13 වැනි ශ්‍රී ලංකා කණිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලියේ ජය යනික් කුමාර සහ කායා දළුවත්ත දෙදෙනාට ! රිදී පදක්කම රෙශාන් අල්ගම ට ලෝකඩ පදක්කම තේජස් රතිස් කාන්ත් ට සහ රෙවාන් අමරසිංහ ට තඹ පදක්කම

Webp.net-resizeimage




 

“ප‍්‍රීමා සන්රයිස්” පාන් සන්නාමය විසින් ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීමේ අරමුණ සහිතව අඛණ්ඩව 13 වැනි වසරටත් ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලිය වෙත සිය අනුග‍්‍රාහකත්වය එක් කරනු ලැබීය. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ එම 13 වැනි ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2021 දෙසැම්බර් මස 15 – 17 දිනවලදී කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ ගොල්ෆ් පිටියේදී අති සාර්ථකව පැවැත්විණ. Covid 19 නිසා අඩාලව පැවැති කණිෂ්ඨ ගොල්ෆ් ක‍්‍රීඩකයන්ගේ පුහුණුවීම් කටයුතු වෙත නව ජීවයක් ලබාදෙමින් පැවැති මෙම තරගාවලිය පුරා පැහැබර කාලගුණයක් ද පැවති නිසා ක‍්‍රීඩකයන්ට දස්කම් දැක්වීමෙහිලා වැඩි අවස්ථාවක් හිමි විය.

නවක ක‍්‍රීඩක යනික් කුමාර 100 වැනි කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ බාලක ශූරතාවය හිමිකරගත්තේ 68, 69 සහ 69 වශයෙන් තරගවට නිමාකරමින් නිරේක් තේජ්වානි දෙවන ස්ථානයට පත් කරමිනි. දක්ෂ නව යොවුන් ක‍්‍රීඩක තේජ්වානි 72, 73 සහ 71 වශයෙන් තරගවට නිමා කළ අතර කේ. ධනුෂාන් තුන්වන ස්ථානය හිමිකරගත්තේ තරගවට 71, 70 සහ 77 ලෙස නිමාවට පත් කරමිනි.

නව යොවුන් ක‍්‍රීඩිකා කායා දළුවත්ත විසින් කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ බාලිකා ශූරතාවය හිමිකරගත්තේ 74, 72 සහ 77 ලෙස වශයෙන් තරගවට නිමාකරමින් දස්කම් දක්වමිනි. ශෙරින් බාලසූරිය ක‍්‍රීඩිකාව එහිදී දෙවන ස්ථානයට පත් වූයෙ පහර 16 ක වෙනසකින් වන අතර ඇය 78, 82 සහ 79 ලෙස තරගවට නිමා කළාය. තෙවන ස්ථානය දිනාගත් දෙවින්කා කනගීස්වරන් 90, 90 සහ 89 ලෙස තරග වට නිමා කළා ය.

ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලිය 2021

2021 දෙසැම්බර් මස 14 සිට 17 දින දක්වා

 

ලකුණු සටහන

තඹ කාණ්ඩය (වයස අවුරුදු 9 හා එයින් පහල) බාලක

තරග

වට I

තරග

වට II

එකතුව තරග

වට III

සමස්ථ

එකතුව

   
1 රෙවාන් අමරසිංහ 44 48 92 46 138
2 සකීබ් සුහයිර් 54 53 107 53 160
3 ධනික් දළුවත්ත 57 63 120 58 178
4 එල්. ජී. අනුජ මෙත්සර  – ANU 63 59 122 59 181
5 යුවාන් රතිස්කාන්ත් 67 59 126 64 190
6 ජයෙදන් සතාසිවම් 73 70 143 68 211

 

ලෝකඩ කාණ්ඩය (වයස අවුරුදු 1011+) බාලක

තරග

වට I

තරග

වට II

එකතුව

 

තරග

වට III

සමස්ථ

එකතුව

1 තේජස් රතිස් කාන්ත් 75 76 151 78 229
2 කයියන් ජෝන්පිල්ලේ 75 82 157 79 236
3 එච්. ශෙනාල් නිම්සිත් 96 87 183 89 272
4 ඩබ්ලිව්. ජී. ඉඳුනෙත් සෞභාග්‍ය 103 102 205 104 309

 

රිදී කාණ්ඩය (වයස අවුරුදු 12 14+) බාලක

තරග

වට I

තරග

වට II

එකතුව තරග

වට III

සමස්ථ

එකතුව

1 රෙශාන් අල්ගම 76 79 155 76 231
2 එන්. ඩබ්ලිව්. ජී. ශෙනාල් බිනුෂ්ක 84 81 165 82 247
3 ක්වාන් තේජ්වානි 86 80 166 87 253
4 කේෂව් අල්ගම 90 85 175 88 263

 

රන් කාණ්ඩය (වයස අවුරුදු 15 18+) බාලක

  තරග

වට I

තරග

වට II

එකතුව තරග

වට III

සමස්ථ

එකතුව

 
1 යනික් කුමාර 69 69 138 69 207
2 නිරේක් තේජ්වානි 72 73 145 71 216
3 කේ. ධනූෂාන් 71 71 142 77 219
4 හරූන් අස්ලම් -(VGC) 75 78 153 73 226

 

රන් / රිදී කාණ්ඩය (වයස අවුරුදු 12 – 18+) බාලිකා

තරග

වට I

තරග

වට II

එකතුව තරග

වට III

සමස්ථ

එකතුව

     1 කායා දළුවත්ත (F) 74 72 146 77 223
2 ශෙරින් බාලසූරිය (F) 78 82 160 79 239
3 දෙවින්කා කන්ගීස්වරන් (F) 90 90 180 89 269
4 ආර්. එම්. දිනුමි සංජනා රාජපක්ෂ (F) – ANU 106 90 196 103 299

 

ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලියේ බාලක ශූරතාවය (වයස අවුරුදු 15 – 18+)

  තරග

වට I

තරග

වට II

එකතුව තරග

වට III

සමස්ථ

එකතුව

 
1 යනික් කුමාර 69 69 138 69 207

 

ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලියේ බාලිකා ශූරතාවය (වයස අවුරුදු 12 – 18+)

තරග

වට I

තරග

වට II

එකතුව තරග

වට III

සමස්ථ

එකතුව

 
1 කායා දළුවත්ත (F) 74 72 146 77 223

 

ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් අනු කමිටුවේ සභාපතිනිය නිලෝ ජයතිලක මෙනෙවිය මෙම අවස්ථාවේ අදහස් දක්වමින් “අපේ රටේ කනිෂ්ඨ ගොල්ෆ් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා ප‍්‍රීමා සමූහයෙන් ලැබෙන්නේ විශාල දායකත්වයක්. ප‍්‍රීමා සන්රයිස් පාන් නිෂ්පාදනයේ හිමිකාර ප‍්‍රීමා සමූහයෙන් 13 වැනි වරටත් මෙවර ලැබුණු අනුග‍්‍රාහකත්වය නොවන්නට අපිට මේ තරම් සාර්ථකව මේ තරගාවලි සංවිධානය කරගන්නට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ප‍්‍රීමා සාමාන්‍යාධිකාරී ෂාන් ටියෑන් ෂින්ග් මහත්මාටත් ප‍්‍රීමා සමූහයේ සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී‍්‍රස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහත්මාටත් අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා මෙවරත් තරගාවලිය සාර්ථක කරගන්නට අපට ශක්තියක් වීම සම්බන්ධයෙන්.” යැයි පැවසුවාය.

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ එහි සභාපති මයිකල් පෙරේරා මාගල මහතා “කණිෂ්ඨ ගොල්ෆ් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ විශිෂ්ඨ දක්ෂතා රැසක් අපිට මෑතකාලය තුල දැකගත හැකිවූවා. 2026 දී කණිෂ්ඨ ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසක් සහභාගී කරවන්නට සුදුසු පරිසරය නිර්මාණය වෙමින් පවතිනවා. මේ සියල්ල පසුපස සෙවණැල්ලක් සේ සිටිමින් ශ්‍රී ලාංකීය තරුණ ගොල්ෆ් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරිමත් කරවන ප‍්‍රීමා සමූහයට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.” යැයි පැවසීය.

ප‍්‍රීමා සාමාන්‍යාධිකාරී ෂාන් ටියෑන් ෂින්ග්, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති මයිකල් පෙරේරා මාගල, රනිල් පීරිස් සහ ලාල් වික‍්‍රමතුංග යන මහත්වරුන් අතින් ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලියේ ජයග‍්‍රාහකයන් වෙත කුසලාන පිරිනැමීම සිදුකෙරිණ. මෙම අවස්ථාවට තරගාවලියේ විනිසුරුකරුවන් ලෙස කටයුතු කළ සායි කස්තුරිරත්න සහ විශ‍්‍රාමික බි‍්‍රගේඩියර් නන්ද හතුරුසිංහ යන මහත්වරුන්ද එක්වූහ.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව