සෙලින්කෝ ලයිෆ් වෙතින් මාතර දිස්ත‍්‍රික් රෝහලට ශ්වසනාධාර උපකරණ පරිත්‍යාගයක්

HFNC donation - Matara Hospital

 




 

 

ශ්වසන අපහසුතා වලින් පෙළෙන රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදෙන රෝහල් වලට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ පසුගියදා මාතර දිස්ත‍්‍රික් මහ රෝහල වෙත උපකරණ පරිත්‍යාග කරන ලදී. මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට අවශ්‍ය වන High Flow Nasal Cannula (HFNC) කට්ටලයක් මෙම රෝහලට ලබා දෙන ලදි. මෙම යන්ත‍්‍ර මගින් පෙර ඔක්සිජන් ලබාදුන් රෝගීන්ටද නැවත ඔක්සිජන් ලබාදීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි.

සෙලින්කෝ ලයිෆ් විසින් මීට පෙර මෙවැනිම උපකරණ තොගයක් කොළඹ දකුණ ශික්ෂණ රෝහලට, මඩකළපුව ශික්ෂණ රෝහලට, කන්තලේ මූලික රෝහලට, කුලියාපිටිය ශික්ෂණ රෝහලට සහ මාතලේ දිස්ත‍්‍රික් මහ රෝහලට ප‍්‍රදානය කරන ලදී.

සෙලින්කෝ ලයිෆ් විසින් මීට පෙර රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ‍්‍රී ලංකා ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල සඳහා අංග සම්පූර්ණ අධි සත්කාර ඒකක පරිත්‍යාග කර ඇත. සමාගම විසින් පරිත්‍යාග කළ මෙම ඒකකය ශල්‍යකර්ම වලට බඳුන් වූ රෝගීන් සුවය ලබා සාමාන්‍ය වාට්ටු තුළට නැවතත් යැවීමට පෙර ඉහළ පශ්චාත් ශල්‍ය රැකවරණයක් ලබාදීම සඳහා ශල්‍ය අධි සත්කාර ඒකකයක් ලෙසින් භාවිතා කරනු ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව