හේලීස් ෆැබ්රික් දියතුරු උයන තෙත් බිම් උද්‍යානය ජෛව විවිධත්වය පුනර්ජීවනය කිරීමට පියවර ගනී

Image 02 (LBN Fill)

 



 

 

 

හරිත හෙටක් සඳහා වූ කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් හේලීස් සමූහයට අනුබද්ධිත ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන හේලීස් ෆැබ්රික් ආයතනය ප‍්‍රදේශයෙහි දැකිය හැකි ජෛව විවිධත්ව සුවිශේෂිතා පිළිබඳ දැනුවත් කිරීමටත් පරිසරය සුරකිමින් ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමටත් මිලියන 6.3ක් ආයෝජනයක් සිදු කර ඇත. එම ආයතනයට අයත් තෙත් බිම් අක්කර 9 ක් දියතුරු උයන නමින්  වෙන් කරන ලද අතර කළුතර දිස්ත‍්‍රික්කයේ හොරණ – මතුගම පාරට සහ නාර්තුපාන – වරකාගොඩ පාරට මායිම්ව සමාගමේ නාර්තුපාන වතුයාය ඉදිරිපිට දියතුරු උයන පිහිටා ඇත.

‘‘ජෛව විවිධත්වය විනාශ වීම ජීවයේ පැවැත්මට ඇති බරපතලම තර්ජනයකි. එමෙන්ම තිරසාර අනාගතයක් සහතික කිරීම සඳහා හුදෙක් සංරක්ෂණයට වඩා ජෛව විවිධත්වය යළි ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. කාර්මීකරණය තුළ එය අභියෝගාත්මක උත්සාහයක් වන නමුත් අපගේ පරිසරයටල පාර්ශවකරුවන්ට සහ සේවකයින්ට ධනාත්මක බලපෑමක් ඇති කරන මෙවැනි ව්‍යාපෘතීන් ක‍්‍රියාත්මක කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වනවාග ආයතනයක් ලෙස අපගේ තිරසාරත්වය කරා යන ගමන් මගෙහි පුළුල් ප‍්‍රගතියක් ලබා ඇති අතර අප දැන් එහි නව පරිච්ෙඡ්දයක් ආරම්භ කර තිබෙනවා.” යනුවෙන් හේලීස් ෆැබ්රික් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.

පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ උපදේශනය යටතේ කටයුතු කරමින් හේලීස් ෆැබ්රික් ආයතනය විසින් 2020 අගෝස්තු සිට 2021 ජනවාරි දක්වා සිදු කරන ලද ක්ෂේත‍්‍ර සමීක්ෂණවලින් මෙරටට ආවේණික, බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සහ අවදානමට ලක්ව ඇති ඇතැම් ශාක හා සත්ව විශේෂද ඇතුළුව ශාක හා සත්ව විශේෂ 140 කට වැඩි ප‍්‍රමාණයක් හඳුනාගෙන ඇත.

අනාගතයේදී මෙම තෙත්බිම් උද්‍යානය සාමාන්‍ය ජනතාවට සහ අනෙකුත් පාර්ශව සඳහා විවෘත කිරීමටයි. මේ සඳහා හේලීස් ෆැබ්රික් ආයතනය බලාපොරොත්තු වන අතර මේ සඳහා ආයතනය විසින් උද්‍යානයේ පිවිසුමෙහි සමනල උයනක්ල උද්‍යානය නැරඹීම සඳහා නැරඹුම් ස්ථානයක්ල මෙම තෙත් බිම ආශ‍්‍රිතව ගැවසෙන පක්ෂීන් නිරීක්ෂණය සඳහා නිරීක්ෂණ කුළුණක්ල ජලජ ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීමට වැවක්ල ජෛව විවිධත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ශවණාගාරයක් සහ පුස්තකාලයක් ද ඉදිකරනු ඇත. එමෙන්ම ජෛව විවිධත්වය ආශ‍්‍රිතව කෙරෙන විශ්ව විද්‍යාල මට්ටමේ පර්යේෂණ හා ගවේෂණ සඳහා සහයෝගීතාව දැක්වීමට ද ආයතනය කටයුතු කරනු ඇත.

තවද හේලීස් ෆැබ්රික් ආයතනය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා එක් වී දියතුරු උද්‍යානයට යාබදව ආයතනය සතු අක්කර 5ක ඉඩමක් වෙන්කර කාබනික වී වගාවක් පවත්වාගෙන යාම ද විශේෂත්වයකි. මෙමගින් කර්මාන්තශාලාවේ සේවකයින් සහ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර භාවිතය හා කාබනික කෘෂිකර්මාන්තය ප‍්‍රවර්ධනය කරනු ඇත. එම අස්වනු අලෙවි කිරීමට මංපෙත් විවර කරමින් ඒ අවට ආහාර අලෙවිසැලක් ඉදිකිරීමට නියමිතය. එමගින් සේවකයින්ට කාබනික ගෙවතු වගාවක් තුළින් සපයාගත් අතිරික්ත නිෂ්පාදන මෙම ස්ථානය හරහා අලෙවි කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.

හේලීස් ෆැබ්රික් පීඑල්සී යනු ශ‍්‍රී ලංකාවේ ගෙතුම් රෙදිපිළි නිෂ්පාදනයෙ පුරෝගාමී ආයතනයක් වන අතර  එය 2003 දී කොළඹ කොටස් වෙළඳපොළට එක් වී ඇතග අද වන විට මාසයකට රෙදි මීටර් මිලියන 4.5ක නිෂ්පාදන ධාරිතාවක් හේලීස් ෆැබ්රික් ආයතනය සතු වන අතර එය ගෝලීය වශයෙන් කීර්තිමත් විලාසිතා, ඇඟළුම් සහ සන්නාමයන් අතර ප‍්‍රමුඛ පෙළේ හවුල්කරුවෙකු ලෙස ද කටයුතු කරයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව