සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් රුපියල් මිලියන 850 කට වැඩි හිමිකම් නිකුතුවක් දියත් කරයි

Softlogic-Finance-Logo

 

 

 

සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනය ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතාවලට අනුකූලව ප්‍රාග්ධනය වැඩි කිරීමට මෙන්ම සිය ඩිජිටල්කරණ වැඩසටහන සහ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 850කට වඩා වැඩි හිමිකම් නිකුතුවක් දියත් කිරීමට සැලසුම් කර ඇත. සමාගමේ කොටස් හිමියන් සතු සෑම සාමාන්‍ය කොටස් හාරසිය විසිතුනකටම (423) එක් කොටසක් රුපියල් 7.31 බැගින් නව සාමාන්‍ය කොටස් සියයක් (100) මෙම හිමිකම් නිකුතුව මගින් ක්‍රියාත්මක කරනු ඇත.

එක් කොටසක් රුපියල් 7.31 බැගින් වූ සාමාන්‍ය කොටස් එකසිය දහසය මිලියන හාරසිය අසූ තුන්දහස් නවසිය එකක ^116″483″901& හිමිකම් නිකුතුවක් මගින් නිකුත් කරන ලද කොටස් ප්‍රාග්ධනය වැඩිකර ගැනීමට සමාගම යෝජනා කරයි. එවිට සියලු කොටස්වල මුළු වටිනාකම රුපියල් අටසිය පනස් එක් මිලියන හාරසිය අනූ හත් දහස් තුන්සිය දහසය ^re’ 851″497″316& ක් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයෙහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීනී ඉවෝන් බ්‍රොහියර් මහත්මිය පවසන ආකාරයට zzවසර දෙකක කාලයක් පුරා පවතින කොවිඩ්-19 වසංගතය සහ අප මෙතෙක් මුහුණ දෙන දරුණුතම මූල්‍ය අර්බුදය වැනි සිදු වීම්වලින් පසු රට තුළ පවතින පෙර නොවූ විරූ තත්වයට අප සාර්ථකව මුහුණ දෙමින් සිටිනවා- ඒ ඔස්සේ අපගේ ව්‍යාපාරය පුළුල් කිරීමටත් ඩිජිටල් තාක්ෂණය හරහා අපගේ අසමසම වූ සේවාවන් තුළින් අපගේ පාරිභෝගිකයින්ට පහසුකම් සලසා දීමටත් සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනය දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරමින් සිටිනවා. මෙරට විශාලතම පාරිභෝගික පිරිසකට හිමිකම් කියන සොෆ්ට්ලොජික් සමූහය සහ එම සමාගම නියෝජනය කරන සමාගමක් ලෙස මෙය අපට වැදගත් අවස්ථාවක්. මෙම ප්‍රාග්ධනය අපගේ ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීම සඳහා මනා පිටුවහලක් වනු ඇතැයි අප විශ්වාස කරනවා.

නියාමන ආයතනයන් විසින් Tier 1 Capial ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ලෙස දක්වා ඇති ප්‍රාග්ධන ධාරිතාවය එම මට්ටම තෙක් වර්ධනය කරගැනීම සඳහා නව ප්‍රාග්ධන සංචිතය ඉවහල් කර ගනු ඇත. එකසිය දහසය මිලියන හාරසිය අසූ තුන්දහස් නවසිය එකක ^116″483″901& මෙම නව සාමාන්‍ය කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි දර්ශකයේ ලැයිස්තුගත කෙරේ.

සොෆ්ට්ලොජික් සමූහ සමාගම යනු සෞඛ්‍ය” වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, සංචාරක” රථ වාහන හා මූල්‍ය සේවා යන ප්‍රධාන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් යනු 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් මෙන්ම 2000 අංක 56 දරණ මූල්‍ය හා කල්බදු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද මූල්‍ය ආයතනයකි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව