හච්, මෙවර නල්ලූර් උත්සවයට පැමිණි බැතිමතුන්ට නොමිලේ ආහාර පිරිනමයි

Image 01 (LBN Fill)

 



 

 

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, ආර්ථික වශයෙන් අභියෝගාත්මක මෙම කාලය තුළ මහජනතාවයට සහයක් වීමේ මානුෂීය ක්‍රියාදාමය අඛණ්ඩ සිදුකරමින් සිය ප්‍රජා ආධාර වැඩසටහන් අතරින් එකක් වන, යාපනයේ නල්ලූර් උත්සවයට පැමිණි බැතිමතුන්ට ආහාර පිරිනැමීමේ අන්නදාන වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස ආරම්භ කරන ලදී.

උතුරු ප්‍රදේශයේ පවත්වන විශාලතම හින්දු කෝවිල් උත්සවය ලෙස යාපනයේ පවත්වන නල්ලූර් උත්සවය හැඳින්විය හැකි අතර එයට සහභාගී වන අයට ආහාර පිරිනැමීම මෙම උත්සවයේ පූජනීය සම්ප්‍රදායක් වේ.

රටෙහි පවතින ඉහළ උද්ධමනය නිසා ආහාරපාන වන මිලගණන් 80% ට වඩා වැඩි වීමත් සමඟ රටවැසියන්ට පෝෂ්‍යදායී ආහාර ගැනීම වඩාත් දුෂ්කර වී ඇත. එබැවින් හච් සිය ප්‍රජා සහ සමාජ ආධාර ප්‍රයත්න වලින් එකක් ලෙස මෙලෙස ආහාර ලබා දීමට මූලිකත්වය ගෙන ඇති අතර අගෝස්තු 5 සිට අගෝස්තු 25 දක්වා දින 20 ක කාලයක් තුළ 10,000 කට අධික බැතිමතුන් පිරිසකට හච් අන්නදානය නල්ලූර් මයිලූරන් අරංගම් හිදී ලබාගත හැක.

මේ වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ මෙවැන්නකි. “මෙම නල්ලූර් උත්සවයේදී, සාමාන්‍ය වාණිජ මෙහෙයුම් කටයුතු සිදුකිරීම පසෙකලා උතුරු කලාපයේ ජනතාවට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම සඳහා මෙම මුදල් වෙන් කිරීමට හච් තීරණය කළා.”

හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතාගේ පවුලේ මුතුන් මිත්තන් යාපනයේ උතුරු ප්‍රදේශයෙන් ජීවත්වූ අතර ඔහු එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලබා ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ඇතුළු එක්සත් රාජධානියේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල තුනකින් උපාධි තුනක් ලබා ඇත. තවද ඔහු හචිසන් ටෙලිකොම් හි හොංකොං මූලස්ථානයේ පසුගිය වසර 25 පුරා ආසියාවේ විවිධ මෙහෙයුම් සඳහා සේවය කරන ලදී.

HUTCH Sri Lanka, CK Hutchison Holdings Limited හි අනුබද්ධ සමාගමක් වන අතර, Global Fortune 500 සමාගම සමග එක්ව ‘3’ හෝ Three සන්නාමය යටතේ ද ගෝලීය ටෙලිකොම් මෙහෙයුම් සිදු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව