සෙලින්කෝ ලයිෆ් 2024 ක්‍රීඩා උළෙලට 1,000කට වැඩි පිරිසක් සහභාගි වෙයි

Ceylinco Life Sports Meet (LBN)

ශ්‍රී ලංකා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයෙහි වෙළඳපළ නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් සමාගමේ වාර්ෂික ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට කාර්යය මණ්ඩල සමාජිකයන් 1000කට අධික පිරිසක් පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට රැස් විය. එදින පැවති ජවන හා පිටිය ඉසව් වලදී ඔවුන් සුහදත්වයේ හැඟීමෙන් යුතුව සමීපව තරඟ කල අතර ‘AS’ කණ්ඩායම ජයග්‍රාහකයින් බවටත් ‘PK’ කණ්ඩායම අනුශූරයන් බවටත් පත් විය.

2024 වසර සඳහා හොඳම මළල ක්‍රීඩකයා බවට ‘NS/KS’ කණ්ඩායමේ ආර්.එම් ෆර්සත් වූ අතර, හොඳම මළල ක්‍රීඩිකාව බවට පත් වීමට ‘PK’ කණ්ඩායමේ ජී.කේ.එස් මධුවන්ති සමත් විය.

ජවන හා පිටිය ඉසව් වලට පෙර අගෝස්තු මාසයේ දින කිහිපයක් පුරා ක්‍රිකට්, වොලිබෝල් සහ දැල්පන්දු තරඟාවලි පවත්වා තිබු අතර පිරිමි ක්‍රිකට් තරගාවලියේ ජය ‘AS’ කණ්ඩායමටත් කාන්තා තරගාවලියේ ජය ‘PK’ කණ්ඩායමට හිමි විය. එසේම වොලිබෝල් තරගාවලියේ ජය ‘ST’ කණ්ඩායම විසින් හිමිකර ගත් අතර දැල්පන්දු තරගාවලිය ‘PK’ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී.

සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී තුෂාර රණසිංහ මහතා විසින් ජයග්‍රාහී කණ්ඩායමට සහ දක්ෂතම මළල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවට කුසලාන සහ සහතිකපත් පිරිනැමීම සේයාරුවෙන් දැක්වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව