වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2024 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය සමාගම 11 වැනි වසරට නොකඩවා දිනාගත් සම්මානයකි.
මෙම ගෞරවනීය සම්මානය අඛණ්ඩව දිනාගත් ශ්‍රී ලංකාවේ එකම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් සමාගම වේ. 2024 දී අනෙකුත් රටවල්වල හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස මෙම සම්මානය ජයග්‍රහණය කළේ ඇමරිකාවේ මාස්මයුචුවල්, කැනඩාවේ කැනඩා ලයිෆ්, ඕස්ටේ්‍රලියාවේ TAL, ස්විස්ටලන්තයේ ස්විස් ලයිෆ්, ප්‍රංශයේ CNP අසුවරන්ස්, චීනයේ චයිනා ලයිෆ් ඉන්ෂුවරන්ස් සමූහය, ජපානයේ නිපොන් ලයිෆ් ඉන්ෂුවරන්ස්, ඉන්දියාවේ මැක්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ බන්ග්ලාදේශයේ නැෂනල් ලයිෆ් ඉන්ෂුවරන්ස් යන සමාගම් විසිනි.
වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානය මගින් සෙලින්කෝ ලයිෆ් සමාගම, ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා සිය සමස්ත ක්‍රියාවලි කාර්යක්‍ෂමතාව සහ සබඳතා අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කැපවී සිටින සමාගමක් ලෙස ඇගයීමට ලක් කරයි.
මෙහි ජයග්‍රාහකයින් තෝරාගනු ලබන්නේ විවිධ පැතිකඩවල් දැඩිව තක්සේරුවට ලක් කිරීමෙනි. එහිදී ප්‍රතිරක්ෂණ ක්‍රියාවලි සහ ක්‍රියාවලි කාර්යක්ෂමතාව ඇතුලත් මෙහෙයුම් කාර්ය සාධනය, රක්ෂණ ඔප්පුව නඩත්තු කිරීම – ගනුදෙනුකරුවන්ගේ රක්ෂණ ඔප්පු සමාලෝචනය කිරීමේ ක්‍රියාවලිය, ආවරණයේ යෝග්‍යතාවය සහ රක්ෂණ ඔප්පුවක් සඳහා පිරිවැය; අවධානමට නිරාවරණය වීම; පාරිභෝගිකයින් රඳවා ගැනීමේ අනුපාතය; වන්දි ගෙවීමට ගතවන සාමාන්‍ය කාලය; නව ගනුදෙනුකරුවන් බඳවා ගැනීමේ අනුපාතය සහ මූල්‍ය ස්ථායීතාව – වාරික ආදායම, වෙළෙඳපොල කොටස, ජීවිත අරමුදල සහ සමාගමේ ලාභය සැලකිල්ලට ගෙන තිබේ.
2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.
සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.