ෆොන්ටෙරා සමාගම මෙරට කිරි නිෂ්පාදන අංශය නව්‍යකරණය සඳහා සහය වීම අරමුණු කරමින් වයඹ විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳ ගනී

Mou (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සමාගම වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා විසින්, වයඹ විශ්ව විද්‍යාලයේ පශු සම්පත් හා පක්ෂි විද්‍යා අධ්‍යන අංශය සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගනිමින්,  ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය බල ගැන්වීම වෙනුවෙන්  රජය විසින් කරගෙන යනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා සහයෝගය ලබා දීමට අරමුණු කරයි. ඊට සමගාමී ව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම සහ වයඹ විශ්ව විද්‍යාලයේ පශු සම්පත් හා පක්ෂි විද්‍යා අධ්‍යන අංශය අතර අවබෝධතා ගිවිසුමක්  පසු ගිය දා අත්සන් කෙරුණු අතර, එමඟින් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රයේ වර්ධනයට ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමේ කැප වීම පිළිබිඹු කරයි.

මෙම සහයෝගීතාවේ මූලික අරමුණ වන්නේ මෙරට පශු සම්පත් ක්ෂේත්‍රයේ ඉදිරි වර්ධනය සඳහා දායක වීම සඳහා  කුසලතාවලින්  සහ දැනුමෙන් යුත් විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමේ සහ පර්යේෂණවල නිරත වීමේ අවස්ථාව ලබා දීමයි.

මෙම සහයෝගීතාවට සමගාමී ව වයඹ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට දීර්ඝකාලීන හා කෙටි කාලීන පුහුණු වැඩසටහන්වලට සහභාගි වීම සඳහා පන්නල පිහිටා ඇති, අති නවීන තාක්ෂණයෙන් සමන්විත,  ෆොන්ටෙරා සමාගමට අයත් කිරි ගොවිපළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි.

මෙම සුවිශේෂී රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාව මඟින් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිත අනාගත වෘත්තිකයින් දැනුමින් හා කුසලතාවලින් පෝෂණය කරමින්, මෙම කර්මාන්තය ගෝලීය තලයට ගෙන ඒම අරමුණු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව