හේලීස් ෆැබ්රික් හි මෙගාවොට් 4ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් පිහිටුවීම සඳහා හේලීස් ෆෙන්ටන්ස් හේලීස් පවර් සමඟ අත්වැල් බැඳ ගනී

Hayleys-Fabric2

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම, ආයතන සඳහා විසඳුම් සපයන විශේෂඥයින් වන හේලීස් ෆෙන්ටන්ස් සිය මූලික නිෂ්පාදන පහසුකම්වලින් යුත් එක් සමාගමක් රටේ විශාලතම පුද්ගලික අංශයේ පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයක් බවට පරිවර්තනය කිරීම සඳහා එහි සහෝදර සමාගම් ද්විත්වයක් වන හේලීස් ෆැබි‍්‍රක් හා හේලීස් පවර් සමඟ අත්වැල් බැඳ ගත් බව නිවේදනය කර ඇත.

මෙම වැදගත් ගිවිසුම සැමරීමේ විශේෂ අවස්ථාවට සමාගම් තුනෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී වූ අතර හේලීස් ෆෙන්ටන්ස් කළමනාකාර අධ්‍යක්ෂක, හසිත් පේ‍්‍රමතිලක, හේලීස් ෆැබි‍්‍රක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක, රොහාන් ගුණතිලක සහ  හේලීස් පවර් හි අධ්‍යක්ෂකවරුන් වන රසල් ද සිල්වා හා වසබ ජයසේකර යන මහත්වරුන් ඊට ඇතුලත් විය.

‘‘විශේෂයෙන්ම අප ජාතිය වසරේ උණුසුම්ම මාස කරා ගමන් කරන අවස්ථාවේදී ජල විදුලි උත්පාදන ධාරිතාව අඩපණ වන විට විදුලිබල ඌනතාවන්ට මුහුණ දීමට අපට නිරන්තරයෙන් බලාපොරොත්තු විය හැකිය. මෙම අභියෝගය විසඳීමේදී සූර්ය බලශක්තිය තීරණාත්මක සාධකයක් වනු ඇති බව අපට විශ්වාසයි.

‘‘මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා හේලීස් ෆැබි‍්‍රක් හා හේලීස් පවර් යන සමාගම් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන ෆෙන්ටන්ස් ආඩම්බර වන්නේ ඒ නිසයි. ඉදිරියට හේලීස් සමූහය තුළ මෙය යළි යළිත් සිදු කිරීම අපගේ අරමුණයි. අපගේ මෙම ආදර්ශය ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ අනෙකුත් සමාගම්වලට නිවැරදි පුනර්ජනනීය බලශක්තියක් සඳහා ද ආයෝජනය කිරීමට දිරිගන්වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා,’’ යනුවෙන් පේ‍්‍රමතිලක මහතා පැවසුවේය.

පළමු අදියර යටතේ හේලීස් ෆෙන්ටන්ස්, හොරණ පිහිටි හේලීස් ෆැබ්රික් හි නිෂ්පාදන සමාගමේ සූර්ය පැනල සහිත වර්ග අඩි 64,000 ක වහලයේ ප‍්‍රදේශයක් ආවරණය කර නඩත්තු කරනු ඇත. පැයකට මෙගාවොට් 4ක මුළු ධාරිතාවක් සමඟ පැයකට මෙගාවොට් 1ක ආරම්භක සූර්ය බලශක්තියක් උත්පාදනය කරන අතර එය අනාගතයේ දී ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ස්ථාපිතයක් බවට පත් වනු ඇතx මේ අතර අවශ්‍ය අරමුදල් රුස්කරන ආයෝජන අංශය හේලීස් පවර් සමාගම වනු ඇත.

‘‘ජෛවවිවිධත්ව සංරක්ෂණය හා නැවත වන වගා වැඩසටහන් සඳහා සහාය මූලාශ‍්‍ර හා කාර්යක්ෂමතාවය ප‍්‍රශස්තකරණය මෙන්ම තිරසාර අමුද්‍රව්‍ය පරිභෝජනය ආදී පරිසරය පිළිබඳ අපගේ බහුවිධ ප‍්‍රවේශය පෙන්නුම් කරන පරිදි තිරසාරභාවය යනු හේලීස් ෆැබ්රික් සඳහා මූලික සලකා බැලීමකි.

