සෙලින්කෝ ලයිෆ් සමාගම 2022 වසරේදී අඛණ්ඩව 19 වන වසර සඳහා වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වෙයි

Chairman Mr R. Renganathan and Managing Director CEO Mr Thushara Ranasinghe (LBN)

 



 

 

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ට 2022 වසරේදී රුපියල් බිලියන 18.9 ක සුවිශාල ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ හිමිවූ අතර දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 ක කාලය තුළදී සමාගම රුපියල් බිලියන 29.16 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක් වාර්තා කරමින් පිට පිටම 19 වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ.

සලකා බලන වසරේ පැවති අභියෝග හමුවේ වූවද සමාගමේ රක්ෂණ වාරික ආදායම 14% කින් ශක්තිමත් ලෙස වර්ධනය වූ අතර සමාගම විසින් පෙර වසරේදී ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ ලෙස ගෙවූ රුපියල් බිලියන 12.7 ක මුදල සැලකීමේදී මෙවර ගෙවූ රුපියල් බිලියන 18.9 ක මුදල 48.9% ක වර්ධනයකි. සමාගමේ ඉතිහාසය තුළ ගෙවූ වැඩිම ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ වටිනාකම මෙය වේ.

2022 වසරේදී සෙලින්කෝ ලයිෆ් රුපියල් බිලියන 49.2 ක සමස්ත ආදායමක් වාර්තා කළ අතර මෙය පෙර වසරට සාපේක්ෂව 21% ක වර්ධනයකි. මෙහිදී, ආයෝජන සහ අනිකුත් ආදායම් 33% කින් රුපියල් බිලියන 20 ක් දක්වා විශාල ලෙස වර්ධනය වූ බව සමාගම පවසයි.

මේ අතර, සලකා බලන වසරේදී කොටස්කරුවන්ගේ අරමුදලට රුපියල් බිලියන 4.8 මුදලක් බැර කිරීමෙන් පසුව සමාගමේ ජීවිත අරමුදල 2022 දෙසැම්බර් 31 වනදා වනවිට 12.7% කින් රුපියල් බිලියන 134.9 ක් දක්වා වර්ධනය වී තිබීම කැපී පෙනේ.

සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 17.8 කින් හෙවත් 10.2% කින් වර්ධනය වී 2022 වසර අවසන් වනවිට රුපියල් බිලියන 191.5 ක්වී තිබෙන අතර ආයෝජන කළඹ 7.4% කින් වර්ධනය වී 2022 දෙසැම්බර් 31 වනදා වනවිට රුපියල් බිලියන 165.9 ක් දක්වා වර්ධනය වී ඇත.

 

‘මහජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය නිසා ඔවුන්ගේ වැයකළ හැකි ආදායම අඩුවී තිබෙනවා. එය අපගේ කාර්යසාධනයට බලපෑවත් අපගේ සමාගම විසින් දශක තුනකට අධික කාලයක් ගොඩනගා ගත් වටිනාකම් සහ විශ්වාසය තුළින් මෙවරත් සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීමට සමත්ව තිබෙනවා. එසේම, ව්‍යාපාරික මූලධර්ම වලට අනුව කටයුතු කිරීමට අපගේ සමාගම දක්වන කැපවීමත් මෙම සාර්ථකත්වයට ප‍්‍රධාන හේතුවක් ලෙස සඳහන් කළ හැකියි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘ජීවිත රක්ෂණ ව්‍යාපාරයක ප‍්‍රධාන අරමුණ හිමිකම් සහ ප‍්‍රතිලාභ ගෙවීම බව අපගේ විශ්වාසයයි. එය අපගේ 2022 මූල්‍ය වාර්තා මගින් පැහැදිලිවම විදහා දැක්වෙන අතර එය ගනුදෙනුකරුවනගේ විශ්වාසය දිනා ගැනීමට එක් හේතුවක් වනවා.’

2022 වසරේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ කොටසකට අදාළ මූලික ලාභය රුපියල් 152.64 ක්වී තිබෙන අතර එය 12.7% ක වර්ධනයකි. මේ අතර, කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම 2022 දෙසැම්බර් 31 වනදා වනවිට රුපියල් 987.98 ක්වී තිබෙන අතර වත්කම් සඳහා ප‍්‍රතිලාභ අනුපාතය 3.98% ක්ද කොටසකට අදාළ ප‍්‍රතිලාභ අනුපාතය 15.45% ක්ද වී ඇත.

2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති අතර අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලබා ඇත. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 19 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව