හේමාස් කන්සියුමර්ස් ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සමඟ සහයෝගීව ගස් 15,000ක් සිටුවයි

Webp.net-resizeimage

 



 

 

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන හේමාස් කන්සියුමර් විසින් හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණු වෙත සිය දායකත්වය ලබා දෙමින්, ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සමඟ සහයෝගීතාවයකට එළඹ ඇත. මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා පාරිසරික අර්බුද රැසකට විසඳුම් සපයමින් අක්කර 15ක භුමි භාගයක රුක් රෝපණ කටයුතු සිදු කිරීමට නියමිතයි. මෙම හවුල්කාරීත්වය සඳහා අත්සන් තැබීමේ නිල උත්සවය මෑතකදී හේමාස් කන්සියුමර් ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.  මෙම ව්‍යාපෘතියේ දිගුකාලින ප්‍රධාන මෙහෙයුම්කරුවන් ලෙස හේමාස් කන්සියුමර්හි ප්‍රමුඛ සන්නාම ද්විත්වයක් වන බේබි ෂෙරමි සහ කුමාරිකා ක්‍රියා කරන අතර, අනාගත පරම්පරාවන් උදෙසා වන සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කිරීමට ඔවුන් කැප වී ක්‍රියා කරයි.

මෙම ව්‍යාපෘතියේ එක් පියවරක් ඉදිරියට යමින් බේබි ෂෙරමි සහ කුමාරිකා, ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සමඟ එක්ව ගස් 15,000ක සිටුවීමේ බලංගොඩ වන රෝපණ ව්‍යාපෘතිය 2021 නොවැම්බර් 12 වන දින ගස් දහසක් සිටුවා ආරම්භ කරන ලදී. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් , Atlas Axillia  හි ස්වේච්ජා සේවකයන් අතින්  මෙය සාර්ථකව සිදු විය. හේමාස් Outreach  පදනමේ ග්‍රීන් ක්ලබ් ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ, වන සංරක්ෂණය කරන්නන්, අදාළ බෙදා හරින්නන්, භූමි පාලකයන්, සිල්ලර වෙළෙන්ඳන් සහ ගම්මාන  සමඟ කණ්ඩායම් සහයෝගී ප්‍රයන්තයකට එක් වෙමින් ඔවුන් සියලු දෙනා ගස් සිටුවීම සඳහා දායකත්වය ලබා දෙන ලදි.

අස්මාරා මන්නන් පෙරේරා මහත්මිය “මෙසේ ගස් සිටුවීම මෙම ව්‍යාපෘතියේ එක් අදියරක් පමණයි . මෙම වනාන්තර කලාපයේ නැවත වන වගාව තුළින් මෙම ප්‍රදේශයට ආවේණික ශාක දෙකක් වන ඇටඹ සහ බිං කොහොඹ යන ශාක ආරක්ෂා කර ගැනීමට හැකි වීම පිළිබඳ අපි සතුටට පත් වෙනවා.  අපගේ සුන්දර රටේ ජෛව විවිධත්වය, සංරක්ෂණය සහ  ආවේණික ජීවී විශේෂ රැක ගැනීම  සඳහා අපි කැප වී සිටින්නෙමු” යනුවෙන්  මෙම වැඩසටහන පිළිබඳව සිය අදහස් දක්වා සිටියාය.

ජෛව විවිධත්ව හා ජල පෝෂක සංරක්ෂණ හා වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳව සිය අදහස් දැක්වූයේ “රජවක ප්‍රදේශය සෑම විටම ලැව් ගිනිවල බලපෑමට ලක් වෙනවා, මෙම ව්‍යාපෘතිය නව ගස් සහ වනාන්තර වැඩීමට පමණක් නොව පවතින වනාන්තර ප්‍රදේශ රැක ගැනීමට ද උපකාර කරනවා, ප්‍රදේශයට ආවේණික වූ ශාක සහ සතුන් විශේෂ රැක ගැනීමට ද මෙම ව්‍යාපෘතිය උපකාර කරනවා,  මෙවන් ව්‍යාපෘති ඔස්සේ මෙම ප්‍රදේශවලට  විඳීමට සිදු වන දුෂ්කරතා  පිළිබඳව වඩාත් හොඳින් දැනුවත් වීමට තවත් නිලධාරීන් දිරිමත් කරනු ඇත. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන්  හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සහ ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ වෙත මම ඉතාමත් ස්තූතිවන්ත වන අතර, අනාගතයේ දී සහයෝගීව කටයුතු කිරීමට අපි අපේක්ෂා කරනවා” යනුවෙනි.

ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නන් යනු, ශ්‍රී ලංකාවේ වන විමර්ශන, වන සංරක්ෂණ දැනුවත් කිරීමේ ව්‍යාපාර, වන සංරක්ෂණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සහ වනාන්තර ආරක්ෂා කිරීම සඳහා සඳහා කැප වෙමින් සිටින ස්වේච්ඡා සේවකයන් සහ අනුග්‍රාහකයන් පිරිසකි. ලාභ නොලබන පාරිසරික සංවිධානයක් වන මොවුන් සිංහරාජ සහ කන්නෙලිය වැසි වනාන්තර ඇතුළු පරිසර පද්ධති කිහිපයක්  සහ එහි  පර්යන්ත වැසි වනාන්තර  ආරක්ෂා කිරීමට ක්‍රියාකාරීව නිරත වී ඇත.

බේබි ෂෙරමි සහ කුමාරිකා  ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සුරකින්නෝ සමඟ එක්ව කටයුතු කරයි. ඉදිරි අනාගතය වෙනුවෙන් වන  සංරක්ෂණය සහ වනාන්තර ප්‍රදේශ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා තවත් බොහෝ ව්‍යාපෘති බිහි වීමට මෙම මුල පිරීම  උත්ප්‍රේරකයක් වනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය විසින් දිගු කාලීන ප්‍රයත්නයන් මෙහෙයවීමට කටයුතු කරයි.

කීර්තිමත් පුද්ගලික සත්කාර සන්නාමයන් වන බේබි ෂෙරමි සහ කුමාරිකා යන සන්නාම ද්විත්වයම  සෞඛ්‍ය සම්පන්න ජීවන සංකල්පයේ  පුරෝගාමීන් සහ ප්‍රජාව විසින් මෙහෙයවන මුල පිරීම් වෙනුවෙන් කැප වී ඇත.

 

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පිළිබඳව

Hemas Consumer Brands   ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනයක් වන අතර ශක්තිමත් අරමුණු  සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් ඔස්සේ වසර ගණනාවක් පුරා පාරිභෝගික හදවත් දිනා ගෙන ඇත.  ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ පෞද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට  Hemas Consumer Brands උත්සාහ දරයි. වර්ධනය කෙරෙහි මඟ පෙන්වන නවෝත්පාදන කණ්ඩායම්වලින් පෝෂණය වන දේශීය දැනුම අනාවරණය කරමින් උසස් වෙළෙඳ පොළ ප්‍රමුඛ සහ  සම්මානනීය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් පිළිගැනීමට ලක්ව ඇත. දිවයින පුරා අර්ථවත් පරිත්‍යාගයන් සිදු කිරීම, විශ්වාසදායි සහයෝගීතාවන් ඇති කිරීම සහ පරිසර හිතකාමී ලොවක් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම යනාදියෙන්  Hemas Consumer Brands ශ්‍රී  ලාංකේය ජනයාගේ හදවත් ස්පර්ශ කර‍යි

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව