සෙලින්කෝ ලයිෆ් හි 89 වන පන්තිකාමර පරිත්‍යාගයෙන් මඩකලපුව අරයම්පති හි විද්‍යාලයක් ප්‍රතිලාභ ලබයි

89th classroom donation - Arayampathy (LBN)

සෙලින්කෝ ලයිෆ් හි ත්‍යාගශීලීත්වයෙන් මඩකලපුව ප්‍රදේශයේ දර්ශනීය වෙරළබඩ පිහිටි අරයම්පති හි දරුවන් සඳහා නව පාසල් වසර නව පන්ති කාමරයක් සමගින් ආරම්භ කිරීමේ හැකියාව ලැබී ඇත.

තලංකුඩා හි අරයම්පති ශ්‍රී විනයගර් විද්‍යාලයට සෞන්දර්ය විෂය සඳහා වන මෙම පන්තිකාමර ගොඩනැගිල්ල දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් හි ප්‍රතිපාදන මත ඉදි කරන ලදී. මෙය සමාගම විසින් ලාංකික පාසලක් සඳහා පන්තිකාමරයක් පරිත්‍යාග කරන ලද 89 වන අවස්ථාව වේ.

 



 
පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් 454 ක් හා ගුරුවරුවන් 32 ක් සේවය කරන මෙම පාසල සඳහා උපකාර කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ඉදිරිපත් වන විට එහි හොඳ තත්ත්වයේ පැවත ඇත්තේ එක් ගොඩනැගිල්ලක් පමණි.

ප්‍රමාණවත් පහසුකම් නොමැතිකමේ අභියෝග මධ්‍යයේ වුවද අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පවත්වා ගන්නා මෙම පාසල වෙත මන්මුනායි, මදුරාපුරම්, ෆාතිමාපුරම් සහ වෙදර්කුඩියිරිප්පු යන ආසන්න ප්‍රදේශවල ළමුන් ද අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙති.

මෙම දිගුකාලීන ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ සෙලින්කෝ ලයිෆ් විසින් ඉදිකරන ලද සෑම පන්ති කාමරයක්ම ශිෂ්‍ය පරම්පරා ගණනාවකට සේවා සැපයීම සහතික කිරීම සඳහා, සමාගම විසින් අඛණ්ඩව අධීක්ෂණය කර නඩත්තු කරනු ලැබේ.

2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව