සෙලින්කෝ ලයිෆ් වෙතින් රක්ෂණ ඔප්පුහිමියන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට 2025 දී සතුටු වීමට අවස්ථාව

FS 18 Grand Draw (LBN)

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සංවිධානය කරන දැවැන්ත ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් ලෙස තේරී පත් වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට 2025 වර්ෂයේදී සංචාරක අපේක්ෂාවන් සැබෑවක් බවට පත් වී ඇත.

ෆැමිලි සවාරි 18 වන සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් පහක් චීනය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනා ගත් අතර තවත් පවුල් 10ක් මැලේසියාවට එවැනිම සංචාරයක් දිනා ගත්හ. මීට අමතරව, බණ්ඩාරගම පර්ල් බේ තේමා උද්‍යානයේ දිනක විනෝද චාරිකාවක් සඳහා පවුල් 250ක් තෝරා ගන්නා ලදි.

 



 
2025 වර්ෂයේ චීනයෙහි නිවාඩුව දිනාගත් වාසනාවන්ත සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල් පහ පිළියන්දල, කොළඹ උතුර, මඩකලපුව සහ අම්බලන්ගොඩ (පවුල් 2ක්) ප්‍රදේශවල පිරිස් බව සමාගම පවසයි.

දිනුම් ඇදීම තුළින් සමස්තයක් ලෙස, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමි පවුල් වල සාමාජිකයින් 1060කට විදේශ සංචාර සහ මෙරට විනෝද චාරිකාව සඳහා අවස්ථාව උදා විය. අද වන විට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම පුද්ගලයින් 36,000කට අධික පිරිසක් ෆැමිලි සවාරි අත්දැකීම් ලබා ගෙන ඇත.

දිනුම් අඳින අවස්ථාවේදී සෙලින්කෝ ලයිෆ් හි නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමිත හේමචන්ද්‍ර මහතා ෆැමිලි සවාරි වැඩසටහන ආරම්භ වූ ආකාරය සහ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් උද්ගත වූ ගැටලු, කොවිඩ් 19 වසංගතය, ජාත්‍යන්තර සංචාර සීමා කිරීම් සහ ආර්ථික අර්බුදය ඇතුළු අභියෝග රැසක් මධ්‍යයේ වුවත් අඛණ්ඩව මෙම වැඩසටහන පවත්වාගෙන පැමිණි ආකාරය සිහිපත් කළේය. ෆැමිලි සවාරි වැඩසටහන රක්ෂණ ඔප්පු හිමියන් අතර අත්දැකීම් තුළින් සබඳතා ගොඩනඟා ගැනීමටත්, පවුලේ සාමාජිකයන් සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීමට සහ සෙලින්කෝ ලයිෆ් සන්නාමය ගොඩනඟා ගැනීමටත් උපකාර කර ඇති බව ඔහු පැවසීය.

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ටේ්‍රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය, ප්‍රංශය, සහ තුර්කිය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්‍රාහකයින්ට චීනය, ඩුබායි මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ සන්නාම තානාපතියන් ලෙස ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන මහතා සහ ඔහුගේ ප්‍රියබිරිඳ වන කුෂ්ලානී මහත්මිය කටයුතු කරයි.

2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව