සෙලින්කෝ ලයිෆ් සුවිශේෂී මාර්ගගත ශිෂ්‍යත්ව ප‍්‍රදාන වැඩසටහනක් පවත්වමින් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව 162 ක් බෙදා දෙයි

Pranama 2021 Post Event (1)

 




 

  • මෙරට ජීවිත රක්ෂණ ප‍්‍රමුඛයාගේ අධ්‍යාපනයට අතහිත දීමේ වැඩසටහන අවුරුදු 20 ක් සපුරයි
  • දීප්තිමත් සිසු දරුවන් 2,887 දෙනෙකුට රුපියල් මිලියන 167 ක් ප‍්‍රදානය කර ඇත

අධ්‍යන සහ බාහිර ක‍්‍රියාකාරකම් වලදී අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 162 ක් සඳහා මෙවර රුපියල් මිලියන 11.8 ක් වටිනා ශිෂ්‍යත්ව ලබාදෙමින් සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වන අදියරේ ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ උත්සවය පළමු වරට පසුගියදා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ පවත්වන ලදී.

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා සඳහන් කරන්නේ මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානයට අදාළ සහතික, පදක්කම් සහ ත්‍යාග අගෝස්තු මාසයේ පළමු සතියේ සිට ශාඛා මට්ටමින් ඒ ඒ ජයග‍්‍රාහකයින්ට ප‍්‍රදානය කරන බවයි.

Zoom වීඩියෝ තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවැත් වූ වැඩසටහනට ශිෂ්‍යත්ව ලාභීන් සහ රට පුරා සිටින සෙලින්කෝ ලයිෆ් කාර්ය මණ්ඩලය සහභාගී විය. මෙහි පිළිගැනීමේ කතාව සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා සිදුකළ අතර ප‍්‍රධාන දේශනය ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුළපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා සිදු කළේය.

මීට අමතරව, මෙම උත්සවයේදී මීට ඉහතදී ශිෂ්‍යත්ව ලාභියෙකු වූ මෙන්ම මේ වනවිට ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන චරණ සුනෙත් සොන්නාදර මහතා සහ වර්තමාන ශිෂ්‍යත්ව ජයග‍්‍රාහකයින් වන හා අ. පො. ස. උසස් පෙළ විභාගයේදී දිස්ත‍්‍රික් පළමු ස්ථාන දිනාගත් ජයග‍්‍රාහකයින් වන ජේ. එම්. තරින්ද රශ්මි බණ්ඩාර නවරත්න, කොනෙසමූර්ති අක්ෂිකා සහ උමේෂා අමෝදමා තිලකරත්න පේ‍්‍රක්ෂක පිරිස අමතන ලදී.

ශ‍්‍රී ලංකාව තුළ නිදහස් අධ්‍යාපන ක‍්‍රමයක් තිබුණත් තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට මුදල් වියදම් කිරීම වෙනුවෙන් දෙමව්පියන්ට ඇතිවන පීඩනය දිනෙන් දිනම වැඩිවෙමින් තිබීම හමුවේ ඒ සඳහා දෙමව්පියන්ට සහනයක් ලබාදීම සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ප‍්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන 2002 වසරේදී ආරම්භ කරන ලදී. සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන්ට ප‍්‍රතිලාභ ලබාදීමේ අරමුණෙන් ආරම්භ කළ මෙම වැඩසටහන මගින් පසුගිය අවුරුදු 19 තුළදී රුපියල් මිලියන 155 ක මුදලක් ප‍්‍රදානය කර තිබෙන අතර සිසුදරුවන්  2,725 දෙනෙකුට ප‍්‍රතිලාභ ලබාදී තිබේ. මෙම වැඩසටහන දශක දෙකක් සම්පූර්ණ කරන මේ අවස්ථාවේ 2021 වසරේදී ලබාදුන් ශිෂ්‍යත්වද ඇතුළුව මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් ප‍්‍රධානය කර ඇති සමස්ත මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 167 ක් දක්වාත් ප‍්‍රතිලාභ ලබන සිසුදරුවන් ප‍්‍රමාණය 2,887 ක් දක්වාත් ඉහළ යනු ඇත. මීට පෙර, ප‍්‍රණාම ශිෂ්‍යත්ව දිනාගත් බොහෝ දෙනෙකු මේ වනවිට වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ඉංජිනේරුවන් සහ තවත් වැදගත් වෘත්තිකයින් බවට පත්වී තිබෙන අතර ඒ තුළින් පෙන්නුම් කරන්නේ මෙරට අනාගත පුරවැසියන්ට දිරියක් ලබාදීම සඳහා මෙම වැඩසටහන සතුව තිබෙන ශක්තියයි.

 




 

 

මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානයේදී පහ වසර ශිෂ්‍යත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමෙන් ඉහළම ලකුණු ලබාගන්නා සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දු පුතුනට හා අ. පො. ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ගෙන් දිස්ත‍්‍රික් මට්ටමේ ඉහළම ප‍්‍රතිඵල ලබා ගන්නා සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දරු දැරියන් වෙත මුදල් තිළිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව ලබාදෙන අතර ක‍්‍රීඩාවල සංස්කෘතියල කලාවල නාට්‍ය සහ නව සොයා ගැනීම් සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණයන් හිමි කරගත් තරුණ තරුණියන්ටද මුදල් තිලිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව පිරිනැමේ. මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියකුගේ දරුවකු අ. පො. ස. උසස් පෙළ විභාගයේදී දිස්ත‍්‍රික්ක මට්ටමින් දෙවැනිල තෙවැනි හෝ සිව්වන ස්ථාන හිමිකර ගෙන ඇත්නම් එම ජයග‍්‍රහණ සඳහාද විශේෂ මුදල් ශිෂ්‍යත්ව පිරිනැමීමට සෙලින්කෝ ලයිෆ් කටයුතු කර ඇත.

මෙම නවතම ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2020 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු දරුවන් 30 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 120,000 ක් බැගින් වන ශිෂ්‍යත්ව සමාගම විසින් පරිත්‍යාග කළ අතර එම ශිෂ්‍යත්ව අවුරුදු පහක් පුරා මාසික වාරික වශයෙන් සිසුන්ට ලබාදීමට කටයුතු කරනු ඇත. මීට අමතරව, 2019 අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු දරුවන් 25 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 84,000 ක් බැගින් වන ශිෂ්‍යත්ව ප‍්‍රදානය කළ අතර එම මුදල් මාසික වාරික වශයෙන් අවුරුදු දෙකකින් ලබාදීමට සමාගම සහතික වී තිබේ. එසේම, 2019 අ. පො. ස. උසස් පෙළ විභාගයේදී දිස්ත‍්‍රික් පළමු වෙනියා බවට පත්වූ සිසු දරුවන් 25 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 144,000 ක් බැගින් සමාගම විසින් ප‍්‍රදානය කළ අතර එම මුදල් මාසික වාරික වශයෙන් අවුරුදු තුනකින් ලබාදීමට සමාගම කටයුතු කරනු ඇත. මෙම කණ්ඩායමේ සාමාජිකයින්ට සමාගම විසින් විශේෂ ප‍්‍රදානයක් ලෙස ලැප්ටොප් පරිගණකයක් බැගින්ද ලබා දෙනු ඇත. මීට අමතරව, පෙන් ඩ‍්‍රයිව් එකක්, වයර්ලස් මවුස් එකක් සහ බ්ලූටූත් ස්පීකර් එකක් තිබෙන තෑගි පාර්සල්ද මෙම කණ්ඩායමේ සාමාජිකයින්ට සමාගම විසින් පරිත්‍යාග කරන ලදී.

එසේම, 2019 අ. පො. ස. උසස් පෙළ විභාගයේදී දිස්ත‍්‍රික්ක වලින් දෙවන, තෙවන හා සිව්වන ස්ථාන ලබාගත් දරුවන් 73 දෙනෙකුට රුපියල් 30,000 බැගින් ලබාදීමටද සමාගම කටයුතු කළේය.

මීට අමතරව, 2019 සහ 2020 වසර වලදී ක‍්‍රීඩා, නාට්‍ය, නවෝත්පාදනය සහ නිර්මාණශීලි අංශයන්ගෙන් විශිෂ්ටතා දැක්වූ දරුවන්ට කුසලතා සම්මාන හිමිවූ අතර ඒ වෙනුවෙන් එක් අයෙකු වෙත සමාගම රුපියල් 35,000 ක මුදලක් ප‍්‍රදානය කළේය.

මේ සියල්ලට අමතරව මෙම විභාග තුනේදී දිස්ත‍්‍රික්ක මට්ටමින් පළමු දස දෙනා අතරට පත්වූ සිසුදරුවන් 550 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ඇගයීමේ සහතිකයක් සහ ත්‍යාග පාර්සලයක් සමාගම විසින් ඔවුන් ගනුදෙනු සඳහා සම්බන්ධ වන ශාඛා වලදී ළඟදීම පිරිනමන බව සමාගම සඳහන් කරයි.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍රකළ අතර 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගන්නා ලදී. එසේම, 2019-20 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව ^ICCSL& සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදුන් අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව