සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ ‘වඩාත් ගෞරවාදරයට ලක් වූ’ සමාගම් 10 අතර එකම රක්ෂණ සමාගමයි

Most Admired Companies 2023 (LBN)

 



 

 

ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමඟ එක්ව සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක් වූ සමාගම් 10 න් එකක් ලෙස නැවත වරක් ගෞරවයට පාත්‍ර කර ඇත.

2023 අගෝස්තු 18 වැනි දින ප්‍රදානය කරන ලද ‘MAC’ සම්මාන උළෙලේ නවතම සංස්කරණයේ දී පළමු සමාගම් 10 සහ ‘ගෞරවණීය සඳහන්’ ලැබූ සමාගම් පහ අතර සිටින එකම රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් වේ. ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක් වූ සමාගම් ලයිස්තුවට සෙලින්කෝ ලයිෆ් ඇතුළත් වූ සිව්වන අවස්ථාව මෙයයි.

“ගෞරවය මෙන්ම ප්‍රශංසාව ද වෙහෙස මහන්සි වී උපයාගත් දෙයක් වන අතර එය දත්තමය සහ හැඟීම් මත පදනම් වූ ප්‍රමිතික මත පදනම් වේ,” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා පැවසීය. “සෙලින්කෝ ලයිෆ් හි අපි සැමවිටම විශ්වාස කරන්නේ මූල්‍ය කාර්යසාධනය වැනි ප්‍රමාණාත්මක දර්ශක සංවේදනය, සමාජ වගකීම සහ යහපාලනය වැනි ගුණාත්මක දර්ශක සමඟ මනාව සමතුලිත විය යුතු බවයි. එබැවින් කාර්යසාධනය සහ හැසිරීම පිළිබඳ බහුවිධ අංශ පිළිබඳ විස්තීර්ණ තෙවන පාර්ශවීය තක්සේරුවක් හරහා ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක් වූ සමාගමක් ලෙස පිළිගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙමු.”

සෙලින්කෝ ලයිෆ් 2022 වසර අවසන් කළේ රුපියල් බිලියන 191.5 ක වත්කම්, රුපියල් බිලියන 45.63 ක ඒකාබද්ධ ආදායමක්, රුපියල් බිලියන 29.16 ක දළ ලිඛිත වාරික ආදායමක්, රුපියල් බිලියන 134.9 ක ජීවිත අරමුදලක් සහ රුපියල් බිලියන 165.9 ක ආයෝජන කළඹක් සමඟිනි. මෙම වසරේ මැයි මාසයේදී සමාගම මූල්‍ය කාර්ය සාධනයේ කැපී පෙනෙන සන්ධිස්ථාන කිහිපයක් අත්කර ගත්තේ මුළු වත්කම් රුපියල් බිලියන 200 සීමාව ඉක්මවීමත්, සමස්ත කොටස් වටිනාකම රුපියල් බිලියන 50 ඉක්මවීමත්, ආයෝජන කළඹ රුපියල් බිලියන 175 ඉක්මවීමත් සමඟිනි.

2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව