සෙලින්කෝ ලයිෆ් හි 85 වැනි පන්තිකාමර පරිත්‍යාගය හොරණ පාසලකට

85th classroom donation - Horana

 



 

 

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් හොරණ ප‍්‍රදේශයේ ප‍්‍රාථමික පාසලකට, පන්ති කාමර ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරමින් ඒ සමඟ රට පුරා අවශ්‍යතා ඇති පාසල් සඳහා සමාගම විසින් පරිත්‍යාග කරන ලද පන්ති කාමර සංඛ්‍යාව 85 දක්වා ඉහළ නංවා ඇත.

පැල්පොල කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් ප‍්‍රජාව මේ සඳහා සුවිශේෂී ශ‍්‍රම දායකත්වයක් ලබා දුන් අතර සෙලින්කෝ ලයිෆ් විසින් රුපියල් මිලියන 1.35ක් වටිනා ගොඩනැගිලි අමුද්‍රව්‍ය මෙම කටයුත්ත සඳහා පරිත්‍යාග කරන ලද්දේය. ප‍්‍රදේශයේ සිසුන්, දෙමාපියන්, ආදී සිසුන් සහ අනෙකුත් සුබපතන්නන් පන්ති කාමරය ගොඩනැගීමට අවශ්‍ය ශ‍්‍රමය ලබා දෙන ලදී.

සෙලින්කෝ ලයිෆ් හි ප‍්‍රමුඛතම සමාජ වගකීම් වැඩසටහනක් වන පන්තිකාමර ඉදිකිරීමේ කටයුත්තට ප‍්‍රතිලාභී ප‍්‍රජාව විසින් ඉදිකිරීම සඳහා ශ‍්‍රමය ලබා දුන් දෙවැනි අවස්ථාව මෙයයි.

නව ගොඩනැගිල්ල නිමවීමත් සමග පාසලේ දරුවන්ට නැටුම් ඉගෙනීමට සහ පුහුණු වීමට කැපවූ පන්ති කාමරයක් ලබාදී ඇති අතර, ඔවුන් කලින් භාවිත කළ ප‍්‍රමාණවත් නොවූ තාවකාලික ගොඩනැගිල්ලේ බාධාවන්ගෙන් ඔවුන් නිදහස් වූ බව සමාගම පවසයි. පැල්පොල කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 305ක් ඉගෙනුම ලබයි.

වසර ගණනාවක් පුරා සෙලින්කෝ ලයිෆ් විසින් ඉදිකරන ලද සෑම පන්ති කාමරයක්ම ශිෂ්‍ය පරම්පරා ගණනාවකට භාවිතා කිරීමට හැකිවීම සඳහා, සමාගම විසින් අඛණ්ඩව නඩත්තු කටයුතු සිදුකරණු ලැබේ.

2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 12 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව