සෙලින්කෝ ලයිෆ් වෙතින් දමිළ කතා කරන පාරිභෝගිකයින් සඳහා යාපනයේ ඇමතුම් මධ්‍යස්ථානයක්

Ceylinco Jaffna Call Centre (LBN)

 



 

 

දමිළ කතා කරන ගනුදෙනුකරුවන් උදෙසා සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් යාපනයේ නව ඇමතුම් මධ්‍යස්ථානයක් විවෘත කර ඇති අතර එමගින් කොළඹ පිහිටි සමාගමේ ප්‍රධාන සම්බන්ධතා මධ්‍යස්ථානයේ සේවය කිරීම සඳහා සේවකයින්ට නැවත ස්ථානගත වීමේ අවශ්‍යතාවයද ඉවත් කෙරෙයි.

යාපනයේ සෙලින්කෝ ලයිෆ් ශාඛාවේ පිහිටා ඇති මෙම නව ඇමතුම් මධ්‍යස්ථානය කාර්යමණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත වන අතර, පිටතට යන ඇමතුම් සඳහා කැපවූ 4 දෙනෙක්ද, පැමිණෙන ඇමතුම් හැසිරවීම සඳහා 2 දෙනෙක්ද සේවයෙහි නියුක්ත වෙති.

මෙසේ දිවයිනේ ප්‍රධාන ස්ථාන කිහිපයක ඇමතුම් මධ්‍යස්ථාන මෙහෙයුම් විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලිය මගින්, කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ රඳවා තබා ගැනීම වැනි අභියෝග විසඳෙන අතර, අවශ්‍ය භාෂා ප්‍රවීණතාවයෙන් යුත් කාර්යයමණ්ඩලය සොයා ගැනීමට වඩාත් පහසු වනු ඇතැයි සමාගම ප්‍රකාශ කරයි. එසේම මෙම ප්‍රාදේශීය ඇමතුම් මධ්‍යස්ථාන මගින් සේවකයින්ගේ වියදම් සහ ආතතියද අවම කරණු ලබයි.

යාපනයේ ස්ථාපිත කරන ලද මෙම නව ඇමතුම් මධ්‍යස්ථානය හරහා, දමිළ බස කතා කරන ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ඇමතුම් වලට ප්‍රතිචාර ලබා දීමේ කාර්යක්‍ෂමතාවද ඉහළ නැංවීමට අපේක්‍ෂා කරන බව සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

සෙලින්කෝ ලයිෆ් හි කොළඹ පිහිටි මධ්‍යම සම්බන්ධතා මධ්‍යස්ථානය මගින් සියළුම විමසීම් එහි ක්‍ෂණික ඇමතුම් අංකය වන 0112461461 හරහා හසුරුවයි. එසේම සමාගම විසින් අංක 0775776556 හරහා Whatsapp සහ Viber ගිණුම් මගින් විමසුම් ඉදිරිපත් කිරීමේ විකල්පයද ලබාදෙන අතර, සෙලීනා ලෙස නම් කර ඇති අන්තර් ක්‍රියාකාරී චැට්බොට් උපාංගය මගින් සමාගමේ වෙබ් අඩෙවිය හරහා දවසේ පැය 24 පුරාම විමසුම් ඉදිරිපත් කරයි.

2022 වසරේ දී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් මෑතකදී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2023 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව