හේමාස් හෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ නායකත්ව වෙනස්කම් නිවේදනය කරයි

Hemas

හේමාස් හෝල්ඩින්ග්ස් පිඑල්සි විසින් අද දින එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරි වෙනස්කම් නිවේදනය කරන ලදි. ආයතනික පාලනය ශක්තිමත් කරමින්, නායකත්ව මණ්ඩලයට කාර්යක්ෂම ලෙස අනුප්‍රාප්තිකයන් පත්කිරීම සඳහා සමූහය දක්වන උනන්දුව මෙම වෙනස්කම් මඟින් මැනැවින් පිළිබිඹු වේ.

දශක හතරකට අධික කාලයක් හේමාස්හි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති ඇතුළු විවිධ නායකත්ව තනතුරු දැරූ හුසේන් එසුෆලි මහතා 2025 දෙසැම්බර් 31 වන දින සිට අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විශ්‍රාම යනු ඇත. ඔහුගේ මෙහෙයවීම යටතේ හේමාස් සමූහය ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය හා විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් බවට පත් වූ අතර, එහි පාර්ශ්වකරුවන්ට නිරන්තරයෙන් ඉහළම ප්‍රතිලාභ හිමි කර දීමට සමත් විය. සමූහයේ අර්ථපූර්ණ ආයතනික සංස්කෘතිය සහ දීර්ඝකාලීන සාර්ථකත්වය හැඩගැස්වීමෙහිලා මහෝපකාරී වූ ඔහුගේ දැක්ම සහ කැපවීම වෙනුවෙන් හේමාස් සමූහය සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය එතුමන්ට සිය හදපිරි කෘතවේදීත්වය පළකර සිටී.
 



 

එමෙන්ම සමූහයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය අනුර ඒකනායක මහතා සිය ධුර කාලය අවසන් වීමෙන් පසු 2025 දෙසැම්බර් 31 වන දින විශ්‍රාම යන බවද සමූහය  නිවේදනය කළේය. ආචාර්ය ඒකනායක මහතා විශේෂයෙන්ම සමූහය තුළ යම් යම් පරිවර්තනයන් සිදු වූ කාලපරිච්ඡේදවලදී ආයතනික පාලනය ශක්තිමත් කරමින් සහ ක්‍රමෝපායික මඟපෙන්වීම් ලබාදෙමින් ඉටු කළ මෙහෙවර ප්‍රශංසනීය වේ.

2026 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් ප්‍රනාන්දු මහතා හේමාස් හෝල්ඩින්ග්ස් පිඑල්සි හි සභාපති ධූරයට පත්වනු ඇත. ආයෝජන බැංකුකරණයේ වසර 30 කට වැඩි පළපුරුද්දක් හිමි ප්‍රවීණයෙකු වන අජිත් ප්‍රනාන්දු මහතා, සිය ක්‍රමෝපායික දැක්ම සහ විධිමත් ලෙස සැලසුම් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා සිටී. ව්‍යාපාර ගොඩනැංවීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඉතිහාසය පුරා ඔහු පෙන්නුම් කර ඇති සාර්ථකත්වය මඟින් පෙනී යන්නේ ඔහු හේමාස් සමූහයේ වර්ධනයේ සහ නවෝත්පාදනයේ මීළඟ අදියරට නායකත්වය දීම සඳහා සුදුසුම වෘත්තිකයෙකු බවයි.

සමූහයේ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගන්නා අතරම අධ්‍යක්ෂ මණ්ඩල අධීක්ෂණය අඛණ්ඩව සිදු වන බව සහතික කරගැනීම සඳහා, සමූහයේ සෞඛ්‍ය සේවා අංශයේ වර්තමාන සභාපති මුර්තසා එසුෆලි මහතා 2026 ජනවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි හේමාස් හෝල්ඩින්ග්ස් පිඑල්සි හි නියෝජ්‍ය සභාපති ලෙස පත් කර තිබේ. ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔහු සතු පුළුල් දැනුම සහ සමූහය තුළ දීර්ඝකාලයක් පුරා නායකත්ව තනතුරු දැරීමෙන් ලද පළපුරුද්ද, හේමාස් සමූහයේ ක්‍රමෝපායික ප්‍රමුඛතා සාක්ෂාත් කරගැනීමට සහ ආයතනික පාලන රාමුව ශක්තිමත් කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.

නායකත්ව වෙනස්කම් අතරතුර ව්‍යාපාරික මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගනිමින්, සමූහයේ උරුමය සුරකින අතරම තිරසාර වර්ධනය සහ පාර්ශ්වකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කිරීම සඳහා සමූහය දක්වන උනන්දුව හා කැපවීම මෙම පත්වීම් මඟින් මැනැවින් පිළිබිඹු වේ.

 

Home  Facebook 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව