මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD විසින් සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම ආයතන 25න් එකක් ලෙස ගෞරවයට පාත්‍ර කර ඇත.
පසුගිය දශක තුනක කාලය පුරාවට LMD හි විවිධ වූ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වල දී ඉහළම ශ්‍රේණි ලබාගත් සමාගම් අතර සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව සිටි අතර එය අගයමින් සඟරාවේ ආකර්ෂණීය 30 වැනි සංවත්සර උළෙලේ දී මෙම සම්මානය පිරිනමන ලදී.
මෑතකදී, LMD හි ‘ශ්‍රී ලංකාවේ වඩාත් ම ගෞරවනීය ආයතන’ ශ්‍රේණියේ 2024 වසර සඳහා රක්ෂණ අංශයේ පෙරමුණ ගැනීමට සෙලින්කෝ රක්ෂණ සමාගම සමත් විය. තවද 2024 දී සඟරාවේ ‘Movers and Shakers’ ලැයිස්තුවේ ද ප්‍රමුඛයා බවට සෙලින්කෝ ලයිෆ් පත්වූයේ 2023 ශ්‍රේණිගත කිරීමේ 52 වැනි ස්ථානයේ සිට 2024 දී 17 වැනි ස්ථානය දක්වා කැපී පෙනෙන ලෙස ස්ථාන 35ක් ඉදිරියට පැමිණෙමිනි.
“අස්ථාවර අවස්ථාවන්හිදී වුවද තම සංස්ථිතිය පවත්වාගැනීම මූල්‍ය සේවා අංශයේ තිබිය යුතු වැදගත්ම ශක්තීන්ගෙන් එකක් වන අතර, LMD ශ්‍රේණිගත කිරීම්වල අප ලබා ඇති ප්රමුඛ ස්ථාන මගින් අපගේ එම ශක්තිය මනාව පෙන්නුම් කරනවා,” යනුවෙන් සෙලින්කෝ ලයිෆ් කළමණාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී තුෂාර රණසිංහ මහතා පැවසීය. “මෙම ශක්තිය අපි ආරෝපණය කරන්නේ මෙම ආයතනයේ හරයන් සහ මූලික වටිනාකම් කෙරෙහි අඛණ්ඩ අවධානයක් යොමු කිරීම හරහා මූල්‍ය සථාවරත්වය ගොඩනැඟීම හා පවත්වාගෙන යාම වෙනුවෙන් වූ අපගේ නොපසුබස්නා උත්සහයට යි.”
සෙලින්කෝ ලයිෆ් සහ එහි මව් සමාගම LMD ශ්‍රේණිගත කිරීම් අතර නිරතුරුව ම ඉහළ තනතුරු හොබවා ඇත. ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනාදරය දිනාගත් සන්නාම සඳහා පිරිනැමෙන සම්මානය, ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ලැයිස්තුගත සමාගම් ඇතුලත් වන LMD 100 ශ්‍රේණිගත කිරීම, ශ්‍රී ලංකාවේ වඩාත් ම ගෞරවනීය ආයතන ශ්‍රේණිගත කිරීම ලබාගත් සම්මාන ප්‍රමාණය මත ශ්‍රේණිගත කෙරෙන ‘වඩාත් ම සම්මානලාභී’ සමාගම් සම්මානය, මෙන් ම LMD හි පාරිභෝගික විශිෂ්ටතාව සඳහා වන ශ්‍රේණිගත කිරීම ආදී සම්මාන ඒ අතර වේ.
2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.
සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.