13න් පහළ දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංචිතගත කිරීමේ වැඩසටහන

1692503844840 (LBN)

 



 

 

අවසන් දිස්ත්‍රික් සංචිතය පිහිටුවීම ක්‍රීඩා ඇමැති ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේදී

සියලුම ක්‍රීඩා ක්ෂේත්‍රවලින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 බැගින් තෝරා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යාංශයට දුන් උපදෙස්වලට අනුකූලව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය අවුරුදු 13න් පහළ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කගේ සංචිතයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.

අවුරුදු 13න් පහළ දිස්ත්‍රික් සංචිත පිහිටුවීමේ වැඩසටහන යටතේ 25 වැනි හා අවසන් දිස්ත්‍රික් සංචිතය පිහිටුවීම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් පොලොන්නරුව රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනකුගෙන් යුතු සංචිතයක් තෝරා ගත් අතර, ඊට අමතරව පාසල් 10කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනා බැගින් සංචිතයක් ද පිහිටුවා ඇති අතර, ඔවුන්ට බැඩ්මින්ටන් ක්‍රීඩා උපකරණ පිරිනැමීම ද එහි දී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණ ඇතිව රොෂාන් ගුණවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය බැඩ්මින්ටන් සංවර්ධන කමිටුව විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13න් පහළ සංචිත ගොඩ නැගීමේ වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 25 අතුරින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසක් තෝරාගෙන තිබේ

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව