සෙලින්කෝ ලයිෆ් සම්මන්ත‍්‍රණ මගින් පහ වසර ශිෂ්‍යත්ව බලාපොරොත්තුවෙන් සිටින සිසුන් 1,800කට ප‍්‍රතිලාභ

1 (LBN)

 



 

 

මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන, ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සිසුන් 1,800කට වැඩි පිරිසකට ප‍්‍රතිලාභ ලබා දීමට අධ්‍යාපන සම්මන්ත‍්‍රණ හතක් පැවැත්වීම සඳහා ‘සෙලින්කෝ ලයිෆ්’ විසින් අරමුදල් සපයා ඇත.

මෙම සම්මන්ත‍්‍රණ අරලගංවිල, ගලෙන්බිඳුණුවැව, කන්තලේ, මාතලේ, කුරුණෑගල, නාත්තන්ඩිය සහ කිරිබත්ගොඩ යන ප‍්‍රදේශවලදී පැවැත්වුණු අතර, විභාගයට ප‍්‍රථම තවත් සම්මන්ත‍්‍රණ 03ක්ද පැවැත්වීමට නියමිතය.

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය ප‍්‍රශ්න පත‍්‍ර සහ ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍ර සමග පුහුණු සැසි පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමැති ගුරු උපදේශකවරයකු විසින් මෙම වැඩසටහන් ඉදිරිපත් කරන ලදී.

‘සෙලින්කෝ ලයිෆ් ප‍්‍රජා උපකාරක වැඩසටහන්වලදී අධ්‍යාපනය සැමවිටම ප‍්‍රමුඛවන අංශයක් වී ඇත’ යැයි සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය අලෙවිකරණ ප‍්‍රධාණී ඩිරන්ජන් කනගසබේ මහතා ප‍්‍රකාශ කර සිටියේය. ‘අපගේ ප‍්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන’ මගින් ප‍්‍රතිලාභ ලබන ලාබාලතම කොටස වන්නේ, 05 වසර ශිෂ්‍යත්වවලින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සිසුන්. ශිෂ්‍යත්ව වැඩසටහනට අමතරව ‘සෙලින්කෝ ලයිෆ්’ විසින් අවශ්‍යතා ඇති පාසල් සඳහා පන්ති කාමර ඉදිකර පරිත්‍යාග කිරීමද සිදුකරනු ලබනවා. මෙම සම්මන්ත‍්‍රණ වැඩසටහන් මෙම ක‍්‍රියාකාරකම් සම්පූර්ණ කරනවා,’ යැයිද කනගසබේ මහතා අවධාරණය කර සිටියේය.

‘සෙලින්කෝ ලයිෆ්’ විසින් 2010 වසරේ සිට ශිෂ්‍යත්ව සිසුන් සඳහා මෙවැනිම වැඩසටහන් සංවිධානය කර ඇති අතර, වසර ගණනාවක් පුරා සිසුන් 30,000කට වැඩි පිරිසක් සහභාගි වූ අධ්‍යාපන සම්මන්ත‍්‍රණ 100කට අධික ප‍්‍රමාණයක් අවසන් කර ඇත. ‘කොවිඞ්’ සම්බන්ධ සමාජ දුරස්ථ රෙගුලාසි ක‍්‍රියාත්මක වන සමයේදී මෙම වැඩසටහන් නවීන ‘සූම්’ (ZOOM) තාක්‍ෂණය හරහා සිදු කෙරිණි.

05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් තම දිස්ත‍්‍රික්කවල හොඳම ප‍්‍රතිලාභ ලබන රක්‍ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන්ට සහ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) මෙන්ම අ.පො.ස. (උසස් පෙළ) ටද ජාතික මට්ටමින් දස්කම් දක්වන දරුවන්ට මූල්‍ය ආධාර සැපැයීම සඳහා සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ. ක‍්‍රීඩා, නව නිපැයුම්, නාට්‍ය, සංස්කෘතික සහ අනෙකුත් විශේෂ කුසලතා ප‍්‍රදර්ශනය කිරීමද මෙම ශිෂ්‍යත්ව සඳහා අවධානයට ගැනෙන අතර, 2021 වසර 05 ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ඨතා දැක්වූ සිසුන් 28 දෙනෙකුට රුපියල් 120,000 බැගින් ලබාදී ඇත.

2022 වසරේ දී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ්, 2021 වසරේ අඛණ්ඩව තෙවැනි වරටත් ශී‍්‍ර ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ^Great Workplace& ලෙසද, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ^SLIM& විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසද, SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත වසර 16 කට ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසද, නම් වී ඇත. ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට ද සමත්වී ඇති සෙලින්කෝ ලයිෆ් 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව ^ICCSL& සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය. එමෙන්ම 2022 වසරේ Great Place to Work® විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ^BFSI& ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ද සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇත.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව