (සභාපති – Wish Fertility රෝහල), වෛද්‍ය මෝතිලාල් ද සිල්වා (සභාපති/ අධ්‍යක්ෂ – eChannelling පුද්ගලික සමාගම), වෛද්‍ය ඩබ්.කේ.වික්‍රමසිංහ ( නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – ජාතික රෝහල), වෛද්‍ය ජී. විජේසූරිය (අධ්‍යක්ෂ/නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – වෛද්‍ය සැපයුම් අංශය සෞඛ්‍ය අමාත්‍යාංශය), වෛද්‍ය නලින් ජයසුන්දර (කළමනාකාර අධ්‍යක්ෂ – Aitken Spence Travels) සහ ගීතාමනී සී. කරුණාරත්න (සමසභාපතිනිය – ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව) මහත්ම මහත්මිහු සහභාගි වූහ.

දශකයකට වැඩි කාලයක් පුරා විහිදී ගිය සිය ශක්තිමත් කීර්තිය තුළින් සෞඛ්‍යාරක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ප්‍රමුඛයන්, සෞඛ්‍යාරක්ෂණ වෘත්තිකවේදීන් සහ සැපයුම්කරුවන්, විශේෂඥවරුන් සහ ප්‍රධානතම කොටස්කරුවන් ඒකරාශී කරමින් සෞඛ්‍යාරක්ෂණ විසඳුම් සහ සහයෝගීතාව ඉහළ නැංවීමට ‘මෙඩිකෙයා‘ කටයුතු කරමින් සිටී. අති නවීන සෞඛ්‍යාරක්ෂණ තාක්ෂණය, රෝග වැළැක්වීමේ දියුණු ක්‍රම, නවීනතම ප්‍රතිකාර ක්‍රම සහ රෝහල් සහ රසායනාගාර විසින් පිරිනමනු ලබන සුවිශේෂී සේවාවන් ප්‍රදර්ශනය කරමින් මහජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය දැනුම සැපයීම මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025 මූලික අරමුණ විය.

සෞඛ්‍ය සේවා සැපයුම්කරුවන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට වෛද්‍ය විද්‍යාවේ නවතම සොයා ගැනීම් සහ පුළුල් සෞඛ්‍යාරක්ෂණ විසඳුම් ගවේෂණය කිරිමට වෘත්තිකයන්ට සහ මහජනතාවට මෙම ප්‍රදර්ශනය තුළින් මාහැඟි අවස්ථාවක් උදා වී තිබිණි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව