සෙලින්කෝ ලයිෆ් ‘වෛද්‍ය හමුව’ වෛද්‍ය කඳවුරු 12 ක් සමගින් 2024 අවසන් කරයි

Health Camps - Galle & Matara Regions (LBN)

සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘වෛද්‍ය හමුව’ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ මෑතකදී ගාල්ල නෙළුවේ පවත්වන ලද වෛද්‍ය කඳවුර සමඟ 2024 වසර තුළ සමාගම පැවැත්වූ මෙවැනි කඳවුරු සංඛ්‍යාව 12 වූ අතර ඉන් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2,600 ඉක්මවීය.

දිගු කාලීනව පවත්වාගෙන ආ ‘වෛද්‍ය හමුව’ වැඩසටහන මේ වන විට වසර 20 ක කාලයක් සම්පූර්ණ කර ඇති අතර එමඟින් 150,000 කට අධික ජනතාවකට වෛද්‍යවරුන් හා සම්බන්ධ වීමට මෙන්ම රෝග විනිශ්චය සඳහා පරීක්ෂණ සිදුකර ගැනීමටද අවස්ථාව ලබා දීම හරහා කලින් හඳුනා නොගත් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් උදා වී ඇත.
 



 

මෙම වර්ෂයේ දී බදුල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, මොණරාගල, හම්බන්තොට, අම්පාර, පොලොන්නරුව, පුත්තලම, කුරුණෑගල, මාතර සහ ගාල්ල යන නගරයන් හි සෙලින්කෝ ලයිෆ් විසින් වෛද්‍ය කඳවුරු පවත්වා ඇත. 2024 වර්ෂය තුළ මෙම කඳවුරු පැවැත්වීම සඳහා සෙලින්කෝ ලයිෆ් නියෝජිතයන් සමඟ වෛද්‍ය කණ්ඩායම් කිලෝමීටර 5,000 කට වැඩි දුරක් සංචාරය කර ඇති බව සමාගම පවසයි.

පවත්වන ලද සෑම ‘වෛද්‍ය හමුව’ කඳවුරකදී ම සහභාගී වන්නන්ට අහඹු ලෙස හා නිරාහාරව සිට ලබා ගන්නා රුධිර පරීක්ෂණ, ඊ.සී.ජී. පරීක්ෂණ, රුධිරගත කොලෙස්ටරෝල් පරීක්ෂණ, නිධන්ගත වකුගඩු ආබාධ හඳුනා ගැනීමේ මුත්‍රා පරීක්ෂණ සහ රුධිර පීඩනය පරීක්ෂා කරවා ගැනීමට ද අවස්ථාව ලබා දෙන ලදී. මීට අමතරව ඔවුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය හා ඇස්වල පෙනීම ද පරීක්ෂා කෙරිණි. ඉන්පසුව සෑම පුද්ගලයෙකුටම වෛද්‍යවරයෙකු හමු වී පරීක්ෂණ ප්‍රතිඵල සාකච්ඡා කිරීමට සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවස්ථාව හිමි විය.

මෙම වර්ෂයේ පැවැත්වූ වෛද්‍ය කඳවුරු මගින් පරික්ෂාවට ලක්වූ පිරිසගෙන් 58% ක් පමණ කාන්තාවන් වන අතර වෛද්‍ය කණ්ඩායම් විසින් අධි කොලොස්ටරෝල්මියාවේ කලින් හඳුනා නොගත් අවස්ථා, හෘද රෝග සමඟ ඩිස්ලිපිඩිමියාව, දියවැඩියාව, අධි රුධිර පීඩනය, ඇදුම සහ ප්‍රමාණවත් ලෙස ප්‍රතිකාර සිදු නොකළ දිලීර ආසාදන වැනි රෝග සොයා ගත් බව සමාගම පවසයි.

2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව