ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් දියත් කර ඇති අග්‍රගන්‍ය අලෙවිසැල් ආරම්භ කිරීමේ කර්තව්‍යය වේගවත් කරමින් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී නවමු සංකල්පයකින් යුත් Shop-in-Shop (SIS) අලෙවිසැල් තුනක් විවෘත කර ඇත.
ශ්‍රී ලංකාවේ විවෘත වන 8 වන, 9 වන, සහ 10 වන සියැට් SIS අලෙවිසැල් කොළඹ 7 ප්‍රදේශයේත්, කොළඹ නුවර පාරේ මිරිස්වත්ත සහ මඩකලපුවේදී විවෘත වන්නේ කැපී පෙනෙන ලෙස විවිධාකාර වූ ස්ථාන වලදී වාහන හිමියන් හට සුවිශේෂී හා උසස් මිලදී ගැනීමේ අත්දැකීමක් ලබා දීමේ අරමුණින් බව සමාගම පවසයි.
නවතම සියැට් SIS අලෙවිසැල් තුන වන්නේ 515, නව කල්මුණේ පාර, මඩකලපුව හි පිහිටි සෙරන්ඩිබ් ටයර් සහ බැටරි සිටි; අංක 163/4, නුවර පාර, මුදුන්ගොඩ, මිරිස්වත්ත පිහිටි අඡිත් ටයර් සේවය; සහ 174, කින්සි පාර, කොළඹ 7 හි පිහිටි යුන්වර්සල් ටයර්ස් පුද්ගලික සමාගම වේ.
මෙම අලෙවිසැල් හරහා සියැට් ටයර් පුළුල් පරාසයක් සඳහා ආකර්ශනීය වට්ටම්, ටයර් පිළිබඳ සේවාවන් සහ තාක්ෂණික විශේෂඥතාව, මෙන් ම රෝද තුලනය කිරීම සහ සකස් කිරීම, ටයර්වලට පිරවීම සඳහා නයිට්රජන් සහ වායු පොම්ප, ඇලෝයි රිම් වීල් සහ මෝටර් රථ බැටරි වැනි සේවාවන් ලබා දෙයි.
බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීමේ උපාය මාර්ගයක කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ වැඩිපුරම භාවිතා වන ටයර් සන්නාමය වන සියැට් හි Shop-in-Shop අලෙවිසැල් සංකල්පය සැළසුම් කර ඇත්තේ සන්නාමය අග්රගන්යකරණයට පත් කිරීම, පාරිභෝගික අත්දැකීම් වැඩි දියුණු කිරීම සහ දැනට පවතින බහු සන්නාම අලෙවි නියෝජිත පරිශ්‍රය තුළ සියැට් සන්නාමය සහිත ටයර් වෙනුවෙන් වෙන් වූ ප්‍රදේශයක් ඇති කිරීම සඳහා යි.
සියැට් කැලණි විසින් මෙම පුද්ගලික අවකාශයේ අභ්‍යන්තරය, පාරිභෝගිකයන්ට අසුන් ගෙන සිටිය හැකි ස්ථානය සහ පිළිගැනීමේ ස්ථානය සකස් කර තිබේ. තවද, සන්නාමයේ දෘශ්‍යතාව වැඩි කිරීම සඳහා අලෙවි සැල් තුළ සහ පිටත ආලෝකමත් කරන ලද වෙළඳ නාම පුවරු සවි කිරීම, වහල සෙවිලි කිරීම, ඔප දැමීම, ආලෝකකරණය සහ ගෘහ භාණ්ඩ, මෙන් ම අලෙවි නියෝජිතයා විසින් ලබා දෙන ටයර් නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා නව්යොත්පාදක භාණ්ඩ ප්‍රදර්ශන රාක්ක සඳහා ද මේ හරහා ආයෝජනය කරයි. සන්නාමයේ දෘශ්‍යතාවය සහ ස්ථානගත කිරීම වැඩිදියුණු කිරීමට අමතරව, මෙම ආකෘතිය අලෙවි නියෝජිතයින්ගේ ආදායම වැඩි කිරීමටද ඉවහල් වනු ඇත.
සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ජර්මානු නිෂ්පාදන තාක්ෂණයෙන් සහ ඉන්දියාවේ හා යුරෝපයේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. සියැට් කැළණි හෝල්ඩිංග්ස් සිය නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ ජාතික ආර්ථික ප්රයත්නයට සැලකිය යුතු කාර්යභාරයක් ද සියැට් කැළණි සමාගම ඉටු කරනු ලබයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි.