සෙලින්කෝ ලයිෆ් විසින් රක්ෂණ ඔප්පුහිමියන්ට රත්තරන් ලබාදීම සඳහා සිදුකරන ප‍්‍රවර්ධන වැඩසටහනේ හරි අඩක් නිමා කරමින් මේ මාසය වනවිට ලබාදුන් රත්තරන්වල වටිනාකම රුපියල් මිලියන 15 ක් වූ අතර මාතර, පිළියන්දල, බද්දේගම, මොරටුව, බණ්ඩාරවෙල සහ මඩකළපුව යන ප‍්‍රදේශ නියෝජනය කරන රක්ෂණ ඔප්පුහිමි සාමාජිකයින් මෙවර දිනුම් ඇදීමේදී රත්තරන් ජයග‍්‍රහණය කළ අය අතර සිටියේය.
14 වන ෆැමිලි සවාරි වැඩසටහන වෙනුවෙන් පවත්වන මෙම දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහනේදී මාස දෙකකට වරක් දිනුම් ඇදීමක් පැවැත්වේ. මෙවර තුන්වන දිනුම් ඇදීම තුළින් තවත් වාසනාවන්ත ජයග‍්‍රාහකයින් 103 දෙනෙකු තෝරාගත් අතර ඔවුන්ට රුපියල් මිලියන 05 ක් වටිනා රත්තරන් සමාගම විසින් පිරිනමනු ඇත. ප‍්‍රථම ත්‍යාගය දිනාගත් මාතර ජයග‍්‍රාහකයාට රුපියල් මිලියන 01 ක් වටිනා රත්තරන්ද ප‍්‍රදානය කරනු ලැබේ.
මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ තවත් දිනුම් ඇදීම් තුනක් පැවැත්වීමට නියමිතය. 2021 ෆැමිලි සවාරි වැඩසටහන යටතේ සමස්තයක් ලෙස රුපියල් මිලියන 30 ක් වටිනා රත්තරන් ලබාදීමට සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන යටතේ මෙතෙක් ලබාදුන් විදේශීය සහ දේශීය සංචාර වෙනුවට කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා පනවා තිබෙන සංචාරක සීමාවන් සහ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ හේතුවෙන් මේ ආකාරයෙන් රත්තරන් ලබාදීමට තීරණය කරන ලදී.
සෑම දිනුම් ඇදීමකින් එක් ජයග‍්‍රාහකයෙකුට රුපියල් මිලියනයක් වටිනා රත්තරන්ද, ජයග‍්‍රාහකයින් දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් 250,000 ක් බැගින් වටිනා රත්තරන්ද, ජයග‍්‍රාහකයින් පස් දෙනෙකුට එක් අයෙකුට රුපියල් 100,000 බැගින් වටිනා රත්තරන්ද, ජයග‍්‍රාහකයින් 25 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 50,000 ක් බැගින් වටිනා රත්තරන්ද, තවත් ජයග‍්‍රාහකයින් 70 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 25,000 ක් වටිනා රත්තරන්ද සමාගම විසින් තිළිණ ලෙස ලබාදෙනු ලැබේ.