‘‘සූර්යබල ශක්තියක් වහලයේ යෙදවීමත් සමඟ, කලින් අක‍්‍රීයව තිබූ අවකාශයන් භාවිතා කිරීමත් සමඟ ඵලදායිතාවය ඉහළ නංවමින් පාරිසරික තිරසාරභාවය සඳහා වූ අපගේ කැපවීම තව දුරටත් ශක්තිමත් කරමින් සිටිමු,’’ ගුණතිලක මහතා පැවසුවේය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වන හේලීස් පවර් ප‍්‍රධාන විධායක නිලධාරී, රසල් ද සිල්වා මහතා ‘‘හේලීස් නිෂ්පාදන පහසුකම් සූර්යබල ශක්තිය බවට පරිවර්තනය කිරීමට පහසුකම් සලසන ප‍්‍රධාන ආයෝජකයා ලෙස සේවය කිරීමට ලැබීම ගැන අප සතුටු වනවා. සමූහය තුළ මෙගාවොට් 10ක පුනර්ජනනීය බලශක්තියක් ස්ථාපනය කිරීමේ ගමන ආරම්භ කිරීමට මේ සමඟ අපි බලාපොරොත්තු වෙමු. මෙම ව්‍යාපෘතිය හේලීස් සමාගම සඳහා පිරිසිදු, පුනර්ජනනීය බලශක්තියෙන් නැගී එන සීමාවක් නියෝජනය කරන අතර හේලීස් සමූහය පුරා මෙවැනිම පරිසර හිතකාමී උපායමාර්ග යෙදවීමට සහාය වීමට අප අපේක්ෂා කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

ෆෙන්ටන්ස් යනු 1921 සිට බැංකු, මූල්‍ය හා රක්ෂණය, ආගන්තුක සත්කාර (හෝටල්), ඉහළ මට්ටමේ සංවර්ධනයන්, ක‍්‍රීඩාංගන, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, නිෂ්පාදන කටයුතු හා විදුලි සංදේශ වැනි විවිධ ක්ෂේත‍්‍රයන් ගණනාවක් පුරා විහිදෙන ප‍්‍රමුඛ ඉංජිනේරු සමාගමකි. සමාගම යාන්ත‍්‍රික, විදුලි හා ජලනල (MEP), තොරතුරු තාක්ෂණය සහ ඉලෙක්ට්‍රොනික ආරක්ෂාව හා ආරක්ෂක විසඳුම් යන අංශ සඳහා විශේෂඥ දැනුම ලබා දෙන අතර ගෝලීය සන්නාමයන් සමඟ එක්ව ක‍්‍රියා කරයි. ෆෙන්ටන්ස් හි පුනර්ජනනීය බලශක්ති අංශය වන z‘Hayleys Solar’ හට රට පුරා පැයට මෙගාවොට් 30ක සූර්යබල ශක්ති ස්ථාපිතයන් පවරා දී ඇති අතර ෆෙන්ටන්ස් 2016 දී හේලීස් ලෝකයේ සාමාජිකයකු බවට පත් විය.

හේලීස් ෆැබ්රික් පීල්සී යනු සැලසුමේ සිට නිෂ්පාදනය දක්වා අවසන් විසඳුම් ලබා දීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවේ රෙදිපිළි නිෂ්පාදනයේ ප‍්‍රමුඛ සමාගමක් වන අතර 2003 දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කළ පළමු ඇඟළුම් ක්ෂේත‍්‍රයේ සමාගම ද වේ. මසකට රෙදි මීටර මිලියන 2.5ක නිෂ්පාදන ධාරිතාවක් පවත්වාගෙන යමින් සමාගම, ලොව පිළිගත් විලාසිතා, ඇඟළුම් සහ Decathlon, Intimissimi, Victoria’s Secret, NEXT, BHS, Marks & Spencer, TESCO, George හා DBA යන ඇඟළුම් හා උපාංග සන්නාම සඳහා ප‍්‍රමුඛ හවුල්කරුවකු ලෙස කටයුතු කරයි.

හේලීස් පවර් යනු දිවයින පුරා මෙගාවොට් 50ක සූර්ය, සුළං හා කුඩා ජලවිදුලි බලාගාර හිමි හේලීස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති ආයෝජන අංශය වේ.

1878 දී චාස් පී. හේලී විසින් ආනයන හා අපනයන පිළිබඳ අවධානය යොමු කරමින් ගාල්ලේ වෙළෙඳ ආයතනයක් ලෙස පිහිටුවන ලද හේලීස් සමූහය අංශ 16ක් පුරාවට ව්‍යාපාරික අවශ්‍යතා ආවරණය කරමින් ගෝලීයව නිෂ්පාදන හා අලෙවිකරණ කාර්යාල කලාප 5ක් පුරා පවත්වාගෙන යමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වී ඇත. අද එය ශ්‍රී ලංකාවේ වඩාත් ප‍්‍රසිද්ධ සාර්ථක කථාවක් ලෙස කැපී පෙනෙන අතර ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ඉක්මවන සහ රටේ මුළු අපනයන ඉපැයීම්වලින් සියයට 3.3කට හිමිකම් කියන පළමු ලැයිස්තුගත ශ්‍රී ලාංකික ආයතනය ද වේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව