ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන ෆෙරෙන්ටිනෝ ටයර් අඛණ්ඩව දෙවන වසරටත්, ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් සම්මන්ත්රණ මධ්‍යස්ථානයේ නොවැම්බර් 5 සිට 8 දක්වා පැවැත්වුන SEMA 2024 (Specialty Equipment Market Association)වෙළඳ ප්‍රදර්ශනයේදී සිය කීර්තිනාමය සනිටුහන් කළේය. ජාත්‍යන්තර ප්රමිතීන් සඳහා වන කැපවීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන ෆෙරෙන්ටිනෝ අසමසම ගුණාත්මකභාවය, අසමසම ක්‍රියාකාරිත්වය සහ අසමසම විශ්වසනීයත්වය පිළිබඳ කැපවීම මනාව පෙන්නුම් කරමින් සිය නවතම 12” සිට 19” දක්වා කාණ්ඩයේ ටයර් එළිදැක්වීය. විවිධ ධාවන තත්ත්වයන් සඳහා නිර්මාණය කර ඇති මෙම නව කාණ්ඩය 2025 මුල් භාගය වන විට ශ්‍රී ලංකා වෙළඳපොලේ ලබා ගත හැක.
මෝටර් රථ සඳහාම විශේෂිත උපාංග සඳහා වන ප්‍රමුඛතම වෙළඳ ප්‍රදර්ශනයක් වන SEMA 2024 සඳහා, ලොව පුරා සාමාජික සමාගම් 7,000කට අධික සංඛ්‍යාවක් එක්රැස් වෙයි. මෙම සුවිශේෂී වෙළඳ ප්‍රදර්ශනය, කර්මාන්තයේ ප්‍රමුඛයන් සමඟ සම්බන්ධ වීමට සහ ජාත්‍යන්තර වෙළෙඳපොල වෙත අති නවීන නිෂ්පාදන එළිදැක්වීමටත් ෆෙරන්ටිනෝ වැනි සන්නාම සඳහා අද්විතීය අචස්ථාවක් සපයයි. මෙම වසරේදී, ෆෙරෙන්ටිනෝ උසස් තාක්ෂණය සහ ආරක්ෂාව සඳහා සිය කැපවීම පිළිබිඹු කරමින් තම නවතම ටයර් නිෂ්පාදන පෙළ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් බොදාගන්නා ලදී.
ආරක්ෂාව පිලිබඳ කීර්තිමත් ජාත්‍යන්තර සහතික කිරීමත් සමඟින්, එක්සත් ජනපදය, කැනඩාව සහ දකුණු ඇමරිකාව යන විශාලතම ටයර් වෙළඳපලවල් අතිකක්රමණය කිරීමට ෆෙරෙන්ටිනෝ ටයර් වෙත හැකියාව ලැබී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ US Department of Transportation මඟින් ලද අනුමැතිය ඉහළ මට්ටමේ ආරක්ෂාව සහ තත්ත්ව ප්රමිතීන් සඳහා වන ෆෙරෙන්ටිනෝහි කැපවීම යලි තහවුරු කරයි.
මෙම සහතික වලට අමතරව, ෆෙරෙන්ටිනෝ ටයර් Brazil’s National Institute of Metrology, Standardization, and Industrial Quality (INMETRO), මෙන්ම Economic Commission for Europe (ECE) සහ Gulf Cooperation Council Standardization Organization (GSO) වෙතින් සහතික ලබා ඇත. මෙම ජයග්‍රහණ ගෝලීය තරඟකරුවෙකු ලෙස ෆෙරෙන්ටිනෝ සතු හැකියාව තවත් තහවුරු කරයි.
ධාවන ප්‍රතිරෝධය, ශබ්දය සහ තෙත් ග්‍රහණය වැනි ධාවන ප්‍රමිතින් සමඟින් ටයර්වල ප්‍රමාණය සහ අධිවේගී පරීක්ෂණ වැනි අත්‍යවශ්‍ය ආරක්ෂක පරාමිතීන් සබැඳිව ලබාගත් මෙම සහතික ගුණාත්මකභාවය කෙරෙහි ෆෙරෙන්ටිනෝහි ඇති නොසැලෙන කැපවීම අවධාරණය කරයි.
මෙම පිළිබඳව අදහස් දක්වමින් ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් හි කළමනාකාර අධ්යක්ෂ ලහිරු ලොකුවිතාන මහතා “ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතනවල මෙම සහතික කිරීම් මගින් පිළිඹිබු වන්නේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සඳහා ඇති ෆෙරෙන්ටිනෝ දැඩි කැපවීමයි. අපගේ නව ටයර් නිෂ්පාදන පෙළ හඳුන්වාදීම මගින් අපගේ නිෂ්පාදන කෙරෙහි ජාත්‍යන්තර ආකර්ෂණය වැඩි වනවා නොවනුමානයි. මෙවන් අභියෝගාත්මක ආර්ථික අර්බුද කාලවලදී ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය විදේශ විනිමය ගෙන එමඟින් සඳහා ඉටු කරන්නේ තීරණාත්මක කාර්යභාරයක්. ඉහළ නිපුණතා සහිත කණ්ඩායමක් සමඟ උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය, අති නවීන තාක්ෂණයකින් හෙබි නවතම නිෂ්පාදන ක්‍රියාවලියක් තූලින් නිපයෙන අපගේ ටයර් සුවිශේෂී ක්‍රියාකාරිත්වයක් සහ විශ්වසනීයත්වයක් ලබා දෙන බව අපි සහතික කරමු. මෙම කැපවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනයට සහාය වන අතරම ප්රමුඛ සන්නාමයක් ලෙස ෆෙරෙන්ටිනෝ තවත් ප්‍රචලිත කීරීමටයි” යනුවෙන් ප්‍රකාශ කළේය.
“පාරිභෝගික විවිධාංගීකරණය හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අදාළ සහතික කිරීම් සමඟින්, අපගේ ගෝලීය දැක්ම දේශීය ආර්ථික ප්‍රමුඛතා සමඟ පෙළගස්වමින් ඉදිරි වසරේ සැලකිය යුතු ව්‍යාපාර පුළුල් කිරීමකට ෆෙරෙන්ටිනෝ සූදානම් බවත්” ලොකුවිතාන මහතා වැඩිදුරටත් පැවසුවේය.
ප්රමුඛ පෙලේ සහතික සියල්ලක්ම සතූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකේය ටයර් සන්නාමය ලෙස ෆෙරෙන්ටිනෝ, නවෝත්පාදන සහ ගුණාත්මක භාවය අතින් අඛණ්ඩව පෙරමුණ ගෙන සිටී. 2021 දී ආරම්භ කරන ලද, නවතම යුරෝපීය සහ ඉතාලි තාක්ෂණයට අනුගත, සමාගමේ අති නවීන නිෂ්පාදන පහසුකම, ෆෙරෙන්ටිනෝ නිෂ්පාදනවල ගෝලීය ප්‍රමිතිය සහතික කරයි. Pneumatic ටයර් කාණ්ඩයට කාර් රේඩියල් ටයර් ¾ ^Passenger Car Radial&, ට්‍රක් සහ බස් ටයර් සහ යතුරුපැදි ටයර් ඇතුළත් වන අතර, ඒවා සියල්ලම උසස් ක්‍රියාකාරීත්වය කෙරෙහි අවධානය යොමු කරමින් අති නවීන තාක්ෂණයකින් හෙබි නවතම නිෂ්පාදන ක්‍රියාවලියක් මඟින් නිෂ්පාදනය කර ඇත.